සිතුවිලි
ගෙවෙන්නේ
මේ සඳෑ යාමයි
අහස
දම් පාටට හුරුයි
අර වලාකුළු හරි බරයි
බිම
වැටෙන පිණි බිඳු හඬයි!
කුරුල්ලෝ
පියඹමින්
යති
කැදලි වෙත ඉක්මණින්
දරු
පැටව් ඇති මග බලන්
පුංචි
කටපොඩි ඇරන්!
කිමද
මේ පද්මයෝ
මුව
පියුම් පෙති තද කරන්
බිම
බලන් තම දුක කියන්
හෙට
හිරු නැගෙයි නොම හඬන්!
අද ඉවර වූවත් කෙමෙන්
හෙට
නව දිනක් පෙර දිගින්
ඇවිත්
ලොව අස් වසන්
යළි
සිනාසෙන හැටි බලන්!
හමන
මදනළ සෙමින්
ගෙනෙන
සත්සර නදින්
නළවමින්
තුරුපත් ළඳුන්
ඇස මදින් මද පියවමින්!
කුමට
විදුලිය පහන්
සඳ බසියි බටහිර දෙසින්
සිතුවිලි ගඟක්
තුළ කිමිදෙමින්
කවි
පද ගොතමි මම සිතින්!
Thanks Daisy S for the image on Unsplash