Thursday, September 24, 2020

ආගන්තුකයාගේ මරණය

 



එයා හිටියා නිදාගෙන  බැල්කනියේ 
සමහර දාට නිදාගෙන වගේ හිටියට 
නිදි නෑ ඇත්තටම ,සුපුරුදු කම්මැලි කම 
ඒ ගොල්ලන්ගෙ  ජාතියටම  උරුම.
ආගන්තුකයෙක් වුණාට 
බයවෙලා දිව්වෙත් නෑ 
ලස්සන තැඹිලි පාට පුළුන් ගුලිය 
එයාට මං කතා කළහම 
තඩි බෝල ඇස් ඇරන් 
බලන් හිටියා මුණා දිහාවම 
කෝල බැළුම් හෙළමින්
කන්න නම් ඉල්ලුවේම නෑ 
වෙනදට ආව අය වගේ කවදාවත්ම 
එක එළිවෙන ජාමෙක 
පූස් පොරයක හඬින් හදිසියේ 
ඇහැරුණා මට "බළල්ලු 
පොරකනවනේ ඕක අලුත් දෙයක්ද?" 
වැස්ස වැස්ස අනෝරා වැස්ස 
ගියේ නැහැ උඩ බැල්කනියට  
මල් පැළ නාල තිබුණා වැහි වතුර 
අදයි ආයෙත් උඩට ගියේ  ඒපැත්තට
මල් වලට වතුර ඕනද බලන්න.
අනේ! එයා හිටියා නිහඬව නිසොල්මනේ, 
මැස්සො ගොඩකුත් වටකරගෙන
එදා එළිවෙන ජාමේ එයා තමයි 
අඬන්න ඇත්තෙ තනියම 
මෙලොව හැරපියා යන 
මරණයේ වේදනාවට
කවුද හිතුවේ මේ නැස්පැත්තිය
එයාගෙයි කියල කාත් කවුරුවත් නැතුව 
මිහිදන් වුණා ඒ පුළුන් ගුලිය 
අපේ ගෙයි පිටුපස පුංචි වලක් තුළ 
පින්තූරයක් වත් ගන්න බැරිවෙච්ච හැටි 
එයා හිනැහුණු ඒ දවස්වල. 
  

Friday, September 18, 2020

මගේ ප්‍රථම ඇමරිකානු සංචාරය - 07 Road Trip – Day 04

 



Marby Mill

පසුදින උදෑසන අපි Blue Ridge Parkway   ඔස්සේ ගමන් කරමින් සිටියා. මෙය එක්සත් ජනපද ආරක්‍ෂිත ජාතික උද්‍යාන මාවතක්. එමෙන්ම මෙය All American-Road  ගණයට වැටෙන මාවතක්. ජාතික දර්ශනීය අතුරු මාවතක් මෙසේ සැලකෙන්නේ පහතින් දැක්වෙන අපුර්ව ගුණාංග එකක් හෝ කිහිපයක් එහි අන්තර්ගත වීම නිසයි.ඒවා නම්; පුරාවිද්‍යාත්මක, ඓතිහාසික, සංස්කෘතික,ස්වභාවික,අලංකාරය ගෙන දෙන හා විනෝදාස්වාදය ගෙනදෙන යන ඒවායි.    ඇමරිකාවේ ඇති දිගම පටු (Linear Park)උද්‍යානය වන අතර වර්ජිනියා හා උතුරු කැරොලයිනා කවුන්ටි අතර සැතපුම් 469ක් දුවමින්  Shenandoah ජාතික උද්‍යානය හා Great Smoky Mountain  ජාතික උද්‍යානය යා කරනවා.











ඇපලන්චියන් කඳු වල කොටසක්  වන ප්‍රධාන කඳු දාමයක් වූ  Blue ridge හි කොඳු නාරටිය දිගේයි බොහෝ දුරක්ම  මෙය දිවෙන්නේ. මල් පිපෙන පඳුරු හා පැළෑටිවල වනමල් වලින් වසන්තයේදී මග දෙපස අලංකාරවත් වෙන බව කියවෙනවා. අපි ගියේ ශරත් ඍතුව ආරම්භයේ. ඒ නිසා අලංකාර නේක ශරත් වර්ණයන්ගෙන් ගහකොළ සැරසී සිටියා. පහළ බෑවුම්වල ඕක්, හිකරි,ටියුලිප් වගේ ගස් තමයි බහුල.මැද හරියේ Aescules ගනයේ Horse Chestnut ගස් හා Fraxinus (Common name; Ash ) ගස් තිබෙනවා. උස් කඳු බෑවුම් වලට යනවිට ෆර් ,ස්ප්රුස් වගේ කේතුධර ශාක වලට මාරු වෙනවා.     Blue Ridge Parkway  උමං උමං මාර්ග ගණනාවක් තනා ඇති අතර එකක් වර්ජිනියා වලත් 25ක් උතුරු කැරොලයිනා වලත් තිබෙනවා.

