Sunday, January 31, 2021

හොඳම මිතුරා සමග ජීවිත කාලයක් 04 - බිංගෝ ජූනියර්

 












හොඳම මිතුරා සමග ජීවිත කාලයක් 04 - බිංගෝ ජූනියර්

 

අන්තිමට කිව්වේ ජිමී මතකයිනේ? අද මං කියන්න යන ප්රධාන චරිතෙට කලින් තව එක්කෙනෙක් ගැන කියන්න තියෙනවා පොඩි කතාවක්. තමයි බන්ටි. ඇත්තෙන්ම ඊළඟට අපි ලඟට ආවේ ආදරය සොයන් යන බන්ටි. මොකද මං එහෙම කිව්වේ කියල ඔයාල හිතයි. බන්ටිට අයිතිකාරයෙක් හිටිය නිසාත් අයිතිකාරයා එයාට එතරම් සැළකිල්ලක් නොදැක්වුව නිසාත්. අපේ ළමයිත් එක්ක සෙල්ලම් කරන්න බන්ටි ආස වුණා. බන්ටි නිදැල්ලේ , නිදහසේ ජීවත් වූ බව්වෙක්. අපි බස් නැවතුම් පොළට යනකොට අපි සමග පස්සෙන් පාර දිගේම එතෙන්ට එනවා. අපි පිටත් වුණාට පස්සේ ආයේ ගෙදර එනවා. මේ විදියට හිටපු බන්ටිත් මිය ගියේ එයාගේ ජීවිත කාලය ඉවර වෙලා කියල තමයි හිතෙන්නේ. 

මේ විදියට කාලය ගෙවිලා ගියා. එක දවසක් 'තාත්තා ' දරුවන් හා මා පුදුම කරවන දෙයක් කළා. කුඩා රට පුවක් ගෙඩියක් තරම් බව් සුරතලෙක් ගෙදර ගෙනාව එක තමයි . එයා පොමරේනියන් වර්ගයේ පුන් බෝලයක්. හුඟක් අය මේ වචනය කියන්නේ පොමනේරියන් කියල ඒක වැරදියි. තව ලැබ්රඩොර් වලට ලැබ්රඩොග්  කියනවා. ඉතින් අපේ හැටි.

පුළුන් බෝලේ පුටු උඩින් තියල තාත්තා කිව්වා

"අපි මෙයාට නමක් තියමු "

"BINGO" කවුරුත් ඒකමතිකව කැමති වුණා. වචනේ කටට ආවේ  “There was a farmer had a dog, B I N G O was his name O “    සිංදුව මතක් වෙලා.

බිංගෝ පුංචි කූඩුවක් හදන්න අපට සිදු වුණා.   එවකට අපේ වත්ත වටා තාප්පය හා ගේට්ටුව නොතිබුණු නිසා. බිංගෝ අදාළ එන්නත් ලබාදෙන්න මහරගමට යන්න වුණා . එකල ගෙදර අත් උදව්වට හිටිය දැරිය එක්ක බිංගෝ වඩාගෙන බස් පාරට ගිහින් බස් එකේ තමයි එයාව පශු වෛද් ලඟට අරන් ගියේ. කවුරුවත් බාධා කළේ නැහැ.

 

බිංගෝ මාස හයක් විතර වුණා. හුරතල් පුළුන් බෝලේ හරිම සෙල්ලක්ක්කාරයි . ඔහොම ඉන්න අතරේ දවසක් දෝණි බිංගෝ උකුළේ තියන් උන්චිලි පැද්දා. එක පාරටම බිංගෝ කහ පාටට වමනේ දැම්ම. එයින් පස්සේ ඉක්මණින්ම බිංගෝ දුර්වල වෙන්න ගත්තා. කෑම බීම ප්රතික්ෂේප කළා. අමාරුවෙන් සිරින්ජයකින් දියර ස්වල්පයක් පෙව්වා. සමගම වෛද් ප්රතිකාර වලට යොමු වුණා. එකල නිසි වෙලාවට පශු වෛද්යවරුන් හමුවීම ඉතාම දුෂ්කර වුණා.  එන්නත් නිසිකලට දී තිබුණා. එසේ නමුත් බිංගෝ රුධිරය සහිතව මළ පිට කළා. සේලයින් දියර ලබා දීමත් ප්රතිකාර ලබා දීමත් නොකඩවා සිදු කළා. රෝග ලක්ෂණ අනුව මේ රෝගය පාවෝ බව වෛද්යවරිය කිව්වා. අවසානයේ වෛද්යවරියත් ඉතාම ශෝකාකුලව  බිංගෝ දිහා බලන් හිටියා. අවසාන අවාසනාවන්ත රාත්රියේ ප්රතිකාර අවසන් වී ගෙදර ආවා විතරයි, ටික වෙලාවකින් බිංගෝ නැගිට්ටා. යටි ගිරියෙන් බියකරු දුක්බර හඬක් නැගුවා. අපි භීතියටත් ශෝකයටත් පත්වුණා. අපි විතරක් නෙවෙයි අවට බව්වෝ ඔක්කොම සිය සගයාගේ අවසානය බව් ඉවෙන් දැනිලා වගේ ප්රතිචාර දක්වන්න පටන් ගත්තා.

