Thursday, January 7, 2021

නාට්ටිය

 









නාට්ටිය

 

නැටුම් මැඩම් තෝරගත්තෙ

මං පළතුරු වෙළෙන්දිට

හතර වසරේ නාට්ටියට

 ජාඩි වෙළෙන්දා රමණි


වාරේ ඉවර වෙලා

ප්රසංගයක් තියන්නටලු

අපි පුරුදු වුණා නාට්ටිය

වේදිකාවෙ  දින දෙකක්ම

 

“පළතුරු පළතුරු

ගුණදෙන පළතුරු

ඇඟට ගුණයි ලාබයි

මේ පළතුරු”

 

ජාඩි ජාඩි හරිම රසයි

එන්න මැණිකෙ  මෙන්න ගන්න

කන්නට පුළුවන් එක හුස්මට

ලොකුවට  බත් පිඟානක්ම

 

ගෙදර ගිහින් එදා හවස

ගේ මිදුලේ වේදිකාවෙ

මම පළතුරු වෙළෙන්දි වී

මල්ලිට දී ජාඩි මල්ල

 

"මේ ළමයා හරි කෙට්ටුයි නේ මිස්

පළතුරු වෙළෙන්දි කෙට්ටු වෙන්න බෑ

එතකොට අපි දෙන පණිවිඩෙ

හරියට මේකෙන් කියවෙන්නේ නෑ "

 

ලොකු මැඩම්ගෙ

අදහස ළඟ නැටුම් මැඩම්

අසරණ වි බලා හිටියෙ

හිස් බැල්මෙන්

මුකුත් කියන්නේ නැතුවම

 

" රමණි  හරි මහතයිනේ

උසත් ටිකක් වැඩියි  වගේ

ජාඩි වෙළෙන්දා මහතට

හිටියම එය හරි නැහැනේ "

 

නැටුම් මැඩම් ඔළුව වැනී

වේදිකාවෙ තිර ඇදුණි

නාට්ටියත් ඉවර වුණි

යාව ජීව වේදිකාව

එයින් පස්සෙ ගෙදර වුණී

 

Thanks to Christoffer Zackrisson for this lovely photo on Unsplash

 

 

 


No comments:

Post a Comment