මේ ගමනේදී අපි ටික වෙලාවක් ගත කළ සුන්දරතම ස්ථානයක් නම්  Marby Mill. මෙය Blue Ridge Parkway  දිගේ වර්ජිනියා වල ෆ්ලොයිඩ් කවුන්ටි එකේ 176.2 සැතපුම් කණුවේ පිහිටා තිබෙනවා. මේ කම්හලම විතරක් ගත්තත් මෙතැන විශාල වශයෙන් සංචාරක ආකර්ෂණය දිනා ගත් තැනක්. වටපිටාවත් හරිම සුන්දරයි. කම්හල හරහා දිවෙන පටු මාවත එහි ප්‍රදර්ශනය කර තිබෙන වර්ජිනියා වල අතීත ග්‍රාමීය ජීවිතය විදහා දැක්වෙන ස්ථාන හා යා කෙරෙනවා. ධාන්‍ය ඇඹරුම් හළ, ලී පට්ටලය හා යකඩ කම්මල එයින් කිහිපයක්. Marby Mill පැරණි ජල යන්ත්‍රාගාරයක්. මෙය Edwin Boston Mabry විසින් ඉඳි කරන ලද්දක්. මුලින් එය යකඩ කම්මලක් ලෙස තිබී පසුව ලී ඉරුම් පට්ටලයක් වී තිබෙනවා. 1905 වන විට මෙය ධාන්‍ය ඇඹරුම් හළක් බවට පත්වී තිබෙනවා. 1910 දී වඩාත් නවීකරණය වී ජල බලයෙන් ක්‍රියා කරන යන්ත්‍ර සුත්‍ර මෙහි අන්තර්ගත කර තිබෙනවා. මෙහි ස්වේච්ඡාවෙන් පැමිණ පැරණි විවිධ කර්මාන්ත සංචාරකයන්ට ප්‍රදර්ශනය කරන පිරිස් අපට හමුවුණා. ඒවා නැරඹීමෙන් හා ඔවුන් හා කතාබස් කිරීමෙන් අපි ලැබුවේ ලොකු සතුටක්. එහි ඇති ජල මෝල, පැරණි කර්මාන්ත, හා ඒවා සංචාරකයන්ට පෙන්වා දෙන ස්වේච්ඡා ඇමෙරිකානු වැසියන් පහත රූප වල දැක්වෙනවා. 




























සවස් වනවිට අපි Washington D.C.   වෙත ලඟා වුණා.  එහි Comfort Suit  හි රාත්‍රිය විවේකයෙන් ගත කළා.

Tuesday, September 15, 2020

Angry Mother Nature















Millions of creatures running in fear,
But no escape from the mad wild fire,
Dead bodies lying down here and there,
Stopped my heart and filled eyes with tear,

What have we done for the past few decades?
Happily burning fossil fuel as our wish,
Destroying forests to fulfill our greed needs,
Without thinking anything what would be the next.

Mother nature has borne this cruelty of man,
For years and years she was  in deep silence,
At last her anger burst and  kindled  the fires,
But victims were her lovely innocent creatures,

There will be no future for us if we go at this pace,
That will be the end of this stupid human race,
Without water,without food but if there are only fires,
Let us jump into it and burn like grass hoppers.


Photo by Michael Held on Unsplash




Sunday, September 13, 2020

මගේ ප්‍රථම ඇමරිකානු සංචාරය - 06 Road Trip – Day 03

 













පසුවදා එනම් ඔක්තෝබර් 10 වෙනිදා අපි ගියේ Great Smoky Mountains National Park එකට. එය උතුරු කැරොලයිනා සහ ටෙන්නසි අතර බෝඩරයේ පිහිටා තිබෙනවා. මෙය අපලන්චියන් කඳු වලම උප කොටසක්. මෙහි සරුවට වැඩී තිබෙන වනාන්තර වසර පුරාම වන මල් වලින් පිරී පවතිනවා. දිය ඇළි ,ගංගා දිය පාරවල් ගමන් මග දෙපස අලංකාර කරනවා.

