රුසියානු ලේඛක, දාර්ශනික ලියෝ ටෝල්ස්ටෝයි එක්තරා වාක්‍යයකින් සුප්‍රසිද්ධ ඇනා කැරනිනා පොත ආරම්භ කරනවා.
"Happy families are all alike; each unhappy family has its own way."
"ප්‍රීතිමත් පවුල් හැම එකක්ම එකවගේ. අසතුටෙන් සිටින පවුල් ඒවාට හිමි ක්‍රමයකට අසතුටෙන් සිටි."
මෙවැනි දෙයක් හුදකලා වූ පුද්ගලයන්ට ද අදාළ බව Psychological Science මගින් කරන ලද අධ්‍යනයකින් හෙළිවී තිබේ.
එයින් කියන්නේ හුදකලාවූ මිනිසුන් සියල්ල එක සමාන හුදකලාවක නැති බව හා තම තමාට ආවේනික ක්‍රමයකින් ස්වාචර ( idiosyncratic ) ආකාරයට ලෝකය දකින බවයි. අන් අය තේරුම් නොගන්නා හැඟීම් සමුදායකින් වෙලුණු ඔවුන්ගේ තනිකම පුද්ගල යහපතට අනර්ථකාරී ලෙස බලපායි. එක්සත් ජනපදයේ තනිකම පොදු සෞඛ්‍ය ගැටලුවක් බව ඇමරිකා එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කරයි.
මේ තනිකම මිතුරන් ඇති නැති බව පිලිබඳ ප්‍රශ්නයක් නොවේ. කොතෙක් සමාජ සම්බන්ධතා තිබුනද මොළයේ ක්‍රියාකාරිත්වයේ යම් වෙනසක් ලෝකය දෙස බලන ආකරය වෙනස්වීමෙන් තනිකම ඇතිවේ.
"දහසක් දෙනා අතරේ
තනිකම දැනේ "
මේ අනුව සවුත් කැරොලිනා විශ්ව විද්‍යාලයේ මනෝවෛද්‍ය අංශයේ සහාය මහාචාර්ය එලිසා බේක් (Elisa Baek ) මෙවැන්නක් කියා සිටියි.
"ඇනා කැරනිනා මුලධර්මය තනිවු පුද්ගලයන් අරභයා ගැළපෙන එකක්. මන්ද යත් තනිවූ පුද්ගලයන් සිය තනිකම අත්විඳින්නේ පොදුවේ නැත්නම් සර්වත්‍ර ලෙස එක ක්‍රමයකට නොව ස්වචාර (idiosyncratic ) ක්‍රමයකට නිසයි."
(Photo credit to Mathew Henry on Unsplash)
No comments:
Post a Comment