Thursday, March 26, 2020

Corona the King




You've brought us a hard time,
Hard time for the mankind,
Can't realize where we were all,
Before the beginning of this time.

I can't actually imagine
What a difference you have made?
Oh! you are the ruler, Corona the king,
You have made us to reveal reality.

You have erased the borders,
You have broken the  walls;
Finally you have taught us,
What the 'global village' is.

Corona you are our king now,
Wearing the throne on your head,
All the powerful nations have bowed,
And knelt down before your feet.

You are now ruling the world,
The world that was destroyed by us,
When the world starts to heal,
Dear Corona! can you go back.....

Wednesday, March 18, 2020

COVID 19 - නව කොරෝනා වයිරස් රෝගය




  • COVID 19 බෝවන්නේ කෙසේ ද ?


ප්‍රධාන වශයෙන් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුටය.

1. ආසාදිතයෙකුගෙන් අඩි 6ක පරතයක් ඇතුළත සමීප සබඳතා ඇතිව සිටින කෙනෙකුට.

2. ආසාදිතයාගේ කැස්ස හා කිවිසුම සමග පිටවන ශ්වසන මාර්ග ශ්‍රාවයන් බිඳිති ලෙස ආශ්වාස කිරීමෙන්. මේ බිදිති තොල්, නාසය වැනි තැන්වල තැන්පත් වීමට ද පුළුවන්.


  • කෙනෙක් රෝග ලක්ෂණ නැතුව රෝග බෝකරන කෙනෙකු වෙන්න පුළුවන් ද? 


1. වැඩියෙන්ම රෝගය බෝවන්නේ ආසාදිතයා තදින්ම රෝගීව සිටින විට.

2.රෝග ලක්ෂණ නොපෙන්වා සිටින කෙනෙකුගෙන් රෝගය පැතිරීම ඇතැම් විට විය හැකි බව වාර්තා වී තිබෙනවා.


  • වයිරස අංශු තැන්පත්වූ පෘෂ්ට මගින් බෝවීම සිදුවනවා ද ? 


ඔව්.  වයිරස් සහිත ශ්‍රාවයන් තැවරුණු පෘෂ්ට ස්පර්ශ කර ඒ අත් වලින් නාසය මුඛය, හා ඇස් ස්පර්ශ කිරීමෙන් රෝගය බෝවීමේ ඉඩක් තිබෙනවා.


  • වයිරසය වේගයෙන් පැතිරෙනවා ද ?

ඔව් , පහසුවෙන් හා අඛණ්ඩව පැතිරෙමින් තිබෙනවා. ප්‍රජා පැතිරීම (Community spread) පෙන්වනවා. එනම් යම් රෝගියෙක් නිශ්චිතව දන්නේ නැහැ ඔහු කෙසේ කොහෙන් රෝගී වුණා ද කියලා .

Photo by Ani Kolleshi on Unsplash

තොරතුරු CDCමගින්

Thursday, March 12, 2020

නිරෝධායනය (Quarantine) යනු කුමක් ද ?




යම් පුද්ගලයකු, සත්වයෙකු හෝ පැළෑටි රටකින් රටකට ගෙන යනවා නම් ඒ ග්‍රාහක රට නීති සම්පාදනය කරලා තියෙනවා ඒ අලුතින් ඇතුල්වෙන පුද්ගලයින් ,සත්තු හෝ පැළෑටි යම් කාලසීමාවක් රඳවා ගෙන යම් රෝගකරකයක්, පලිබෝධයක් නැද්ද යන්න තහවුරු කරලා ඊට පස්සේ නිදහස් කරන්න. ඒ සඳහා ස්ථාන සකස් කරලා තියෙනවා. මේ ක්‍රියාවලිය තමයි නිරෝධායනය කියන්නේ.

මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ Quarantine කියලා. එහි තේරුම 'forty days’( quaranta giorni‘  කියන ඉතාලි වදනෙන් බිඳී ආවක් ).ලෝකයේ මෙවැන්නක මුලාරම්භය 14 වන ශත වර්ෂයේ සිදුවී ඇත්තේ මහාමාරිය පැතිරීම වැළැක්වීමේ පියවරක් වශයෙන්. රෝගය තිබු වරාය වලින් වෙනිසියට ලඟා වන නැව් වලින් ගොඩ බැසීමට පෙර දින හතළිහක් නැංගුරම් ලා තබා තිබෙනවා.

මේ සඳහා ලංකාවේ නීතිමය  ප්‍රතිපාදන  සකස් වී තිබෙන්නේ 1897 (වරින් වර සංශෝධන ඇත ) ජාතික නිරෝධායන හා රෝග වැළැක්වීමේ පනත  ඇතුළු පනත් කීපයකින්. නීරෝධායනයට විරුද්ධ වෙන අයට පැනවිය යුතු දඬුවම් ද එහි දක්වා තියෙනවා. ශ්‍රී ලංකාවේ දිගටම පැළෑටි සහ සත්ව නිරෝධායනය කරගෙන ආවා. ඒ සඳහා ආයතන තිබෙනවා. කටුනායක ඇති පැළෑටි නිරෝධායන මධ්‍යස්ථානය එවැන්නක්.