මේ උද්‍යානය 1934 දී විවෘත කර ඇති අතර වසරකට සංචාරකයන් මිලියන 11කට වඩා පැමිණෙන මෙය එක්සත් ජනපදයේ වඩාත් සංචාරකයන් පැමිණෙන ජාතික උද්‍යානය ලෙස ප්‍රචලිත වෙනවා. මෙය අන්තර්ජාතික ජෛව ගෝල රක්ෂිතයක්. ඒ වගේම UNESCO ලෝක උරුමයක් ද වෙනවා. මිසිසිපි ගඟට නැගෙනහිරින් පිහිටි විශාලතම නොඉඳුල් වනාන්තර ලෙස සැලකෙන හෙක්ටයාර 76000ක පමණ භුමි ප්‍රදේශයක් මෙයට අයත් වෙනවා. මෙහි සපුෂ්ප ශාක විශේෂ 1600ක් ඇති අතර එයින් 100කට වඩා දේශික ශාක තවත් 100ක් පමණ ඒක දේශික පඳුරු ශාකද  වනවා. එමෙන්ම දිලීර හා අපුෂ්ප ශාක දහස් ගණනක් වනවා. සත්ව ගහන අතර ක්ෂීරපායි , උරග, උභයජීවී, පක්ෂී හා මත්ස් වර්ග අධික සංඛ්යාවක් වනවා. නැගෙනහිර එක්සත් ජනපදයේ කළු වලස් ගහනය හා සැලමැන්ඩර් ගහනය වැඩිම වන්නේත් මෙහි වීම විශේෂත්වයක්.















මේ වටිනා සම්පත් රැක ගන්නා ගමන්ම ඒවා දෙස් විදෙස් සංචාරකයන් දැක බලා ගන්න වගේම අවශ් අධ්යනයන්හි යෙදෙන්න මේ රට ගෙන ඇති ක්රියාමාර්ග ගැන දුටු විට අපේ රටේ වන සම්පත් දේශපාලන රැකවරණ ලබන කැළෑ පාළුවන් විසින් දිනෙන් දින විනාශ කර දමන හැටි මතක්වී හිතට ඇතිවුණේ දැඩි කණගාටුවක්. 

Smoky නම ඇතිවීමට හේතුව ප්‍රදේශය නිතරම දුමාරයකින් වැසි පවතින නිසා. දුමාරය ඇතිවීමට හේතුව ශාක වලින් පිටවන වාෂ්පශීලී කාබනික ද්‍රව්‍ය බව කියවෙනවා.Great Smoky Mountains ඊසාන දිගින් පිජන් ගඟේ සිට ගිනිකොණ දිග පුංචි ටෙන්නසි ගඟ දක්වා විහිද යනවා. ගංගාවල් කිහිපයකටම ආරම්භය දෙන්නේ මේ කඳු පන්තියි. මෙහි ඇති උසම කඳු ශිකරය  Clingmans  Dome  නම් වෙනවා. එය අඩි 6643ක් උසයි. මෙය ටෙන්නසි වල උසම කන්දයි. මෙහි අධික වාර්ෂික වර්ෂණ ප්‍රතිශතයක් තිබෙනවා. වාර්ෂික වර්ෂාපතනය අඟල් 50-80 දක්වා වෙන අතර ශීත ඍතුවේ විශේෂයෙන්ම උස් කඳු බෑවුම් වල අධික හිම පතනයක් ඇති වෙනවා. වැඩිම උෂ්ණත්වය   10-13 පරාසයේ ඇති අතර අඩුම උෂ්ණත්වය 3-6 අතර වෙනවා. අවුරුද්දට කිහිප වතාවක් හානිකර සැර සුළං ද හමා යනවා.

බොහෝ සංචාරකයන් Great Smoky Mountain  වලට යන්නේ ටෙන්නසි,ගැල්ටින්බර්ග් හරහා උද්‍යානයේ උතුරින් Sugarland’s පිවිසුමෙන්.  ගිනිකොණ දිග නොක්ස්විල්හි US 441 මාවතේ පැයක ධාවනයෙන් මේ පිවිසුමට ලඟා වෙන්න පුළුවන්. ගැල්ටින්බර්ග් නැගෙනහිර ටෙන්නසි වල පිහිටි සංචාරක වශයෙන් ඉතාම කලබලකාරී කඳු නගරයක්. සංචාරකයන්ට අවශ්‍ය නවාතැන්, ආහාර පාන හා අනිකුත් අවශ්‍යතා මෙහි නොඅඩුව තිබෙනවා. මෙහි සිට සැතපුම් දෙකක පමණ කේබල් රථයකින් ‘Smokies’  කඳු මුදුනට යන්න පුළුවන්. ඕනෑම වයසක කෙනෙකුට කිසිම කරදරයක් නැතිව කන්ද තරණය කරන්න පුළුවන් මේ පහසුකම් නිසා. අපි ඒ ආශ්වාද ජනක ගමන ගියා.


















