Saturday, July 29, 2023

වෙනස් පාට රූප මැවෙයි

 වෙනස් පාට රූප මැවෙයි













 වෙනස් පාට රූප මැවෙයි
වෙනස් රටා ඇඳී තියෙයි
වෙනස් නාද සවන පිනයි
විචිත්ර ලෝකයක් හැදෙයි
විවිධත්වය ඇතුළෙ තැනක
එකඟත්වය වේය දහම
එයින් මෙපිට නැත පැවතුම
සදාකල්ම නැත සැනසුම
ඒත් වෙනස් කමට රවන
එක පාටින් ලොවම දකින
එකම රටා හිතේ අඳින
මිනිසුන් ඇත හුඟක් තවම
(Photo credit to Venecia Carswell on Unsplash)

2 comments:

  1. විවිධත්වය විවිධ ආකාරයට අ ර් ථ නිරූපණය කළ හැකියි. අපගේ වටපිටාව මෙතරම් සුන්දර වී තිබෙන්නේ විවිධත්වය නිසයි. ගහකොළ, ගංගා ඇළ දොළ, අහසේ තරු රටා, පාවෙන වලාකුළු, සාගරයේ රළ බිඳීම, ගතට සිතට දැනෙන සංවේදනා ආදී සියල්ලේම විවිත්වයක් බෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සර් මේ අදහස් දැක්වීමට. හැම තැනම විවිධත්වය තියෙනවා. ඒ සියල්ල මැද ලෝකයේ පැවත්ම එකඟත්වයකට පත්ව ගලා යනවා.

      Delete