Monday, September 27, 2021

Homeschooling

 









Homeschooling

කොරෝනා අවදියේ පාසල් වැසී යාමත් සමග, අද කලඑළියට පැමිණ ඇති  මාතෘකාවක් වන්නේ Homeschooling හෙවත් නිවසේ සිට ඉගෙනීමයි. මෙය දුරස්ථ අධ්‍යාපනය -Distant Education සමග පටලවා නොගත යුතුය. දැන් ඔබේ දරුවා මාර්ගගතව ඉගෙන ගනී නම් එය දුරස්ථ අධ්‍යාපනයයි.

Homeschooling යනු කුමක්ද?

ආයතනක් හා සම්බන්ධ නොවී නිවසේ සිට තම දරුවන්ට දෙමව්පියන් විසින් අධ්යාපනය ලබා දීම නිවසේ සිට ඉගෙනීම ලෙස හඳුන්වා දිය හැකිය.

මෙය බටහිර ලෝකයේ ආරම්භ වුවකි. තම දරුවන්ට ඉගැන්වීම රජයේ නොව තම වගකීම බව මේ කණ්ඩායම විසින් සිතනු ලැබීමත් සමග   20වන සියවසේ අවසානයේ ඇරඹුණු මේ තත්වය රජයේ පාසල් වලට විරුද්ධ ක්රියාකාරිත්වයක් ලෙස වැඩි දියුණු විය.

19 සියවසේ එක්සත් ජනපදයේ අනිවාර්ය පාසල් නීතිය ඇති වීමට පෙර අධ්යාපනය ලැබීමේ මග වූයේ ආධුනිකත්ව පුහුණු වීම් හා  ප්රජාව සමග වූ ක්රියාකාර කම්ය. අපේ රටේ වූවද වෘත්තීන්/ ගුරුකුල වලට අයත්  දෙමව්පියන් තම දරුවන්ට ගොවිකම, වෙදකම, වඩුවැඩ ආදී වශයෙන් පාරම්පරිකව ශාස්ත් ලබා දීම සිදු විය.   ආගම දහමට යොමු වීම පන්සල මුල් කොට සිදු විය.

එක්සත් ජනපදයේ කාලයාගේ ඇවෑමෙන් දෙමව්පියෝ පාසැල නැමැති ආයතනය කෙරෙහි නොපහැදීමක් ඇති කර ගත්හ. එයට විකල්ප ලෙස Homeschooling  ආරම්භ විය. Massachusetts හි මෙඩ්ෆෝඩ් විශ්ව විද්යාලයේ මහාචාර්ය , Adolf Berle විසින් 1912 දී  'The School in the Home'' නමින් පොතක් පළ කළේය. 1980 ගණන් වල මෙසේ ගෙදර සිට ඉගෙනගත් සිසුන් 20,000ක් පමණ වූ අතර දශක තුනකට පසු එම සංඛ්යාව මිලියන 1,77 දක්වා වර්ධනය වී ඇති බව දත්ත මගින් පෙන්නුම් කෙරේ. මේ අතර එක්සත් රාජධානිය, ඔස්ට්රේලියාව හා ඉන්දියාවේද මේ ක්රමය වර්ධනය විය. පාසල් වල ඇතිවන හිංසන, පාසලින් සදාචාරාත්මක දියුණුව නොසළකා හැරීම, සුභග දරුවන්ට වන අඩු පාඩු, විශේෂ අවශ්යතා ඇති දරුවන්ට වන අඩු පාඩු  වැනි හේතූන් මේ වැඩි වීමට හේතු පාදක වී ඇති බව පෙනේ.

ඇතැම් රටවල්  homeschooling වලට සීමා පනවා ඇත. ස්වීඩනය මෙය විශේෂ, සාමන්ය නොවන තත්ත්ව යන්ට පමණක් සීමා කර ඇති අතර බ්රසීලය හා ජර්මනිය මෙය තහනම් කර තිබේ.

 

Homeschooling සම්බන්ධ මුලධර්ම

 

ජෝන් හෝල්ට් නම් ඇමරිකානු අධ්යාපනඥයා ළමයින්ට ස්වයං- මගපෙන්වීමේ ඉගෙනුම් ක්රමයක් හඳුන්වා දුන්නේය. මෙහිදී ශිෂ්යයා රාමුගත විෂය නිර්දේශයකට යටත් නොකර ශිෂ් ලැදියා අනුව සකස් වූ ක්රමයකට ඉගැන්විය යුතු බවට  දෙමව්පියන්ට උපදෙස් දුන් අතර        පිලිබඳ Growing Without Schooling (1977–2001) නම් සඟරාව ආරම්භ කළේය.  ඔහු Unschooling නම් වචනයක් හඳුන්වා දුන් අතර ගෙදර ඉගෙනීමට පාසලේ ක්රියාත්මක වන ක්රමය හා ඉගැන්වීමේ ක්රම වේද අවශ් නොවෙතැයි කීය. නමුත් දිගින් දිගටම ව්යවහාර වූ වචනය homeschooling වේ.  එක්සත් රාජධානිය ඇතුළු තවත් රටවල අධ්යාපන විශාරදයින්   ක්රම වේද ඉදිරිපත් කළ අතර මේ සඳහා අවශ් සම්පත් ඉගෙනුම් ද්රව් ක්රමයෙන් වර්ධනය විය.