කේබල් කාර් ගමනේදී ගැල්ටින්බර්ග් පෙනෙන හැටි 










උද්‍යානයේ ගහකොළ ශරත් සමයට සැරසිලයි තිබුණේ.  Clingmans Dome හි නිරීක්ෂණ කුළුණට නැග බැලූ විට අවට මනස්කාන්ත දර්ශනය ඇස ගැටෙනවා. ඒ මොහොතේත් සංචාරකයන් විශාල සංඛ්‍යාවක් එහි දකින්න ලැබුණා.

ඒ සුන්දර ගමන අවසානයේ අපි රාත්‍රී නවාතැනට පැමිණියා.


Thursday, September 10, 2020

කදෝපැණියා

 









විදුලිය විසන්ධි විය හදිසියේම  

අඳුරෙහි ගිලුණි මුළු අවකාශයම 

අඳුරු  කුටියේ යහනේ සිට 

බැලුවෙමි සීලිම දෙස.


කදෝපැනියෙකි  සැරිසරණ 

විහිදුවමින් ලාකොළ පාට එළියක් 

පියසරය නැවතුනිය .... 

ඌ දඟලයි එක තැනක 


දල්වා විදුලි පන්දම 

බැලුවා කදෝපැනියට මක් වීද 

මකුළු දැලක පැටලී ඌ 

දඟලයි බේරී යන්නට 


ගෙනවිත් කොස්ස 

ඌ ගෙන බිමට 

ආයා කටුවකින්

 නොරිදෙන්න ඌට 

 

බේරා මකුළු දැල් 

ගත්තා ඌ  අතට 

ඇරලා කවුළු දොර 

යැව්වා ඌ නිදහස් ලොවට 


ඔව්, විදුලිය තිබුණි නම් 

නොදකිමි කදෝපැණිය නුඹ 

ගිණිකන වැටී විදුලි එළියෙන් 

නොදකිමු අපි සැබෑ ලොව.

Wednesday, September 2, 2020

මගේ ප්‍රථම ඇමරිකානු සංචාරය - 05 Road Trip – Day 02

 


ජෝර්ජියා ප්රාන්තය ගැන මං ඔබට තාම විස්තර කළේ නැහැ නේද? ඉන්න පුංචි වෙලාවක් අරන් මං ගැනත් කියන්නම්මෙය එක්සත් ජනපදයේ ගිනිකොණ දෙස පිහිටි ප්රාන්තයක්විශාලත්වයෙන් 24 වන ස්ථානය හිමිකරගන්නා මේ ප්රාන්තය ජනගහණය අතින් ඉන්නේ 8වැනි ස්ථානයේජෝර්ජියාව උතුරෙන් ටෙන්නසි හා උතුරු කැරොලයිනාවටත් ඊසාන දිගින් දකුණු කැරොලයිනාවටත් ගිනිකොණින් අත්ලාන්තික් සාගරයටත් දකුණින් ෆ්ලොරිඩාවටත් බටහිරින් ඇලබාමා ප්රාන්තයටත් මායිම් වෙනවා. එහි අග නගරය ඇට්ලන්ටා නමින් හඳුන්වනවා. මේ ප්රාන්තවල තිබෙන්නේ අධික ආර්ද් උප නිවර්තන දේශගුණික තත්වයක්.