මධ්යම රාත්රිය ලඟා වෙනවත් එක්කම බිංගෝ අවසන් ගමන් ගියේ අප සැම කඳුළු සයුරක ගිල්වමින්. වෙන කොටත් එයාගේ ඇඟේ උණුසුම රැඳිලා තිබුණා. රන්වන් පාට දිග ලෝම එක පාරට කෙලින් වෙලා නැවත සදහටම පුංචි සිරුර මත පතිත වෙනවා අපි බලන් හිටියා. පසුදින උදේ පාන්දරම පුංචි ආදරණීය සිරුර නිවස පිටුපස පස් කැට අතර සැඟවුණා. එදින මා පාසල් ගිය නමුත් වරුවකින් මගේ මිතුරියන්ට මා ගෙදර ඇරලවන්න සිදු වුණේ ශෝකය මුළුමහත් සිත පමණක් නොව ගතද දැඩි ලෙස කෙඩෙත්තුව පත් කර තිබුණු නිසයි

( Thanks to  Alvan Nee for the image on Unsplsh)


Saturday, January 30, 2021

හොඳම මිතුරා සමග ජීවිත කාලයක් - 03 ජිමී

 















හොඳම මිතුරා සමග  ජීවිත කාලයක් 03

මං මීට කලින් හොඳම මිතුරා සමග  ජීවිත කාලයක් 01 හා 02 කොටස්වල අපේ බව් සුරතලුන් දෙන්නෙක් ගැන කිව්වා ඔයාලට මතකද? මං මේ සැරේ කතාව කියන රටාව ටිකක් වෙනස් කරා. හැබැයි මේ කතා අහන්න කැමති බව්,පූස් හුරතලුන්ට කැමති අය විතරයි කියල මං දන්නවා. ඉතින් විස්කි ගෙන් පස්සේ අපේ ගෙදර හුඟක් කාලයක් යනකම් බව් මිතුරෙක් හිටියේ නැහැ. අපේ ජීවිතවල විශාල වශයෙන් වෙනස්කම් සිදුවුණා. අපි මහගෙවල් වලින් බැහැර වුණා. මට ගමරට හැර උසස් අධ්යාපනයට කොළඹ එන්න වුණා. ඉන් පස්සේ විවාහ වුණා. කුලී ඇනෙක්ස් එකක පදිංචි වුණා. ඇනෙක්ස් වරින් වර මාරු කරන්න වුණා. දරුවන් ලැබුණා.

 

අන්තිමට හිටි ඇනෙක්ස් එකේදී , ඔන්න ඔය කාලෙ තමයි අලුත් බව් යාළුවෙක් ආයෙත් අපිට ලං වුණේ. ජිමී. ජිමී සාමාන් දුඹුරු පාට පිරිමි බව්වෙක්. ජිමී අපි අතරට ආවේ අසරණ අනාථ දරුවෙක් විදියට. මේ අතරේ අපි අපේමයි කියල පැල්පතක් හදන්න පටන් ගත්තා. යන්තම් කාමරයක්, හා පැන්ට්රිය විතරක් හදාගෙන අපි අපේ සීමිත ඩු භාණ්ඩ ටිකත් ලොරියක පටවා ගෙන  කුලීනිවැසියන්  ලෙස ජීවත්වීමේ පාපකර්මය සදහටම අවසන් කරමින් ඇනෙක්සීයෙන් පිටත් වුණා. අපිත් එක්ක ජිමීත්, ගිරා සුරතලා වන පෙත්තපුත්    හිටියා  . දෙන්නත් අපිත් දැන් අලුත් ගෙදර සාමාජිකයෝ වුණා. විදුලි බලය හෝ ජල පහසුකම් නැතුව අපි අවුරුද්දකට වැඩිය ගෙය ටිකෙන් ටික ගොඩනගමින් අඩි 50ක් ගැඹුරු ලිඳෙන් කප්පියෙන් දිය අදිමින් ජීවත් වුණා.

