Homeschooling
කොරෝනා අවදියේ
පාසල් වැසී යාමත් සමග, අද කලඑළියට පැමිණ ඇති
මාතෘකාවක් වන්නේ Homeschooling හෙවත් නිවසේ සිට ඉගෙනීමයි. මෙය දුරස්ථ අධ්‍යාපනය
-Distant Education සමග පටලවා නොගත යුතුය. දැන් ඔබේ දරුවා මාර්ගගතව ඉගෙන ගනී නම් එය
දුරස්ථ අධ්‍යාපනයයි.
Homeschooling
යනු කුමක්ද?
ආයතනක්
හා සම්බන්ධ නොවී නිවසේ සිට
තම දරුවන්ට දෙමව්පියන් විසින් අධ්යාපනය ලබා
දීම නිවසේ සිට ඉගෙනීම ලෙස
හඳුන්වා දිය හැකිය.
මෙය
බටහිර ලෝකයේ ආරම්භ වුවකි. තම දරුවන්ට ඉගැන්වීම
රජයේ නොව තම වගකීම
බව මේ කණ්ඩායම විසින්
සිතනු ලැබීමත් සමග 20වන
සියවසේ අවසානයේ ඇරඹුණු මේ තත්වය රජයේ
පාසල් වලට විරුද්ධ ක්රියාකාරිත්වයක් ලෙස වැඩි දියුණු
විය.
19 සියවසේ
එක්සත් ජනපදයේ අනිවාර්ය පාසල් නීතිය ඇති වීමට පෙර
අධ්යාපනය ලැබීමේ මග වූයේ ආධුනිකත්ව
පුහුණු වීම් හා ප්රජාව සමග
වූ ක්රියාකාර කම්ය.
අපේ රටේ වූවද ඒ
ඒ වෘත්තීන්/ ගුරුකුල වලට අයත් දෙමව්පියන් තම දරුවන්ට ද
ගොවිකම, වෙදකම, වඩුවැඩ ආදී වශයෙන් පාරම්පරිකව ඒ ශාස්ත්‍ර ලබා දීම
සිදු විය. ආගම දහමට යොමු
වීම පන්සල මුල් කොට සිදු
විය.
එක්සත්
ජනපදයේ කාලයාගේ ඇවෑමෙන් දෙමව්පියෝ පාසැල නැමැති ආයතනය කෙරෙහි නොපහැදීමක් ඇති කර ගත්හ.
එයට විකල්ප ලෙස Homeschooling ආරම්භ
විය. Massachusetts හි මෙඩ්ෆෝඩ් විශ්ව
විද්යාලයේ මහාචාර්ය , Adolf Berle විසින් 1912 දී 'The School in the Home'' නමින් පොතක් පළ කළේය. 1980 ගණන්
වල මෙසේ ගෙදර සිට
ඉගෙනගත් සිසුන් 20,000ක් පමණ වූ
අතර දශක තුනකට පසු
එම සංඛ්යාව මිලියන
1,77 දක්වා වර්ධනය වී ඇති බව
දත්ත මගින් පෙන්නුම් කෙරේ. මේ අතර එක්සත්
රාජධානිය, ඔස්ට්රේලියාව හා ඉන්දියාවේද මේ
ක්රමය වර්ධනය විය.
පාසල් වල ඇතිවන හිංසන,
පාසලින් සදාචාරාත්මක දියුණුව නොසළකා හැරීම, සුභග දරුවන්ට වන
අඩු පාඩු, විශේෂ අවශ්යතා ඇති
දරුවන්ට වන අඩු පාඩු වැනි
හේතූන් මේ වැඩි වීමට
හේතු පාදක වී ඇති
බව පෙනේ.
ඇතැම්
රටවල් homeschooling වලට
සීමා පනවා ඇත. ස්වීඩනය
මෙය විශේෂ, සාමන්ය නොවන තත්ත්ව යන්ට
පමණක් සීමා කර ඇති
අතර බ්රසීලය හා
ජර්මනිය මෙය තහනම් කර
තිබේ.
Homeschooling
සම්බන්ධ මුලධර්ම
ජෝන්
හෝල්ට් නම් ඇමරිකානු අධ්යාපනඥයා ළමයින්ට ස්වයං- මගපෙන්වීමේ ඉගෙනුම් ක්රමයක් හඳුන්වා
දුන්නේය. මෙහිදී ශිෂ්යයා රාමුගත
විෂය නිර්දේශයකට යටත් නොකර ශිෂ්‍ය ලැදියා අනුව
සකස් වූ ක්රමයකට
ඉගැන්විය යුතු බවට දෙමව්පියන්ට උපදෙස් දුන් අතර
පිලිබඳ Growing
Without Schooling (1977–2001) නම්
සඟරාව ආරම්භ කළේය. ඔහු
Unschooling නම් වචනයක් ද හඳුන්වා දුන්
අතර ගෙදර ඉගෙනීමට පාසලේ
ක්රියාත්මක වන ක්රමය
හා ඉගැන්වීමේ ක්රම වේද
අවශ්‍ය නොවෙතැයි කීය.