ඔක්තෝබර් 9දා  අපි ජෝර්ජියා මින් මැදුරට ගියා. 2005 වසරේ නොවැම්බර් 23 දින ආරම්භ කරන ලද මේ මින් මැදුර පිහිටලා තියෙන්නේ ඇට්ලන්ටා නගරයේයි. මෙහි ප්‍රධාන ගැලරි 7ක් තුළ දස දහස් ගණනින් සතුන්  ප්‍රර්ශනයට තබා තිබෙනවා. වර්ෂ 2001දී බර්නාඩ් මාක්ස් නම් තැනැත්තෙක් සිය බිරිඳ ද සමග රටවල් 13ක මින් මැදුරු56ක්  නිරීක්ෂණය කරලා, ඇට්ලන්ටා වලට අධ්‍යාපනය හා ආර්ථිකය ප්‍රවර්ධනය කිරීමේ අදහස පෙරදැරි කරගෙන මේ මින් මැදුර නිර්මාණය කරන්න ඩොලර් මිලියන 250ක් පරිත්‍යාග කරලා තියෙනවා. ඉතිරි මුදල් ද විවිධ සහයෝගිතා වශයෙන් ලැබිලා මෙය නිර්මාණය කරලා තියෙනවා. 2005දී විවෘත කරන අවස්ථාවේ මෙය ලෝකයේ විශාලතම මින් මැදුර බවට පත්වී තිබෙන අතර එය වර්ග අඩි 550,000ක් පුරා පැතිරී, ජීවීන්ට වාසය කිරීමට මිරිදිය හා කරිදිය us ගැලුම්8000,000ක් දරා සිටිනවා. මේ වන විට එයට හිමිවන්නේ ලෝකයේ තෙවැනි ස්ථානය වුවත් ඇමරිකාවේ ප්රථම ස්ථානය. ලෝකයේ දැනට ඇති විශාලතම මින් මැදුර වන්නේ චීනයේ ඇති Chime-long Ocean Kingdom වන අතර දෙවැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ සිංගප්පුරුවේ ඇති Marine Life Park මින් මැදුරයි.

 මේ මින් මැදුරේ  නිල පැහැති ලෝහ හා වීදුරු බාහිර පෙනුම විශාල නෞකාවක් රළ අතරින් ඉදිරියට එන ආකාරයක් පිළිබිඹු කරනවා. මෙහි ඇති සත්ව එකතුවේ  වැදගත් සතුන් අතර තල්මස් මෝරා, බෙලුගා තල්මසා,කැලිෆෝනියා මුහුදු අශ්වයා, බෝතල්නාසය ඇති ඩොල්ෆින් හා මැන්ටා මඩුවා ද වනවා. මෙහි ජෝර්ජියා විශ්ව විද්‍යාල වලට සම්බන්ධව පර්යේෂණ කටයුතු ද දියත් වෙනවා. වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති සතුන් සංරක්ෂණයත් සිදුවෙනවා.

මින් මැදුරේ සුන්දරත්වය විඳිමින් අපි සෑහෙන වෙලාවක් ගතකළා. සමහර තැන් වලදී අපිත් මසුන් ,තල්මසුන් සමග එකට ජීවත් වෙන ගතියක් දැනුණා. ජලය පිරුණු විශාල වීදුරු තටාක අපේ හිසට ඉහලින් තිබුණා. ඒවායේ අති විශාල මත්ස්යයින් ඇතුළු ජලජ ජීවීන් පිහිණුවේ අපි අමුතුම ලොවකට පිවිසුණු බවක් සිත් තුල ජනිත කරමින්.











එදා දවස නිමා කරමින් අපි ටෙන්නසි ප්රාන්තය (State of Tennessee) වෙත ළඟා වෙමින් හිටියා.  මේ ප්රාන්තය එක්සත් ජනපදයේ ගිනිකොණ දෙසට පිහිටා ඇති අතර 36 වෙනි විශාලතම ප්රාන්තය. ජනගහනය අතින් 16 වැනි ස්ථානය උසුලනවා. මෙය ප්රාන්ත අටකට මායිම්ව පිහිටනවා. කෙන්ටකි, වර්ජිනියා, උතුරු කැරොලයිනා, ජෝර්ජියා, ඇලබාමා, මිසිසිපි, ආකන්සාස්  හා මිසෝරි ප්රාන්ත අටයි. ඔබට මතකනේ අපි ජෝර්ජියා ඉඳල තමයි ටෙන්නසි වලට ළඟා වුණේ.   මේ ප්රාන්තයේ නැගෙනහිර කොටස අපලන්චියන් කඳු පන්තියෙන් යුක්ත වන අතර බටහිර මායිම මිසිසිපි ගංගාවෙන්  සලකුණු වෙනවා. නාශ්විල් තමයි ටෙන්නසි ප්රාන්තයේ අගනුවර. අපි නවතින්න සැලසුම් කරලා තිබුනේ නොක්ස්විල් නගරයෙහි  හෝටලයක.   අපේ සංචාරයේ තවත් දිනක් මෙසේ අවසානයට ලඟා වෙමින් තිබුණා.