 

නීතිමය තත්වය

එක්සත් ජනපදය ඇතුළු රටවල මෙය නීතියෙන් වලංගු වේ.  අනිවාර්ය අධ්යාපනය මිස අනිවාර්ය පාසල් අධ්යාපනය යනුවෙන් නීතියේ සඳහන් නොවන නිසා පාසල් නොයවා කිසිදු ඉගෙනුමක් නොදී ඉඳීම නීතිමය වරදක් වන නමුත් homeschooling සඳහා යොමු කිරීම වරදක් වන්නේ නැත. අපේ රටේ නීතිමය තත්වයත්  එයම බව  සඳහන්ය.

 

වත්මන් තත්වය

එක්සත් ජනපදයේ ප්රාන්ත 40කම මේ සඳහා ප්රතිපාදන සකස් කර තිබේ. ඒවා ප්රාන්තය අනුව වෙනස් වේ. ඒවා අතර සිසුන් ඇගයීම් වලට භාජනය කිරීම, දෙමව්පියන්ට අඩුම වශයෙන් උසස් අධ්යාපන ඩිප්ලෝමාවක් තිබීම මෙන්ම රාජ් නිළධාරීන් විසින් එවැනි නිවෙස් අධීක්ෂනය කිරීම, රජය අනුමත විෂය නිර්දේශයක් තිබීම වැනි කරුණු ඇතුළත් වේ. සමහර ප්රාන්ත ලිහිල් ප්රතිපත්තියක් සමහර ඒවා තරමක් දැඩි ප්රතිපත්තියක් අනුගමනය කෙරේ. එක්සත් ජනපදය, ඕස්ට්රේලියාව, කැනඩාව,අයර්ලන්තය, නොර්වේ, එක්සත් රාජධානිය ඇතුළු homeschooling අනුමත රටවල තම දරුවන්ට ඉගැන්වීම සඳහා දෙමව්පියන්ට ගුරුවරයෙකු වශයෙන් ලබා ගන්නා සහතිකයක් අවශ් නොවේ.

 

ක්‍රමයේ වාසි හා අවාසි

මේ ක්රමයට විරුද්ධව අදහස් දක්වන අධ්යාපනඥයින් සඳහන් කරන්නේ මෙයින් දරුවන් සමාජය හා සංකලනය වීම නිසිලෙස සම්පුර්ණ නොවන බවයි. එමෙන්ම ශාස්ත්රීය  වශයෙන් මෙන්ම සමාජානුයෝජනය අතින් නිසි පුහුණුවක් නොලබන බවයි. සමහර අධ්යනයන් homeschooling සාර්ථක බව පෙන්වා තිබේ.  සමහර සිසුන් පාසල් සිසුන්ට වඩා හොඳින් විභාග ලකුණු ලබා තිබේ. ඇතැම් දෙමව්පියන් නැටුම්, සංගීත, පිහිනුම්, වෙනත් ක්රීඩා,  ආදී දේවල් සඳහා සිසුන් අමතර පන්තිවලට යවන බැවින් හා පුස්තකාල, කෞතුකාගාර, සත්වෝද්යාන ආදියට සම්බන්ධව ක්රියාකාරකම් වලට යොමු කරන බැවින් සමාජමය අත්දකීම් සිසුන්ට ලැබේ. ඇතැම් පාසල්ද සිය පුස්තකාල, පරිගණක මධ්යස්ථාන ආදිය මේ සිසුන්ට විවර කර දී තිබේ. ක්රීඩා තරග වලටද යොමු කර තිබේ.  සමහර homeschooling කණ්ඩායම් තමන්ගේ ක්රීඩා සමාජ ඇතිකරගෙන තිබේ. එමෙන්ම එවැනි දරුවන්ගේ හමුවීම් සංවිධානය කරනු ලැබේ.


අපේ රටේ මෙයට අදාළ පරිසරයක් තිබේද ?

 

දුප්පත් රටක් වන අප රටේ දෙමව්පියෝ එදිනෙදා ජීවන ප්රශ්න වලින් හෙම්බත් වී සිටිති. ඔවුන්ට මෙවැනි තත්වයක් පිලිබඳ සිතීම පවා සිහිනයක් වනු ඇත. එවැනි පවුල් පසුබිම්වල වැඩිමල් ගැහැණු දරුවෝ බාල දරුවන් බලා ගැනීමට පාසල් යාම අතරමග නතර කරති. පිරිමි දරුවෝ යමක් පවුලට උපයා ගැනීම සඳහා පාසලට ආයුබෝවන් කියති. ඉන් එහාට ඔවුන් හොඳ හෝ නරක ඉගෙන ගන්නේ තමා වටා ඇති සමාජ පරිසරයෙනි. 