මෙය මිනිසුන්ට අදාළ වන මෑත ඉතිහාසයේ නිදසුන් ලංකාවෙන් නැහැ. තරමක් ඈත අතීතය මෙහෙම දක්වන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ දියතලාව කඳවුරක ජර්මන් සිරකරුවො 150ක් රඳවලා ඉඳලා ඔවුන්ට වසුරිය හැදිලා වැඩි දෙනෙක් මැරිලා තියෙනවා. ඉන් පස්සේ 1863දී වසුරිය සඳහා එන්නත් කිරීම අනිවාර්ය කරලා තියෙනවා.   1897 තමයි නිරෝධායන පනත බලාත්මක කරලා තියෙන්නේ. ඒ අවුරුද්දෙම රාගම ප්‍රථම නිරෝධායන කඳවුරක් පිහිටවල තියෙනවා. ඉන් පසු යාපනය හා දකුණු ඉන්දියාවේ මෙවැනි කඳවුරු පිහිටුවා තිබෙනවා.

 දැන් COVID 19 නිසා නැවත ඉතිහාසය අලුත් වෙමින් ඉදිරියට එනවා.

මෙතෙක් රටක ඉඳලා බීජ, පළතුරු ආදිය නිදහසේ මෙරටට ගේන්න එපා කියන එක ඔබ තේරුම් නොගත්ත නම් ඒ දෙය තේරුම් ගන්නත් මේ හොඳම වෙලාව. අපි සැම මේ COVID 19 ව්‍යසනයෙන් රට බේරා ගැනීමට අපට හැකි පමණින් දායක වෙමු. ඒ සඳහා වගකිව යුතු අංශ අප වෙත ලබාදෙන උපදෙස් මත කටයුතු කරමු.



Photo by L N on Unsplash

Thursday, March 5, 2020

'වයිරස් වයිරස්'



                                                                  Corona Virus

'වයිරස්, වයිරස් 'කිව්වාට මේ දේ ගැන බොහෝ දෙනෙකුට හරි වැටහීමක් නැහැ කියල හිතෙනවා. ඉතින් මේ ගැන යම් අදහක් දෙන්නයි මේ සුදානම. ලෝකයේ ජීවීන් හා අජීවී දේවල් තිබෙන බව ඔබ දන්නවා. ජීවී හා අජීවී අතර තියෙන දෙයක් තමයි වයිරස්.

1. ජීවීන් හැදිලා තියෙන්නේ සෛල කියන කුඩා ඒකක වලින්.
2.ජීවීන්ට ආහාර , වාතය ,ජලය අවශ්‍ය වෙනවා.
3. ජීවීන් හුස්ම ගන්නවා.
4. බහිශ්‍රාවය කරනවා.
5. පැටවුන් බෝ කරනවා, හෙවත් ප්‍රජනනය කරනවා.
6. ජීවී සෛලවල DNA ,RNA දෙකම තියෙනවා.
7. ඒ DNA/RNA  වෙනස්වීම නැත්නම් විකෘති ඇතිවීම සිදු වෙනවා.

හැබැයි වෛරස් වල සෛල කියා දෙයක් නැහැ. තිබෙන්නේ වෛරස් අංශු. වෛරස වල හුස්ම ගැනීමක්, ආහාර ,ජලය ගැනීමක් නැහැ. තිබෙන්නේ එක්කෝ DNA  නැත්නම් RNA .

වයිරස් අංශුව මැද මේ DNA  හෝ RNA  අණුවකුත් ඒ වටා ප්‍රෝටීන කොපුවකුත් තිබෙනවා. සමහර වයිරස් අංශු වලට අමතර ලිපිඩ හා ප්‍රෝටීන වලින් හැදුණු කවරයක් තිබෙනවා. නව කොරෝනා  වලත් ඒ අමතර කවරය තිබෙනවා.

ඉතින් මෙහෙම බැලුවොත් වයිරස් අජීවී. නමුත් වයිරස් වලට ජීවීන්ට තියෙන ලක්ෂණ දෙකක් තියෙනවා.

1. පැටවුන් හදනවා.
2. DNA   හෝ  RNA වල විකෘති ඇතිවෙනවා.

මෙන්න මේ නිසා වෛරස් ජීවී අජීවී අතර ඉන්න සුවිශේෂී දෙයක්.


වයිරස් විනාශ කරන්න පුළුවන් ද ?

ඔව්, වයිරස් අධික තාපයේදීත්, ඇතැම් රසායනික ද්‍රව්‍ය වලිනුත්, සුර්ය විකිරනයෙනුත් විනාශ වෙනවා. හැබැයි ඇත්තටම වයිරස් 'මරනවා' කියල දෙයක්  තියෙන්න බැහැ . ඇයි?මැරෙන්න නම් ජීවත් වෙන්න ඕන.  ඉතින් වයිරස් ජීවත් වෙන්නේ නැහැ නේ ? විනාශ වීමකදී වෙන්නේ ඒවායේ DNA හෝ RNA   විකෘති වීම හා ප්‍රෝටීන් විනාශ වීම පමණයි. 


