හොඳම
මිතුරා සමග ජීවිත කාලයක්
04 - බිංගෝ ජූනියර්
අන්තිමට
කිව්වේ ජිමී මතකයිනේ? අද
මං කියන්න යන ප්රධාන
චරිතෙට කලින් තව එක්කෙනෙක් ගැන
කියන්න තියෙනවා පොඩි කතාවක්. ඒ
තමයි බන්ටි. ඇත්තෙන්ම ඊළඟට අපි ලඟට
ආවේ ආදරය සොයන් යන
බන්ටි. මොකද මං එහෙම
කිව්වේ කියල ඔයාල හිතයි.
ඒ බන්ටිට අයිතිකාරයෙක් හිටිය නිසාත් ඒ අයිතිකාරයා එයාට
එතරම් සැළකිල්ලක් නොදැක්වුව නිසාත්. අපේ ළමයිත් එක්ක
සෙල්ලම් කරන්න බන්ටි ආස වුණා. බන්ටි
නිදැල්ලේ , නිදහසේ ජීවත් වූ බව්වෙක්. අපි
බස් නැවතුම් පොළට යනකොට අපි
සමග පස්සෙන් පාර දිගේම එතෙන්ට
එනවා. අපි පිටත් වුණාට
පස්සේ ආයේ ගෙදර එනවා.
මේ විදියට හිටපු බන්ටිත් මිය ගියේ එයාගේ
ජීවිත කාලය ඉවර වෙලා
කියල තමයි හිතෙන්නේ.
මේ විදියට කාලය ගෙවිලා ගියා.
එක දවසක් 'තාත්තා ' දරුවන් හා මා පුදුම
කරවන දෙයක් කළා. කුඩා රට
පුවක් ගෙඩියක් තරම් බව් සුරතලෙක්
ගෙදර ගෙනාව එක තමයි ඒ.
එයා පොමරේනියන් වර්ගයේ පුන් බෝලයක්. හුඟක්
අය මේ වචනය කියන්නේ
පොමනේරියන් කියල ඒක වැරදියි.
තව ලැබ්රඩොර් වලට ලැබ්රඩොග්
කියනවා. ඉතින් ඒ අපේ හැටි.
පුළුන්
බෝලේ පුටු උඩින් තියල
තාත්තා කිව්වා
"අපි
මෙයාට නමක් තියමු "
"BINGO" කවුරුත්
ඒකමතිකව කැමති වුණා. ඒ වචනේ කටට
ආවේ “There was a farmer had a dog, B I N G O was
his name O “ සිංදුව මතක්
වෙලා.
බිංගෝ
ට පුංචි කූඩුවක් හදන්න අපට සිදු වුණා.
ඒ එවකට
අපේ වත්ත වටා තාප්පය
හා ගේට්ටුව නොතිබුණු නිසා. බිංගෝ ට අදාළ එන්නත්
ලබාදෙන්න මහරගමට යන්න වුණා . එකල
ගෙදර අත් උදව්වට හිටිය
දැරිය එක්ක බිංගෝ වඩාගෙන
බස් පාරට ගිහින් බස්
එකේ තමයි එයාව පශු
වෛද්‍ය ලඟට අරන්
ගියේ. කවුරුවත් බාධා කළේ නැහැ.
බිංගෝ
ට මාස හයක් විතර
වුණා. හුරතල් පුළුන් බෝලේ හරිම සෙල්ලක්ක්කාරයි
. ඔහොම ඉන්න අතරේ දවසක්
දෝණි බිංගෝ උකුළේ තියන් උන්චිලි පැද්දා. එක පාරටම බිංගෝ
කහ පාටට වමනේ දැම්ම.
එයින් පස්සේ ඉක්මණින්ම බිංගෝ දුර්වල වෙන්න ගත්තා. කෑම බීම ප්රතික්ෂේප කළා. අමාරුවෙන් සිරින්ජයකින්
දියර ස්වල්පයක් පෙව්වා. ඒ සමගම වෛද්‍ය ප්‍රතිකාර
වලට යොමු වුණා. එකල
නිසි වෙලාවට පශු වෛද්යවරුන්
හමුවීම ඉතාම දුෂ්කර වුණා. එන්නත්
නිසිකලට දී තිබුණා. එසේ
නමුත් බිංගෝ රුධිරය සහිතව මළ පිට කළා.
සේලයින් දියර ලබා දීමත්
ප්රතිකාර ලබා දීමත් නොකඩවා
සිදු කළා. රෝග ලක්ෂණ
අනුව මේ රෝගය පාවෝ
බව වෛද්යවරිය කිව්වා.
අවසානයේ වෛද්යවරියත් ඉතාම
ශෝකාකුලව බිංගෝ
දිහා බලන් හිටියා. ඒ
අවසාන අවාසනාවන්ත රාත්රියේ ප්රතිකාර අවසන් වී ගෙදර ආවා
විතරයි, ටික වෙලාවකින් බිංගෝ
නැගිට්ටා. යටි ගිරියෙන් බියකරු
දුක්බර හඬක් නැගුවා. අපි
භීතියටත් ශෝකයටත් පත්වුණා. අපි විතරක් නෙවෙයි
අවට බව්වෝ ඔක්කොම සිය සගයාගේ අවසානය
බව් ඉවෙන් දැනිලා වගේ ප්රතිචාර
දක්වන්න පටන් ගත්තා.
මධ්යම රාත්රිය
ලඟා වෙනවත් එක්කම බිංගෝ අවසන් ගමන් ගියේ අප
සැම කඳුළු සයුරක ගිල්වමින්. ඒ වෙන කොටත්
එයාගේ ඇඟේ උණුසුම රැඳිලා
තිබුණා. රන්වන් පාට දිග ලෝම
එක පාරට කෙලින් වෙලා
නැවත සදහටම ඒ පුංචි සිරුර
මත පතිත වෙනවා අපි
බලන් හිටියා. පසුදින උදේ පාන්දරම ඒ
පුංචි ආදරණීය සිරුර නිවස පිටුපස පස්
කැට අතර සැඟවුණා. එදින
මා පාසල් ගිය නමුත් වරුවකින්
මගේ මිතුරියන්ට මා ගෙදර ඇරලවන්න
සිදු වුණේ ශෝකය මුළුමහත්
සිත පමණක් නොව ගතද දැඩි
ලෙස කෙඩෙත්තුව ට පත් කර
තිබුණු නිසයි
( Thanks to Alvan Nee for the image on Unsplsh)
No comments:
Post a Comment