 

ජිමී වැඩිය ගේ ඇතුළෙ ඉන්න කැමති බව්වෙක් නෙවේ. එයාට ඉන්න බාගෙට හැදෙමින් තිබුණු කවුරුවත් පදිංචි නැති ගෙවල් අපේ ගේ වටේම තිබුණ. වුණාට කන්න බොන්න හුරතල් වෙන්න සෙල්ලම් කරන්න එයා එනවා. පශු වෛද් පහසුකම් දැන් වගේ අත ළඟ තිබුණේ නැහැ. එන්නත් ගන්න දුර යන්න වෙනවා. ත්රි රෝද රියක යන්න ජිමී හරි ආසයි. ඔහොම ඉන්න අතරේ ජිමී ලෙඩ වෙන්න ගත්තා. වරින් වර සුව වෙනවා, නැවත අමාරු වෙනවා. වෛද් පරීක්ෂණයෙන් අනාවරණය වුණා ජිමීට සුනඛ බරවා රෝගය (Canine Filariasis/Heartworm disease) බව. එයාගේ රුධිර පටලයේ බරවා පණුවන් ඉන්න හැටි වෛද්යවරිය අපට පෙන්නුවා. ප්රතිකාර ආරම්භ කළත් සාර්ථක වුණේ නැහැ. එයාට වරින් වර ෆිට් එකක් හැදෙන්න ගත්තා. එක දවසක් එයා බිම වැටිලා නහයෙන් කටින් සෙම දාගෙන වෙව්ලන්න ගත්තා. අපි හිතුවේ ජිමීගේ අවසානය ළඟා වෙලා කියලා. ළමයි කෑගහන්න ගත්තා. ඒත් ටික වෙලාවකින් එයා යථා තත්වයට පත්වුණා. මං ඔයාලට කියන්නේ ඔයාල බව්වෝ හදනවා නම් මේ රෝගය ගැනත් පරිස්සම් වෙන්න. මේක මදුරුවන් මගින් බෝවන්නේ. මදුරුවා වාහකයා වෙනවා.  මේ රෝගය මිනිසුන්ට හැදෙන බරවා රෝගය නෙවෙයි 

 

මෙසේ වරින් වර ලෙඩ වෙමින් සිටි ජිමී දවසක් අසළ තිබුණු පාළු අඩක් නිමකළ නිවසේ, එයාගේ සුපුරුදු තැනට ගිහින් අවසන් ගමන් ගිහින් හිටියා. අපිට තිබුණු අවම පහසුකම් යටතේ ජිමීට නිසි සැළකිල්ලක් දක්වන්න බැරි වීම ගැන වරෙක සිතට පසුතැවිල්ලක් ඇතුළු වෙනවා. අපිට තාප්ප, හෝ ගේට්ටු තිබුණේ නැහැ. ජිමී බැඳ දමා රඳවා ගන්න අපි කැමති වුණෙත් නැහැ. එයා නිදහසේ හිටියා. අපේ ආදරයේ අඩුවක් වුණෙත් නැහැ. ඔව්, ජිමී ඔයා අපේ සුරතල් බව් මිතුරෙක්.

(Thaks to Taisiia Shestopal for the image on Unsplash)


Friday, January 29, 2021

හොඳම මිතුරා සමග ජීවිත කාලයක් 02 - විස්කි

 











හොඳම මිතුරා සමග ජීවිත කාලයක් 2- විස්කි

 

හොඳම මිතුරන් සමග ජීවිත කාලයක් 1 කොටසේදී මා ඔබට මගේ ජීවිතයට සමීප ප්රථම බව් සුරතලා ගැන දුක්බර අවසානයකින් යුතු කතාව කිවූ බව දැන් අමතකව ගොස් ඇතැයි සිතමි. මගේ ජීවිතයේදී හමුවූ දෙවැනි මිතුරා ගැන කතාවයි මේ.