 

ඉහළ හා ඇතැම් මධ්යම පන්තික පවුල්වල දෙමව්පියෝ යම් පිරිසක්  මේ homeschooling  ක්රමය අනුගමනය කරනු මට මේ ටික දිනයේදී දකින්නට ලැබුණි. ඔවුන්ට සඳහා අවශ් වියහියදම් සපයා ගැනීම හා දරුවන් වෙනුවෙන් කාලය ගත කිරීම කළ හැකි බව පෙනී යයි. නමුත් ඔවුන් කුමන ආකාරයෙන් තම දරුවන්ගේ අධ්යාපනය සිදු කරනවා යන්න මට පැහැදිලි වුයේ නැත. දරුවන් මේ වන විට සිටින්නේ අඩු වයස් මට්ටම් වලය. ඉදිරියේදී ඔවුන්ගේ අධ්යාපනය සකස් විය යුත්තේ කෙසේද යන්න දෙමව්පියන් සැළසුම් කර තිබෙනවා විය හැකිය.

 Photo by sofatutor on Unsplash 

Britannica ඇසුරිණි

Monday, September 20, 2021

මතකය

 













මතකය 



අපි හමුවුණා අහම්බෙන් ,

ඇත්තටම අහම්බෙන්මද ?

අපි ඒ ගහ යට බංකුවේ හිඳ,

හුඟක් කතා කළා,

අපේ හිසට ඉහළින් ,

නා දළු පවනට නැලවුණා,

අපි ඔහේ කතා කළා,

අහස ගැන,

පොළොව ගැන,

ඈත රටවල් ගැන,

කුරුල්ලෝ,සමනලයෝ ගැන ,

ඒ හවස් කාලය 

හරිම ඉක්මණට ගෙවුණා ,

අපි වෙන්වුණා සදහටම,

ඔබ මගේ නම ඇහුවේ නෑ 

මම කිව්වෙත් නෑ 

මොන විදියකට ඔබට මා 

මතක තියේවිද ?

කොහෝ කුරුල්ලෙකුගේ 

මිහිරි නාදයක් වගේ ,

නැත්නම්, ගිරා මලිත්තෙකුගේ 

තටුවක නිල කොළ පාට වගේ,

ඒත් නැත්නම් ,

සමනල තටුවක රටාවක් වගේ ,

සමහර විට මේ කිසිම කිසි දෙයක් නොවී 

ඔබේ සිතෙන් මා 

මේ කවිය අග මම තියන 

නැවතීමේ ලකුණ තරම් 

පුංචි තිතක්වත් නැතුව 

මැකිලම යන්නත් පුළුවන් නේද ?


© 2021maliniganewatta

Thanks to Marc A. Sporys for the image on Unsplash

Sunday, September 5, 2021

යන්නම යන්න ගිය මිහිරාවිය

 












යන්නම යන්න ගිය මිහිරාවිය 


නන්නත්තාර වූ හිත 

කොහොමත් මතක් කළේ 

එයා ගැනම තමයි හැමදාම 

අද අමුතුවෙන් මොනවා හිතන්නද? 

නරකෙසුත් මතුවෙලා 

හිස පුරා තැනින් තැන

අදහන්න බැරිව ගිය ඒ පුවත 

එයා මට කලින් යන්න ගිය බව

එකම එක කඳුළු බිංදුවක් විතරයි 

මතු වුණේ නෙත් කෙවෙණි අග 

ඒ දවස් වලම කඳුළු උල්පත් හිඳුනා 

එයා ගියාට පස්සේ ඉඩෝරෙට     

දරු මල්ලොත් වට කරන්

කිකිළි වටේ කුකුළු පැටව්

වගේ එයා මට අන්තිමට 

හම්බ වුණේ පේරාදෙණියේ 

මල් වත්තේදී මල් මැද මල් ලඳක් ලෙස 

මදු මල ලෙස මුදු මගේ දයාබර මිහිරාවිය 

ගීතය පෙම්පතේ උඩින්ම ලිව්වේ ඒ දවස්වල

බොරුවට නෙමේ ඇත්තටම  බව 

එයාට තේරුණේ නැතුව ඇති 

එයා මට එවපු පිළිතුරු පත් 

තාම මගේ පොත් ඇතුළෙන් 

ඉඟි බිඟි පානවා එදා වගේම 

කහපාට වෙලා පාට වෙනස් වුණත් 

මල් සුවඳ මැකෙන්නේ නැහැ 

දැන් දැන් වගේ ඇට්ටේරියා 

ගහ ලඟදි ඒ හමුවූ ඒ හමු වීම් 

ලෝකය කැරකුනි ද මේ තරම් 

වේගයෙන් රවුමට රවුමට 

සුබ ගමන් පතන්නම්

ගිය තැනක සතුටෙන් ඉන්න  

යන්න ගිය මා මිහිරාවියට  

Thanks to Tim Stagge for the image on Unsplash