නමුත් දිගින් දිගටම ව්යවහාර වූ
වචනය homeschooling වේ. එක්සත්
රාජධානිය ඇතුළු තවත් රටවල අධ්යාපන විශාරදයින් ද ක්රම වේද ඉදිරිපත්
කළ අතර මේ සඳහා
අවශ්‍ය සම්පත් ද
ඉගෙනුම් ද්‍රව්‍ය
ද ක්රමයෙන් වර්ධනය
විය.
නීතිමය
තත්වය
එක්සත්
ජනපදය ඇතුළු රටවල මෙය නීතියෙන්
වලංගු වේ. අනිවාර්ය
අධ්යාපනය මිස අනිවාර්ය පාසල්
අධ්යාපනය යනුවෙන් නීතියේ සඳහන් නොවන නිසා පාසල්
නොයවා කිසිදු ඉගෙනුමක් නොදී ඉඳීම නීතිමය
වරදක් වන නමුත් homeschooling සඳහා යොමු
කිරීම වරදක් වන්නේ නැත. අපේ රටේ
නීතිමය තත්වයත් එයම
බව සඳහන්ය.
වත්මන් තත්වය
එක්සත්
ජනපදයේ ප්රාන්ත 40කම
මේ සඳහා ප්රතිපාදන
සකස් කර තිබේ. ඒවා
ප්රාන්තය අනුව වෙනස් වේ.
ඒවා අතර සිසුන් ඇගයීම්
වලට භාජනය කිරීම, දෙමව්පියන්ට අඩුම වශයෙන් උසස්
අධ්යාපන ඩිප්ලෝමාවක් තිබීම
මෙන්ම රාජ්‍ය නිළධාරීන්
විසින් එවැනි නිවෙස් අධීක්ෂනය කිරීම, රජය අනුමත විෂය
නිර්දේශයක් තිබීම වැනි කරුණු ඇතුළත්
වේ. සමහර ප්රාන්ත
ලිහිල් ප්රතිපත්තියක් ද
සමහර ඒවා තරමක් දැඩි
ප්රතිපත්තියක් ද අනුගමනය කෙරේ.
එක්සත් ජනපදය, ඕස්ට්රේලියාව, කැනඩාව,අයර්ලන්තය, නොර්වේ, එක්සත් රාජධානිය ඇතුළු homeschooling අනුමත රටවල තම දරුවන්ට
ඉගැන්වීම සඳහා දෙමව්පියන්ට ගුරුවරයෙකු
වශයෙන් ලබා ගන්නා සහතිකයක්
අවශ්‍ය නොවේ.
ක්‍රමයේ වාසි
හා අවාසි
මේ ක්රමයට විරුද්ධව
අදහස් දක්වන අධ්යාපනඥයින් සඳහන්
කරන්නේ මෙයින් දරුවන් සමාජය හා සංකලනය වීම
නිසිලෙස සම්පුර්ණ නොවන බවයි. එමෙන්ම
ශාස්ත්රීය වශයෙන්
මෙන්ම සමාජානුයෝජනය අතින් නිසි පුහුණුවක් නොලබන
බවයි. සමහර අධ්යනයන්
homeschooling සාර්ථක බව පෙන්වා තිබේ. සමහර
සිසුන් පාසල් සිසුන්ට වඩා හොඳින් විභාග
ලකුණු ලබා තිබේ. ඇතැම්
දෙමව්පියන් නැටුම්, සංගීත, පිහිනුම්, වෙනත් ක්රීඩා, ආදී දේවල් සඳහා
සිසුන් අමතර පන්තිවලට යවන
බැවින් හා පුස්තකාල, කෞතුකාගාර,
සත්වෝද්යාන ආදියට සම්බන්ධව
ක්රියාකාරකම් වලට යොමු කරන
බැවින් සමාජමය අත්දකීම් සිසුන්ට ලැබේ. ඇතැම් පාසල්ද සිය පුස්තකාල, පරිගණක
මධ්යස්ථාන ආදිය මේ සිසුන්ට
විවර කර දී තිබේ.