ටාසන් පසු මගේ ජීවිතයට සමීප වූ මිතුරා විස්කි . ඔහු අද ජර්මන් ෂෙපඩ් නමින් හඳුන්වන එකල අපි ඇල්ශේෂන් ලෙස හැඳින්වූ සුනඛ ප්රභේදයක මිශ්රණයකි. දුඹුරු පැහැති ලෝම සහිත විස්කි තරමක් විශාල ලෙස වැඩුණු ශරීරයකින් යුතු සුරතලෙකු විය. විස්කි අපත් සමග සෙල්ලම් ගෙවල් වල සෙල්ලම් කළේය. අපේ තරගයට දිවීමේ දී හොඳ තරග කරුවෙක් විය.

විස්කි නිවසේ ඉදිරිපස බැඳ සිටින විට මම ඔහුගේ සමීපයේ වැතිර ගනිමින්  ඔහුගේ සිනිදු ලෝමයෙන් ගැවසුණු උණුසුම් කම්මුල් වලට  මගේ කම්මුල් තද කරගෙන උණුසුම විඳගත් ආකාරය අදටත් නොමැකෙන මතකයකි. විස්කි සම්බන්ධ ඊළඟ මතකය ඇත්තේ ඔහුගේ දම්වැලෙහි පැටලී අත්තම්මා ඇදගෙන වැටීමෙන් ඇයගේ උකුල් සන්ධිය විසන්ධි වීමය. දිනය ඉතා අවිවේකි දිනයක් වූයේ අප අසල්වැසි යාබද ඉඩමේ නිවැසි ලොකු මුත්තන්ඩී ගේ අභාවයේ අවසන් කටයුතු එදිනට යෙදී තිබුණු බැවිනි. අත්තම්මා ඇඳ මත වැතිර විලාප නගමින් සිටි අයුරු මට මතකය. රාත්රී වෙද පැමිණ  වෙද මහතෙක් විසන්ධි වූ සන්ධිය ආත්තම්මා මර හඬ නගද්දීම යථා තත්වයට සකස් කළේය.

විස්කි පිලිබඳ ඊළඟ මතකය ඇත්තේ කඳුළුත් සමග මුසුවය. එනම් හදිසියේම සිදුවූ ඔහුගේ අභාවය මගේ සිත බොහෝ සේ කම්පනයට පත් කළ එකක් වීමය. මූසල රාත්රියේ අපි නින්දට පිවිසුණා පමණි. විස්කි අසාමාන් ලෙස විලාපයක් නැගූ බැවින් වැඩිහිටියෝ වහාම දොරවල් ඇර ඔහු සිටි කොරිඩෝවට ගොස් බලන විට දැක ගැනීමට හැකිවී ඇත්තේ අවසන් ගමන් ගොස් සිටි විස්කිය.

විස්කි එයට මද වෙලාවකට පෙර රාත්රී නවයට පමණ සිය සුපුරුදු වත්ත පුරා ඇවිදීමේ කාර්යයේ නිරතවූ අතර එහිදී ඔහුට සර්පයෙකු දෂ්ට කළා වන්නට ඇතැයි යන්න වැඩිහිටියන්ගේ අනුමානය විය. පසු දින අපේ ආදරණීය විස්කිගේ නිසල සිරුරද වත්ත පහළ මිහිදන් කෙරුනේ තවත් මිතුරකුගේ දුක්බර අවසානයක් සිතෙහි සනිටුහන් කරමිනි.

(Thanks to  Lesly Juarez for the image on Unspalsh)

Thursday, January 28, 2021

චාල්ස් ඩාවින් - පරිණාම වාදයේ පියා

 











චාල්ස් ඩාවින් - පරිණාම වාදයේ  පියා

 

1809 පෙබරවාරි 12 දින චාල්ස් ඩාවින් උපත ලැබුවේ, මහා බ්රිතාන්යයේ , Shrewsbury, Shropshire,හි මනා සබැඳියාවකින් හෙබි ධනවත් දෙමව්පියන්ට දාව දරුවන් හය දෙනෙකුගෙන් යුතු පව්ලක  පස් වෙනි දරුවා වශයෙනි.  ළමා චාල්ස් ක්රිස්තියානි හැදියාවකින් යුක්ත වූ නමුත් ඔහුගේ පවුලේ නව අදහස් වලට විවෘත බවක් පැවතියේය. ඔහුගේ මුතුන් මිත්තන්ගේ ගේ සිට යම් යම් රැඩිකල් අදහස් වලට නැඹුරුවක් තිබූ අතර  ඔහුගේ සීයා වන ඉරාස්මස් ඩාවින් නිදහස් චින්තනයෙන් යුත් වෛද් වරයෙකු විය. ඔහු ඉතාමත් විවාද සම්පන්න අදහස් ඉදිරිපත් කර තිබේ. එකල පරිණාමය (evolution) යන වචනය වෙනුවට භාවිත  වුයේ පරිවර්තනය (transmute) යන්නයි. ඔහු විසින් පළ කරන ලද 'Zoonomia 'නම් ග්රන්ථයේ  එක් විශේෂයක් තවත් එකකට පරිවර්තනය (transmute ) විය හැකිය යන රැඩිකල් විවාදාපන්න අදහස ඉදිරිපත් කර තිබුණි.

