Sunday, January 3, 2021

සිතුවම්

 










සීගිරි ගලේ සිතුවම්,

අජන්තා බිතු සිතුවම්,

දනෝ ලොව සැමතින්,

පැමිණ නරඹති බොහෝ සතුටින්.

 

කුරුටු ගී ලියවෙයි ,

කවි පද වැල් ලියවෙයි,

සැමතැන කතා වෙයි,

දින දින අගය වැඩි වෙයි.

 

රහසින් ඇඳුණු මනරම්,

මේවා ද බිතු සිතුවම්,

බිත්ති මත ඇඳුනෙන්,

පින්තූරයක් විතරයි දැන්.

 

පුංචි සුරතින් ඇඳුණු,

සුන්දර කතා කියැවුණු,

සිනා හඬ පිරුණු,

සිතුවම්ය මන බැඳුණු.

 

බිත්තිය අලුත් වෙයි

සිතුවම් මැකීගෙන යයි

සිත පුවරුවක් වෙයි

සිතුවම එහි සුරැකි වෙයි

 

මේ සිතුවම් සදා

රැඳී සිත තුළ කිමිදා

ආදරය සැමදා

දුන්න අත්පොඩි අද කොයින්දා


No comments:

Post a Comment