නින්ද
හිත
දුවයි එක එල්ලයක් බලාගෙන
ඈත එපිට අවකාශයෙන් ඉහළට
කඳු
ශිඛර, මහ මුහුදු
තැනිතලා,
ඝන කැලෑ
තරණය
කර
කිසි
මහන්සියක් නැතුව
පහළොස්වන
පැයෙත්
නින්ද
නොඑයි හිතට
සඳ නින්දට ගොසින්
ගොරවන
හඬ ඇසේ ඕසෙට
තරු
ද අඩවන් නෙතින්
ඉඟි
කරයි නිදි බරව
බටහිර
කවුළු දොරින්
“ඇයි
මේ ඇහැරගෙන?”
අහන්න
වගෙයි ඒ බැල්ම
බූ වල්ලකින්
තලාදමලා වගෙයි
වේදනා දෙයි
ගත
සිතට එන්නැති
නින්ද
එළිවන පැයේ
ඇවිත් තිබුණා
ගතට.
No comments:
Post a Comment