Saturday, July 29, 2023

වෙනස් පාට රූප මැවෙයි

 වෙනස් පාට රූප මැවෙයි













 වෙනස් පාට රූප මැවෙයි
වෙනස් රටා ඇඳී තියෙයි
වෙනස් නාද සවන පිනයි
විචිත්ර ලෝකයක් හැදෙයි
විවිධත්වය ඇතුළෙ තැනක
එකඟත්වය වේය දහම
එයින් මෙපිට නැත පැවතුම
සදාකල්ම නැත සැනසුම
ඒත් වෙනස් කමට රවන
එක පාටින් ලොවම දකින
එකම රටා හිතේ අඳින
මිනිසුන් ඇත හුඟක් තවම
(Photo credit to Venecia Carswell on Unsplash)

Tuesday, July 11, 2023

දුක් උසුලන ගස්

 දුක් උසුලන ගස්



අද ඉන්දුමතී Indumathi Jayasena FB එකේ පින්තූරයක් දාලා තියෙනවා ඔරු බැඳි සියඹලාව කියලා පඬුරුවලින් වැහිලා තියෙන ගහක. ඒ පින්තූරෙ එක්කම තියෙන මේ කැප්ෂන් එක හිතට වදිනවා.

'මිනිසුන්ගේ පපුවේ ඇවිලෙන මහා දුක් ගින්න අහන්නට ,කියන්නට,කෙනෙක් මනුසත් ලෝකයේ නැතිකොට...
(ඔරුබැඳි සියඹලාව )'
ඇත්තටම මිනිස්සු ගස්වලට වැඩියෙන්ම බෝ ගස් නුග ගස්වලට කියන්නේ තමන්ගේ දුක තමයි. කවුරුවත් සතුටක් ගැන කියන්න ඒවා ළඟට යන්නේ නෑ. සමහර විට පඬුරු ගැටගහලා ඉල්ලපු දේ ඉෂ්ට වුණොත් ඒ බාරෙ ඔප්පු කරන්න යන්නෙත් ඒක නොකළොත් තමන්ටම වරදී කියන හැඟීමෙන් මිසක් ආදරේකින් කියලා හිතන්න බෑ.
දුක වැඩි සමාජවල මේ වගේ දේවල් වැඩී. මව් ගුණ ගී පිය ගුණ ගී වැඩී. දුකට පත් වුණහම මවගේ පියාගේ ගුණ වැඩියෙන් දැනෙනවා. හැම අම්මා තාත්තාම ළමයින්ට එකවගේ ආදරේ නැති බව ඇත්ත. ඒත් බොහොමයක් අය කුමන සමාජයක වුණත් දරුවන්ට ආදරෙයි.
පින්තූරය අන්තර්ජාලයෙන්

Sunday, July 2, 2023

"දහසක් දෙනා අතරේ තනිකම දැනේ "

 











රුසියානු ලේඛක, දාර්ශනික ලියෝ ටෝල්ස්ටෝයි එක්තරා වාක්‍යයකින් සුප්‍රසිද්ධ ඇනා කැරනිනා පොත ආරම්භ කරනවා. 

"Happy families are all alike; each unhappy family has its own way."

"ප්‍රීතිමත් පවුල් හැම එකක්ම එකවගේ. අසතුටෙන් සිටින පවුල් ඒවාට හිමි  ක්‍රමයකට අසතුටෙන් සිටි." 

මෙවැනි දෙයක් හුදකලා වූ පුද්ගලයන්ට ද අදාළ බව Psychological Science   මගින් කරන ලද අධ්‍යනයකින් හෙළිවී තිබේ. 

එයින් කියන්නේ හුදකලාවූ මිනිසුන් සියල්ල එක සමාන හුදකලාවක නැති බව හා තම තමාට ආවේනික ක්‍රමයකින් ස්වාචර ( idiosyncratic ) ආකාරයට ලෝකය දකින බවයි. අන් අය තේරුම් නොගන්නා හැඟීම් සමුදායකින් වෙලුණු ඔවුන්ගේ තනිකම පුද්ගල යහපතට අනර්ථකාරී ලෙස බලපායි. එක්සත් ජනපදයේ තනිකම පොදු සෞඛ්‍ය ගැටලුවක් බව ඇමරිකා එක්සත් ජනපදයේ  ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය  සඳහන් කරයි. 

මේ තනිකම මිතුරන් ඇති නැති බව පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. කොතෙක් සමාජ සම්බන්ධතා තිබුනද මොළයේ ක්‍රියාකාරිත්වයේ යම් වෙනසක්  ලෝකය දෙස බලන ආකරය වෙනස්වීමෙන් තනිකම ඇතිවේ. 


"දහසක් දෙනා අතරේ 

තනිකම දැනේ "

මේ අනුව සවුත් කැරොලිනා විශ්ව විද්‍යාලයේ මනෝවෛද්‍ය අංශයේ සහාය මහාචාර්ය එලිසා බේක් (Elisa Baek ) මෙවැන්නක් කියා සිටියි.

"ඇනා කැරනිනා මුලධර්මය තනිවු පුද්ගලයන් අරභයා ගැළපෙන එකක්. මන්ද යත් තනිවූ පුද්ගලයන් සිය තනිකම අත්විඳින්නේ පොදුවේ නැත්නම් සර්වත්‍ර ලෙස එක ක්‍රමයකට නොව ස්වචාර (idiosyncratic ) ක්‍රමයකට නිසයි." 

(Photo credit to Mathew Henry on Unsplash)