Saturday, January 30, 2021

හොඳම මිතුරා සමග ජීවිත කාලයක් - 03 ජිමී

 















හොඳම මිතුරා සමග  ජීවිත කාලයක් 03

මං මීට කලින් හොඳම මිතුරා සමග  ජීවිත කාලයක් 01 හා 02 කොටස්වල අපේ බව් සුරතලුන් දෙන්නෙක් ගැන කිව්වා ඔයාලට මතකද? මං මේ සැරේ කතාව කියන රටාව ටිකක් වෙනස් කරා. හැබැයි මේ කතා අහන්න කැමති බව්,පූස් හුරතලුන්ට කැමති අය විතරයි කියල මං දන්නවා. ඉතින් විස්කි ගෙන් පස්සේ අපේ ගෙදර හුඟක් කාලයක් යනකම් බව් මිතුරෙක් හිටියේ නැහැ. අපේ ජීවිතවල විශාල වශයෙන් වෙනස්කම් සිදුවුණා. අපි මහගෙවල් වලින් බැහැර වුණා. මට ගමරට හැර උසස් අධ්යාපනයට කොළඹ එන්න වුණා. ඉන් පස්සේ විවාහ වුණා. කුලී ඇනෙක්ස් එකක පදිංචි වුණා. ඇනෙක්ස් වරින් වර මාරු කරන්න වුණා. දරුවන් ලැබුණා.

 

අන්තිමට හිටි ඇනෙක්ස් එකේදී , ඔන්න ඔය කාලෙ තමයි අලුත් බව් යාළුවෙක් ආයෙත් අපිට ලං වුණේ. ජිමී. ජිමී සාමාන් දුඹුරු පාට පිරිමි බව්වෙක්. ජිමී අපි අතරට ආවේ අසරණ අනාථ දරුවෙක් විදියට. මේ අතරේ අපි අපේමයි කියල පැල්පතක් හදන්න පටන් ගත්තා. යන්තම් කාමරයක්, හා පැන්ට්රිය විතරක් හදාගෙන අපි අපේ සීමිත ඩු භාණ්ඩ ටිකත් ලොරියක පටවා ගෙන  කුලීනිවැසියන්  ලෙස ජීවත්වීමේ පාපකර්මය සදහටම අවසන් කරමින් ඇනෙක්සීයෙන් පිටත් වුණා. අපිත් එක්ක ජිමීත්, ගිරා සුරතලා වන පෙත්තපුත්    හිටියා  . දෙන්නත් අපිත් දැන් අලුත් ගෙදර සාමාජිකයෝ වුණා. විදුලි බලය හෝ ජල පහසුකම් නැතුව අපි අවුරුද්දකට වැඩිය ගෙය ටිකෙන් ටික ගොඩනගමින් අඩි 50ක් ගැඹුරු ලිඳෙන් කප්පියෙන් දිය අදිමින් ජීවත් වුණා.

 

ජිමී වැඩිය ගේ ඇතුළෙ ඉන්න කැමති බව්වෙක් නෙවේ. එයාට ඉන්න බාගෙට හැදෙමින් තිබුණු කවුරුවත් පදිංචි නැති ගෙවල් අපේ ගේ වටේම තිබුණ. වුණාට කන්න බොන්න හුරතල් වෙන්න සෙල්ලම් කරන්න එයා එනවා. පශු වෛද් පහසුකම් දැන් වගේ අත ළඟ තිබුණේ නැහැ. එන්නත් ගන්න දුර යන්න වෙනවා. ත්රි රෝද රියක යන්න ජිමී හරි ආසයි. ඔහොම ඉන්න අතරේ ජිමී ලෙඩ වෙන්න ගත්තා. වරින් වර සුව වෙනවා, නැවත අමාරු වෙනවා. වෛද් පරීක්ෂණයෙන් අනාවරණය වුණා ජිමීට සුනඛ බරවා රෝගය (Canine Filariasis/Heartworm disease) බව. එයාගේ රුධිර පටලයේ බරවා පණුවන් ඉන්න හැටි වෛද්යවරිය අපට පෙන්නුවා. ප්රතිකාර ආරම්භ කළත් සාර්ථක වුණේ නැහැ. එයාට වරින් වර ෆිට් එකක් හැදෙන්න ගත්තා. එක දවසක් එයා බිම වැටිලා නහයෙන් කටින් සෙම දාගෙන වෙව්ලන්න ගත්තා. අපි හිතුවේ ජිමීගේ අවසානය ළඟා වෙලා කියලා. ළමයි කෑගහන්න ගත්තා. ඒත් ටික වෙලාවකින් එයා යථා තත්වයට පත්වුණා. මං ඔයාලට කියන්නේ ඔයාල බව්වෝ හදනවා නම් මේ රෝගය ගැනත් පරිස්සම් වෙන්න. මේක මදුරුවන් මගින් බෝවන්නේ. මදුරුවා වාහකයා වෙනවා.  මේ රෝගය මිනිසුන්ට හැදෙන බරවා රෝගය නෙවෙයි 

 

මෙසේ වරින් වර ලෙඩ වෙමින් සිටි ජිමී දවසක් අසළ තිබුණු පාළු අඩක් නිමකළ නිවසේ, එයාගේ සුපුරුදු තැනට ගිහින් අවසන් ගමන් ගිහින් හිටියා. අපිට තිබුණු අවම පහසුකම් යටතේ ජිමීට නිසි සැළකිල්ලක් දක්වන්න බැරි වීම ගැන වරෙක සිතට පසුතැවිල්ලක් ඇතුළු වෙනවා. අපිට තාප්ප, හෝ ගේට්ටු තිබුණේ නැහැ. ජිමී බැඳ දමා රඳවා ගන්න අපි කැමති වුණෙත් නැහැ. එයා නිදහසේ හිටියා. අපේ ආදරයේ අඩුවක් වුණෙත් නැහැ. ඔව්, ජිමී ඔයා අපේ සුරතල් බව් මිතුරෙක්.

(Thaks to Taisiia Shestopal for the image on Unsplash)


No comments:

Post a Comment