සිය පියා මෙන්ම සීයා ගේ අඩි පාරේ යමින් චාල්ස් ඩාවින් වෛද් විද්යාව හැදෑරීම සඳහා Edinburgh විශ්ව විද්යාලයට ඇතුල් විය.  නමුත් නිර්වින්දන ක්රම නොදියුණුව පැවති අවදියේ සැත්කම්වල අමානුෂික බව දුටු චාල්ස්ට වෛද් විද්යාව හැදෑරීම සිත් ගත්තේ නැත. නමුත් Edinburgh විශ්ව විද්යාලය විද්යාව හැදෑරීම සඳහා බ්රිතාන්යයේ එවකට තිබූ හොඳම විශ්ව විද්යාලය විය. අනිකුත් ප්රසිද්ධ විශ්ව විද්යාලවල නොතිබුණු ආකාරයේ රැඩිකල් නිදහස් අදහස් වලට එහි තැනක් තිබූ අතර එහි පැවැත්වූ පරිණාමය පිලිබඳ දේශන ගැන ඔහුට අසන්නට ලැබී තිබුණි.

වෛද් වරයෙකු වීමේ අදහස අත හැරි ඩාවින් පල්ලියේ වෘත්තියකට යොමුවී ගැන අධ්යනය සඳහා කේම්බ්රිජ් විශ්ව විද්යාලයට ඇතුල් විය. දෙවියන් පිලිබඳ විශ්වාසය ඔහු තුළ තිබූ නමුත් ඔහුගේ ලැදියාව යොමුවී තිබුණේ වෙන අංශයක්  කෙරෙහිය. එනම් ජීව විද්යාව ඔහු සිත පැහැර ගෙන තිබූ අතර පුජකයෙකු වීමෙන් අමතර කාලයක් ජීව විද්යාව වෙනුවෙන් ගත කල හැකි වීම ඔහුට වාසියක් විය. ඔහු කුරුමිණියන් එකතු කළේය. අවසානයේ  ආගමික පූජකයෙකු ලෙස පත්වීමට පෙර 1831 දී ඔහු උපාධිය ලැබීය. ජීවිත කාලයේ ලැබිය හැකි මහඟු වරප්රසාදයක් ඔහු වෙත ළඟා වෙමින් තිබුණේය. කේම්බ්රිජ් හි ඩාවින්ගේ ගුරුවරයා ඔහු ලොව වටා චාරිකාවක් ඇරඹීමට නියමිත බීගල් නෞකාවේ 'මහත්මා ස්වභාව විද්යාඥයා ' (Gentleman Naturalist) ලෙස නිර්දේශ කර තිබුණි. එළඹුණු අවුරුදු පහ තුළ ඩාවින්  නිදර්ශක එකතු කරමින්, ස්ථානීය භූ ගර්භ තත්වයන් ගවේෂණය කරමින් මහද්වීප හතරක සංචාරයෙහි යෙදී තිබුණේය. අතර ඔහුට කියවීමට හා ආවර්ජනය කිරීමට වෙලාවත් ලැබුණේය. ලඟදි ප්රකාශයට පත්ව තිබු චාල්ස් ලයෙල් ගේ  'Principles of Geology ' ඔහු කෙරේ විශාල බලපෑමක් ඇති කළේය. එහි තිබුණු කරුණු අනුව විශාල කාල පරාසයක් තුළ සෙමින් සිදුවෙමින් පවතින වෙනස්කම් පිලිබඳ ඔහුගේ සිතුවිලි අවදි විය.

