Friday, January 29, 2021

හොඳම මිතුරා සමග ජීවිත කාලයක් 02 - විස්කි

 











හොඳම මිතුරා සමග ජීවිත කාලයක් 2- විස්කි

 

හොඳම මිතුරන් සමග ජීවිත කාලයක් 1 කොටසේදී මා ඔබට මගේ ජීවිතයට සමීප ප්රථම බව් සුරතලා ගැන දුක්බර අවසානයකින් යුතු කතාව කිවූ බව දැන් අමතකව ගොස් ඇතැයි සිතමි. මගේ ජීවිතයේදී හමුවූ දෙවැනි මිතුරා ගැන කතාවයි මේ.

ටාසන් පසු මගේ ජීවිතයට සමීප වූ මිතුරා විස්කි . ඔහු අද ජර්මන් ෂෙපඩ් නමින් හඳුන්වන එකල අපි ඇල්ශේෂන් ලෙස හැඳින්වූ සුනඛ ප්රභේදයක මිශ්රණයකි. දුඹුරු පැහැති ලෝම සහිත විස්කි තරමක් විශාල ලෙස වැඩුණු ශරීරයකින් යුතු සුරතලෙකු විය. විස්කි අපත් සමග සෙල්ලම් ගෙවල් වල සෙල්ලම් කළේය. අපේ තරගයට දිවීමේ දී හොඳ තරග කරුවෙක් විය.

විස්කි නිවසේ ඉදිරිපස බැඳ සිටින විට මම ඔහුගේ සමීපයේ වැතිර ගනිමින්  ඔහුගේ සිනිදු ලෝමයෙන් ගැවසුණු උණුසුම් කම්මුල් වලට  මගේ කම්මුල් තද කරගෙන උණුසුම විඳගත් ආකාරය අදටත් නොමැකෙන මතකයකි. විස්කි සම්බන්ධ ඊළඟ මතකය ඇත්තේ ඔහුගේ දම්වැලෙහි පැටලී අත්තම්මා ඇදගෙන වැටීමෙන් ඇයගේ උකුල් සන්ධිය විසන්ධි වීමය. දිනය ඉතා අවිවේකි දිනයක් වූයේ අප අසල්වැසි යාබද ඉඩමේ නිවැසි ලොකු මුත්තන්ඩී ගේ අභාවයේ අවසන් කටයුතු එදිනට යෙදී තිබුණු බැවිනි. අත්තම්මා ඇඳ මත වැතිර විලාප නගමින් සිටි අයුරු මට මතකය. රාත්රී වෙද පැමිණ  වෙද මහතෙක් විසන්ධි වූ සන්ධිය ආත්තම්මා මර හඬ නගද්දීම යථා තත්වයට සකස් කළේය.

විස්කි පිලිබඳ ඊළඟ මතකය ඇත්තේ කඳුළුත් සමග මුසුවය. එනම් හදිසියේම සිදුවූ ඔහුගේ අභාවය මගේ සිත බොහෝ සේ කම්පනයට පත් කළ එකක් වීමය. මූසල රාත්රියේ අපි නින්දට පිවිසුණා පමණි. විස්කි අසාමාන් ලෙස විලාපයක් නැගූ බැවින් වැඩිහිටියෝ වහාම දොරවල් ඇර ඔහු සිටි කොරිඩෝවට ගොස් බලන විට දැක ගැනීමට හැකිවී ඇත්තේ අවසන් ගමන් ගොස් සිටි විස්කිය.

විස්කි එයට මද වෙලාවකට පෙර රාත්රී නවයට පමණ සිය සුපුරුදු වත්ත පුරා ඇවිදීමේ කාර්යයේ නිරතවූ අතර එහිදී ඔහුට සර්පයෙකු දෂ්ට කළා වන්නට ඇතැයි යන්න වැඩිහිටියන්ගේ අනුමානය විය. පසු දින අපේ ආදරණීය විස්කිගේ නිසල සිරුරද වත්ත පහළ මිහිදන් කෙරුනේ තවත් මිතුරකුගේ දුක්බර අවසානයක් සිතෙහි සනිටුහන් කරමිනි.

(Thanks to  Lesly Juarez for the image on Unspalsh)

No comments:

Post a Comment