Monday, August 21, 2023

පහන් කණු යට කඳුළු

 පහන් කණු යට කඳුළු 

මගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය. ගුරුළුගෝමි ebook එකක්. ඔබ කැමති නම් ඇප් එක මගින් කියවන්න පුළුවන්. 



Saturday, August 5, 2023

මැහුම් ගෙතුම්

 මැහුම් ගෙතුම්








මම මැහුම් ගෙතුම් ආරම්භ කළේ හුඟක් පුංචි කාලේ ඉඳලා බව මට මතකයි. ඒ විෂයට අදාළව මගේ මුල්ම ගුරුවරිය මගේ මවයි. නූල් ඇදීමේ ඉඳලා අතින් එම්බ්රොයිඩර් කරන විදිය, ක්රොශේ ගොතන විදිය, තැටිං ගොතන විදිය අම්මා වරින් වර කියා දුන්නා. ඈ සතුව මල් මෝස්තර හුඟක් තිබුණා. ඒවා කීපයක් මං මෙහේ එනකම් මා සතුව තිබුණා.
ඊළඟට පාසලේ දී ඒ කියන්නේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්යාලයේ දී අටේ පන්තිය අවසාන වෙනකම් අපට සූ සැට කලාවම ඉගැන්නුවනේ. මැහුම්, වූල් ගෙතීම, ක්රොශේ ගෙතීම, අතින් රෙදි විවීම, මැටි වලින් ඇඹීම, ගෙවතු වගාව මේ වගේ ආටෝරාසියක් දේවල්. කෑම හදන හැටි, කෑම මේස අරින හැටි, ගෘහ අභ්යන්තර අලංකරණය වගේ ඒවා ගෘහ විද්යාවට කළා. හැබෑයි 9 පන්තියේ ඉඳන් විද්යා අංශයට ගියා. ඒත් චිත්ර ඇඳීම සාමාන්ය පෙළටත් කළා.
මං ඇඳුම් මහන්න මහන මැෂිම පාවිච්චි කළේ ඒකට මගේ කකුල් යන්තම් දිගවූ දා ඉඳලා. මේ රූපයේ තියෙන සිංගර් මහන මැෂිම තමයි ගෙදර තිබුණෙ. ඒක අම්මාගේ දායාදයේ කොටසක් මං දන්න විදියට. ඒක ලැබුණෙ අනුරාධපුර මාමා ගෙන්. අවුරුදු දහයෙදී නැන්දාට ළදරු නැපි ආදිය මහලා දුන්නා. ඒ කාලේ බබාලා හම්බවෙන්න ඉන්නකොට මැෂින් එක පාගන්න හොඳ නෑ කියනවනේ.
අම්මා පතරොම් පාවිච්චි නොකර තමයි අපේ ඇඳුම් මැහුවේ. අපි සහෝදරියෝ තුන් දෙනාට එකම රෙදි වර්ගය අරන් ගවුම් මැහුවා. මාත් ඒ විදියට තමයි මුලදී මැහුවේ. ඒත් ඒවා හරියට ඇඟේ ශේප් එකට එන්නේ නෑ.
මගේ පාසල් මිතුරිය චන්ද්රා ගේ ඇඳුම් ලස්සනට පතොරම් අනුව මහලා තිබුණා. ඒ කාලේ හුඟක් ඇන්දේ ප්රින්සස් ලයින් ගවුම්. චන්ද්රගෙ අක්කා වසන්ති අක්කා සිංගර් මැහුම් පාඨමාලාව කරලා තිබුණා. ඉතින් මාත් වසන්ති අක්කට කියලා පතරොමක් හදාගත්තා. පස්සෙ මං තනියම තරුණි වගෙ පත්තර වලින් පතොරම් ඉගෙන ගත්තා.
මගේ ඇඳුම් සරසවියෙදී මිතුරියන් අතර ඇගයීමටත් ලක් වුණා. වර්ණ ගැලපීම් එහෙම.
කාලයක් සියල්ල අතේ මැහුවේ. කාලයක් මං නැවතී හිටි ගෙදර අත් මැෂිමෙන් මැහුවා. මෙහෙම හිටියට මං මනමාලියෙකුටත් ඇඳුම් මැහුවා ඒ දවස්වල. ඊළඟට, ටී වී දැන්වීම් වල නොගියට මාත් සතෙන් සතේ එකතු කළා සකියනි! එකතු කරලා සිංගර් සිග්සැග් මැෂින් එකක් ගත්තා. ඒක ඒ කාලේ රුපියල් 4500.00ක් වුණා. ඒකෙන් මං වැඩිහිටි පිරිමි ෂර්ට් එකේ ඉඳන් හැමදේම මැහුවා. පසු කාලයක මං සිංගර් මැහුම් පාඨමාලාවක් බාගෙට කළා. අලුත් වැඩියා කරමින් ඒ මැෂින් එක අවුරුදු 37ක් පාවිච්චි කළා.
දැන් නම් ඕන තරම් ස්වයං අධ්යයනය සඳහා පාඨමාලා අන්තර් ජාලයේ තියෙනවා.