එමෙන්ම මේ අතර ඩාවින් ප්රභල ලෙස මුහුදුයන්නන්ගේ රෝගය (Sea sickness  ) නිසා පීඩා වින්ද අතර එතැන් සිට ජීවිතය   රෝග පීඩා සමග ගෙවීමට සිදුවිය. 1835 දී දකුණු ඇමරිකාවෙන් පිටත්වූ බීගල් නෞකාව ඉක්වදෝර වෙරළේ සිට සැතපුම් 600ක් දුරින් පිහිටි ගැලපගොස් දුපත්වල සති පහක කාලයකට නැංගුරම් ලෑවේය. ගැලපගොස් (  Galapagos Archipelago ) යනු එකිනෙකට සුවිශේෂී වූ භූමි දර්ශන වලින් යුත් කුඩා දූපත් සමුහයකි. ඔහු එහිදී  finches  නම් කුඩා පක්ෂීන් ගැනද, ඉබ්බන් හා මොකින්ග් පක්ෂීන් (Mockinbirds)ගැනද අධ්යනය කළ නමුත් අවසාන නිගමනයකට පැමිණීමට තරම් කරුණු නොවුයෙන් එසේ කළ නොහැකි විය. නමුත් තොරතුරු හා නිරීක්ෂණ එකතුකිරීම අනවරතව සිදුවිය.

1835 දී නැවත මව්බිමට පැමිණි ඩාවින් තමා සොයාගත් කරුණු සමකාලීන ජීව විද්යාඥයන්ට පෙන්වා සිය සංචාරය ගැන ප්රථම ලියවිල්ල ආරම්භ කළේය. ඉතා ප්රභල ප්රභාමත් අදහසක් ඔහුගේ සිතෙහි පැන නැගුණි. පරිවර්තනය (Transmutation ) සිදුවන්නේ කෙසේදැයි ඔහු දුටුවේය. තම පරිසරයට ගැලපෙන ජීවිහූ දිගු කලක් ජීවත් වන අතර වැඩි දරුපරපුරක් ඇති කරති. 'ස්වාභාවික වරණය 'යනුවෙන් ඔහු හැඳින්වූ ක්රියාවලියක් මගින් පරිණාමය සිදුවිය. ඔහුගේ ක්රිස්තියානි විශ්ව දර්ශනයත් සමග මේ අදහස ඝට්ටනය විය. ඔහුගේ සීයා විසින් පරිවර්තනය (transmutation) පිලිබඳ දරන ලද අදහස් මත සිදුවූ සමාජයෙන් නෙරපා හැරීමේ ඉරණමට තමන් පත්වෙතැයි ඔහු බිය විය. එබැවින් මේ අදහස ප්රසිද්ධියට පත් කිරීමට පෙර තවත් සාක්ෂි  එකතු කිරීමට ඔහු තීරණය කළේය. අතරම ඔහු ඔහුගේ සංචාරය පිලිබඳ විස්තර ප්රකාශයට පත්කර සමාජයේ නම රැඳවිය.

1851දී ඩාවින්ගේ දස හැවිරිදි දියණිය ඈන් මිය ගියාය. ඩාවින් රෝගී බවට පත්විය. සිය බිරිඳ වන එමාගේ සාත්තුව යටතේ ඔහු නිවසට වී කල් ගත කළේය. ඔහුගේ රෝග තත්වයන් ගැන විවිධ මත පළවී තිබේ. සමහරුන්ට අනුව එය නිවර්තන රෝගයකි. සමහරුන්ට අනුව කාංසාව සමග මුසුවූ මානසික -කායික තත්වයකි. ඔහුගේ නව වාදය ප්රකාශයට පත්කරන කාලය වන විට රෝග තත්වය උග් වී තිබුණි.

1858 (ජුනි) ග්රීෂ්ම ඍතුව වනවිට ඩාවින් පරිණාමය ගැන වචන මිලියන කාලක් පමණ ලියා තිබුණු නමුත් කිසිවක් ප්රකාශයට පත්ව නොතිබුණි. එක්තරා ලිපියක් ඔහුට සිය අදහස් ප්රකාශ කිරීමට බලකර සිටියේය. ලිපිය වොලස් ගෙනි. ඇල්ෆ්රඩ් රසල් වොලස්, ඩාවින් විසින් අගය කළ කෙනක් විය. බීගල් සංචාරයෙන්  ඇතිවූ පෙළඹවීමෙන් වොලස් සංචාරය ඇරඹීය. ඔහුද ස්වායත්තව ස්වාභාවික වරණය මගින් පරිණාමය සිදුවන බවට නිගමනයට පැමිණ එය ප්රකාශ කිරීමට ඩාවින්ගේ උපදෙස් පැතීය. ඩාවින්ට  තමාගේ සොයාගැනීම් ඉක්මණින් ප්රකාශ නොකළහොත් වොලස් එහි කීර්තිය ලබාගනු ඇතැයි කල්පනා විය. නමුත් වොලස් සිටියේ විදේශ ගතව බැවින් මුණ ගැසීමට නොහැකි විය. ඩාවින් තුළ මහත් දෙගිඩියාවක් ඇති විය. සාධාරණ ලෙස වොලස් සැළකිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව බලවත් වේදනාවක් ඇති විය.

