Sunday, January 10, 2021

බතල

 









බතල

 

බෙල් එක ගැහුවා

වතු වැඩ වෙලාව

ඔක්කොම එළියට

පේළි හදාගෙන

 

වගා බිමේ දැන් ඔක්කොම

අද තියෙන්නෙ ළමයි ඔන්න

බතල වගාවයි කරන්න

දැන් හැමෝම අහන් ඉන්න

 

බතල හොඳයි ඇඟට ගුණයි

උදේ කෑමකට කදිමයි

ඇග්රි මැඩම්ගේ කටහඬ

දෝංකාර දෙයි හැම තැන

 

“බතල දඬු ටික කපල ගනිමුද

මෙන්න මේ පොඩි පිහිය අරගෙන”

මේක අහලා රමණි ගැස්සුව

රව රවා ඇගෙ මුහුණ පිම්බුව

 

"කොලෙජ් එකට ඩැඩී මාව

එවන්නෙ වතු වැඩට නෙමේ

පිස්සු බතල හිටවිල්ලක්

මගේ අතේ මඩ ගෑවෙයි

කවුද අනේ බතල කන් නෙ

අපෙ ගෙදරට නෑ ගෙනෙන්නෙ "

 

"සීය එක්කල බතල හිටවල

හොඳට පුරුදුයි මගේ අත්දෙක

කෝ දෙන්න ටීචර් පිහිය මට

මං කපන්නම් හරිම ගණනට"

 

"චන්ද්රිකා මේ උදැල්ලෙන් දැන්

කොටල ඔය පොළොවත් හදන්නකො

මෙන්න මේ විදියට බතල දඬු

පස් වලට යටකර තලන්නකො" 

 

"බතල හිටවල වතුර දාලා

ඔක්කෝම දැන් වැඩත් ඉවරයි

අතුත් හෝදල බඩුත් හෝදල

පේළියට පන්තියට යන්නකො"

 

පාසලෙන් අස් වෙලා බෝකල්

ලොකු ගැහැණු වී රට පුරා අපි

කලාතුරකින් හම්බ උනහම

ටිකක් ගිය කතා දොඩනව

 

අද උදේ මට රමණි හමු වුණි

ටවුමේ මාකැට්ටුවට  අවුදින්

එයාගේ එළවළු කූඩෙ මම

දැක්ක තියෙනව බතල ගොඩකුත්


No comments:

Post a Comment