වයිරස් අපට ලෙඩ හදන්නේ ඇයි ?

වයිරස් තම පැටවූ හදන්න නම් ජීවී සෛලයක උදව් ඕන කරනවා. ජීවී සෛලවලට වයිරස් ඇතුල් වෙනවා. ඒ සඳහා හැකියාව ඒවාට තිබෙනවා. එහෙම ඇතුල් වෙලා ඒ ජීවී සෛලයේ හැම දෙයම අයිති කරගෙන පරපෝෂිතයෙක් වෙනවා. එවිට වෛරසයට පුළුවන් තම පැටව් සිය ගණනක් හදන්න. එහෙම හැදුවට පස්සේ අර ජීවී සෛල විනාශකර ගෙන හැදුණු පැටව් විසිරෙනවා. අර ජීවී සෛලය හෝ සෛල අයිති අය රෝගී වෙනවා. සෛල විනාශ වීම නිසා. අර පැටව් තව අලුත් ජීවීන් ලෙඩ කරනවා. ඉතින් ලෙඩ පැතිරෙනවා.

වයිරස් හරිම කුඩායි. ඒවා මනින්නේ නැනෝ මීටර් වලින්. නැනෝ මීටරයක් සමානයි මීටර් 0.000000001කට. වයිරස් සාමාන්‍යයෙන් නැනෝ මීටර් 20 ත් 400ත් අතර වෙනවා.

වයිරස් වර්ග රැසකුත් වයිරස් රෝග රැසකුත් තියෙනවා. අතීතයේ තිබු භයානක වයිරස් රෝගයක් තමයි වසුරිය. ඒ රෝගය එන්නත් මගින් ලෝකයෙන් තුරන් කෙරුණා 1980 දී. එදායින් තමයි එන්නත් කිරීම නතර කෙරුණේ. මා ඇතුළු ඊට පෙර ඉපදුණු අයගේ බාහුවේ ඉහළ කෙළවරේ මේ එන්නත් ලකුණ තියෙනවා. 

මේ හැර අපට පුරුදු වයිරස් රෝග තමයි පැපොල, සරම්ප, කම්මුල් ගාය, ජර්මන් සරම්ප, පෝලියෝ ,  AIDS වගේ ඒවා.   AIDS ඇර මෙහි කියූ අනික් ඒවාට එන්නත් තියෙනවා.

වයිරස් රෝග දෙවියන්ගේ ලෙඩ ද?

පැපොල ,සරම්ප වගේ රෝග හැදිලා ටික දිනකින් ඉබේ හොඳ වෙනවා. ඉතින් මිනිස්සු හිතුවා ඒවා දෙවියන් කෝප වීමෙන් හැදෙනවා කියලා.

වයිරස් රෝග ඉබේ හොඳ වෙන්නේ ඇයි ?

රෝග කාරක වයිරසය ශරීර ගත වුනහම ක්‍රමයෙන් එය විනාශ කිරීමට දායක වන ප්‍රතිදේහ ශරීරයේ හැදෙනවා. ඒ මගින් රෝගය සුව වෙනවා. මේ වන විට ප්‍රති වයිරස ඖෂධ වර්ග ( Antiviral drugs like Interferon) ද තිබෙනවා. නමුත් ප්‍රතිජීවක වයිරස සඳහා ක්‍රියාත්මක වන්නේ නැහැ. ප්‍රතිජීවක ක්‍රියා කරන්නේ බැක්ටීරියා හා දිලීර රෝග වලට පමණයි.

මෙසේ ඒ ඒ වයිරස් රෝග හැදුනහම ශරීරයේ සෑදෙන ප්‍රතිදේහ සමහර විට මුළු ජීවිත කාලයේම පවතිමින් දෙවෙනි වර එම රෝග සෑදීම වළක්වනවා. එන්නත් මගින් කරන්නේ රෝගය නොහැදීම ශරීරයේ ප්‍රතිදේහ ඇති කරවීම. සමහර වයිරස රෝග වලට නිමි ප්‍රතිදේහම එන්නත් කරන අවස්ථා තියෙනවා. ජලභීතිකාව සහිත සතෙක් සපා කෑ විට හෝ පිටගැස්ම සෑදීගෙන එනවිට එසේ කරනවා.

එන්නතක් නිපදවීමට කාලයක් පර්යේෂණ කරන්න වෙනවා. වයිරස්වල වෙනස් වන සුළු බව නිසා ඇතැම් වයිරස් රෝග සඳහා එන්නත් නිපදවීම අපහසුයි. AIDS හා ඩෙංගු එවැනි රෝග. අද ඇතිවී තිබෙන නව කොරෝනා සඳහාත් එන්නතක් නිපදවීමට මේ වන විට ලොව පුරා පර්යේෂණ දියත් වෙමින් තියෙනවා.