1858 ජූලි මාසයේ දී වොලස් ටද කීර්තිය එන ආකාරයට ඩාවින් තම පරිණාමය පිලිබඳ ස්වාභාවික වරණ වාදය ප්රකාශයට පත් කළේය. ඔහුගේ අදහස් ඉදිරිපත් කරන ලද්දේ බ්රිතාන්යයේ ප්රකට විද්යා සංගමයක් වන ලිනේයන් සංගමයටයි.  සමකාලීනයන් සමග සාකච්ඡා කර ඩාවින් හා වොලස් දෙදෙනාගේම පර්යේෂණ පත්රිකා එකම රැස්වීමේ දී ඉදිරිපත් කිරීමට තීරනය කරන  ලදී.  වොලස් ආපසු පැමිණි විට ඩාවින් විසින් තමාට සාධාරණය ඉටුකර ඇතිබව පිළිගත්තේය. නමුත් ඩාවින්ට තම ඉදිරිපත් කිරීම මග හැරුණි. ඔහුගේ මාස 18ක් වයසැති පුතා ස්කාලට් උණ රෝගයෙන් මිය ගිය බැවිනි.

අවසානයේ  සැක සහිත සිතින් වුවත් 1859 නොවැම්බර් මාසයේ ඩාවින් තම වාදය ප්රකාශයට පත් කළේය. මෙතෙක් ලෝකයේ බිහිවූ එක්  අග්රගණ් ග්රන්ථයක් වන එය 'ස්වාභාවික වරණය මගින් නව විශේෂ බිහිවීම '(Origin of Species by means of Natural Selectin) යන  ඓතිහාසික ග්රන්ථයයි.

එය ලිවීම 'අපායේ  ජීවත් වීමක් 'බඳු යයි ඔහු සඳහන් කර තිබේ. ඔහුගේ සීයා වන ඉරාස්මස් සිදුවුවා මෙන් සමාජයේ පිළිගැනීම තුරන්වීමේ බිය, පල්ලියෙන් හා මාධ්යයෙන් එන විවේචන ඔහු කරා හඹා ආවේය. ඩාවින් විසින් කර තිබුණේ යම්තම් ඇඟවීමක් නමුත් මිනිස් වර්ගයා වානරයන් (apes ) ගෙන් පැවත එතැයි යන ඔහුගේ පොතෙහි වූ  මුඛ් අදහස බොහෝ දෙනා සලිත කරවීය. නමුත් බොහෝ දෙනා පසුව ඩාවින් වැනි ප්රතිරූපයක නායකත්වය මත පරිණාමය පිලිබඳ සාක්ෂි සෙවීමට උනන්දු වූහ.

1860 වන විටත් වාදය පිලිබඳ අදහස් ප්රසිද්ධියේ දැක්වීමට ඩාවින් පසුබට විය. තෝමස් හස්ක්ලි නම් තරුණ විද්යාඥයා සඳහා ඉදිරිපත්වී සටන ඉදිරියට ගෙන ගියේය. නොයෙකුත් වාද විවාද සමාජය තුළ බහුල විය. මේවායින් පෙන්නුම් කරන ලද්දේ ඩාවින් ගේ අදහස් විසින්  කොතෙක් වික්ටෝරියානු සමාජය හෙල්ලුම් කවා  ඇත්ද යන්නයි.

