Wednesday, January 13, 2021

දුරුතු හීතල

 










දුරුතු හීතල

 

දුරුතු හීතල පටන් අරගෙන

සති කීපෙකුත් ගතවුණා දැන්

බලාගෙන හිටි කෙනෙක්

ගෙදර ආව වගේ හරියට

මේ දුරුතු හීතලට

කවදත් ආදරෙයි මං


ගහකොළත් වටපිටාවත් 

හීතලෙන් ගල්වෙලා

විදුලි පංකාවත් සති කීපෙකට

නිවාඩු අරන්


හිරු එළිය පොළොව සිඹින්නටත්

හෝරා කීපයකට පෙර

නිදි ගැට කඩා හැර හැර

සීතල කබායක් ඇඳන්

හිසෙත් ස්කාෆයක් බැඳ ගෙන

හචිං සීයක් විතර අරිමින්

බත් ගෙඩි තුන හතරක් බැන්ද

කාලෙ අතීතෙට ගිහින්


පොරෝණය අස්සට

තව ටිකක් ගුලි වෙලා 

පස්සට ඉර පායන තෙක් බුදියන්න

කාගෙන් බාදාවක් දැන්

විශ්රාමික ජීවියෙකි මං

(Thanks to Vladimir Fedotov for this lovely photo on Unsplash)


No comments:

Post a Comment