 

ළඟ ඥාතීන් අතර විවාහ ඇතිවීම මගින් දරුවන් බිහිකිරීම පිලිබඳ අවවාද රැගත් ප්රකාශයක් ඔහුගේ අප්රකට උද්භිද විද්යාව පොතක සැඟවී තිබුණි. ඔහු තම විවාහය ගැනද කණගාටු විය. ඔහු හා විවාහ වූ තම ඥාති සොයුරිය දරුවන් දස දෙනෙකු ලැබූ අතර ඩාවින් පවුල කෙරෙහි කැපවූ පියෙකු විය. නමුත් මේ යුවලට වනවිටත් දුවක හා පුතුන් දෙදෙනෙකු අහිමිව තිබූ අතර තවත් කිහිප දෙනෙක් රෝගීව පසු වුහ. ඕකිඩ් වර්ග ස්ව පරාගනය වූ විට ලැබෙන දුහිතෘ පැළෑටි වඩා අසාර්ථක වන බවත් ඔහුගේ පවුලට සිදුවී ඇත්තේත් එසේ වීමේ ගැටළුව  බවත් ඔහු දැන සිටියේය. ළඟ ඥාතීන්ගේ විවාහය පිලිබඳ (  marriage between cousins ) මේ ප්රශ්නය 1871දී ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේ එය ප්රතික්ෂේප විය.  වික්ටෝරියා රැජන සිය මස්සිනා සමග විවාහ වූවාය. මෙය ඩාවින් විසින් තවත් චාරිත්රයක් අභියෝගයට ලක් කළ අවස්ථාවක් විය.

ජීවයේ සම්භවය කෘතිය වඩාත් විකිණෙන පොත බවට පත්වූ අතර නව ප්රකාශ විශාල වශයෙන් ඇතිවිය. අලුත් ප්රකාශන වල ඩාවින් තව දුරටත් තම අදහස් සඳහා වඩාත් ප්රභල සාක්ෂි ඇතුළු කළේය. පස් වන ප්රකාශනයේ හර්බට් ස්පෙන්සර් නම් දර්ශනිකයාගෙන් ගෙන් ලබාගත් 'උචිතෝන්නතිය ' යන අදහස ඇතුළත් කළේය. මේ වාක් ඛණ්ඩය ඩාවින්ගේ අදහස සම්පිණ්ඩනය කිරීමකි. ‘ස්වභාවික වරණය’ යන ඛණ්ඩයේ එන යම්කිසි දිව්යමය බලයකින් යමක් තෝරනවා වැනි අදහසඋචිතෝන්නතිය 'යන ඛණ්ඩය තුළින් කියවෙන්නේ නැත.  ඩාවින් මේ වනවිට තමා අඥේයවාදියකු ලෙස හඳුන්වා ගත්තේය. මෙය හක්ස්ලි ගේ අදහසකි.

ජීවයේ සම්භවය පළකර දශකයකටත් වඩා කල් පසුවී ඔහු යන්තම් ඇඟවූ දේ සවිස්තරව ප්රකාශ කිරීමට  ඩාවින් ධෛර්යමත් විය.   මානවයාගේ පරිණාමය පිලිබඳ  සැකයෙන් තොර අදහස් ගැබ්වූ 'මානවයාගේ වංශානුක්රමය ' ('The Descent of Man') නම් ග්රන්ථය පළකිරිමෙනි.  මේ වන විට ඩාවින්ගේ අදහසට පිළිගැනීමක් ඇතිවී තිබූ අතර වික්ටෝරියානු සමාජය මේ වා නරයින්ගෙන් මානවයා පරිණාමය විය යන අදහස මගින් දෙකඩ වී තිබුණි. නමුත් බොහෝ වැදගත් චින්තකයෝ ඩාවින් වාදීන් බවට පත්ව සිටියහ.

රෝගී තත්වයන්ගෙන් පෙළුණේ වී නමුත් ඔහු දින දිගටම වැඩ කළේය. අවසානයේ,  1882 අප්රේල් 19 දින යෝගියෙකු පරිද්දෙන්  සිය බිරිඳ හා හිතවත් මිතුරන් කීප දෙනෙක් සමීපයේදී ඔහු මිය ගියේය. ආගමික මතවාදයෙන් විරසක වුවද අවසාන මාස කීපයේ ඩාවින් ආදරයෙන් රැකබලාගන්නා ලද්දේ එමා විසිනි. අවසානය ලඟා වූ බව වැටහෙත්ම, ඔහු ඔහුගේ නිවස සමීපයේ  සොහොන් බිම 'මේ පෘථිවිය මත මිහිරිම ස්ථානය 'ලෙස හැඳින්විය. නමුත්  හක්ස්ලි ඇතුළු ඔහුගේ ස්ථිර සාර අනුගාමිකයෝ  උසස් තත්වයෙන් සළකා ඔහුගේ දේහය වෙස්මිනිටර් ඇබේහි මිහිදන් කළහ.

(BBC Tech ඇසුරිනි)

 (Thanks to Joel M Mathey for the image on Unsplash)