ක්රීඩා තරග වලටද
යොමු කර තිබේ. සමහර homeschooling කණ්ඩායම් තමන්ගේ ක්රීඩා සමාජ
ඇතිකරගෙන තිබේ. එමෙන්ම එවැනි දරුවන්ගේ හමුවීම් ද සංවිධානය කරනු
ලැබේ.
අපේ
රටේ මෙයට අදාළ පරිසරයක්
තිබේද ?
දුප්පත්
රටක් වන අප රටේ
දෙමව්පියෝ එදිනෙදා ජීවන ප්රශ්න
වලින් හෙම්බත් වී සිටිති. ඔවුන්ට
මෙවැනි තත්වයක් පිලිබඳ සිතීම පවා සිහිනයක් වනු
ඇත. එවැනි පවුල් පසුබිම්වල වැඩිමල් ගැහැණු දරුවෝ බාල දරුවන් බලා
ගැනීමට පාසල් යාම අතරමග නතර
කරති. පිරිමි දරුවෝ යමක් පවුලට උපයා
ගැනීම සඳහා පාසලට ආයුබෝවන්
කියති. ඉන් එහාට ඔවුන්
හොඳ හෝ නරක ඉගෙන
ගන්නේ තමා වටා ඇති
සමාජ පරිසරයෙනි.
ඉහළ
හා ඇතැම් මධ්යම පන්තික
පවුල්වල දෙමව්පියෝ යම් පිරිසක් මේ homeschooling ක්රමය අනුගමනය කරනු
මට මේ ටික දිනයේදී
දකින්නට ලැබුණි. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය වියහියදම් සපයා
ගැනීම හා දරුවන් වෙනුවෙන්
කාලය ගත කිරීම කළ
හැකි බව පෙනී යයි.
නමුත් ඔවුන් කුමන ආකාරයෙන් තම
දරුවන්ගේ අධ්යාපනය සිදු
කරනවා ද යන්න මට
පැහැදිලි වුයේ නැත. ඒ
දරුවන් මේ වන විට
සිටින්නේ අඩු වයස් මට්ටම්
වලය. ඉදිරියේදී ඔවුන්ගේ අධ්යාපනය සකස්
විය යුත්තේ කෙසේද යන්න ඒ දෙමව්පියන්
සැළසුම් කර තිබෙනවා විය
හැකිය.
Britannica
ඇසුරිණි
මෙය අධ්‍යාපනයේ නව ප්‍රවණතාවයක් ලෙස සිතුවත් ඇත්තටම එයට ඉතිහාසයක් තියෙන බව දැන ගත්තේ මේ ලිපියෙන්!
ReplyDeleteThattayagekolama කොමෙන්ටුවට ස්තුතිවන්ත වෙමි. යම් කෙනෙක් දැනුවත් වීම යනු ලිවීමේ අරුත මට වඩාත් වටහා දීමෙන් ලිවීමට පෙළඹ වීමයි.
Deleteඔබගේ හරබර Blog සටහන කිහිප වරක්ම කියවූවා. Home schooling හෙවත් නිවසේ සිට ඉගෙනීම සහ Distant Education - දුරස්ථ අධ්‍යාපනය යන අධ්‍යාපන පිවිසුම් දෙක පිලිබඳ නිසි අවබෝධයක් නොමැති අයට විශේෂයෙන්ම එවැනි දෙමාපියන්ට එම ලිපිය ඉතාමත් ප්‍රයෝජනවත් වන බව නිසැකයි.
ReplyDeleteදැනට මාස කිහිපයකට පෙර මා විසින් කියවන ලද ලිපියක කොටසක සිංහල පරිවර්තනය මෙසේය.
පාසැල සදා දිනේවා!
පාසැලකින් බලාපොරොත්තු වනුයේ, විෂයය කරුණු, ඒවායේ අන්තර්ගතය හෝ සිසු පැවරුම් මගින් නිරායාසයෙන් ලැබෙන පරිණත වීම පමණක් නොව, ඒවා මගින් ලබන සදාචාරාත්මක සහ ඒකාබද්ධ කුසලතා සහ ආකල්ප පද්ධතිය මගින් ඇතිවන ජීවන සංයමයයි. අප දැනට පීඩා විඳින වයිරස වසංගතය නිසා පාසැල යනු භෞතික ස්ථානයකට වඩා පූජණීයත්වයේ ලා සැලකිය හැකි සංකේතාත්මක අවකාශයක් බව මොනවට පැහැදිලි වේ. මෙම පුළුල් අවකාශය තුළ මානවයා තුළ සහජීවනයට මං පෑදෙයි. ඒ ඔස්සේ ජීවිතය පිලිබඳ මාහැඟි අරුතක් හමුවේ. මෙහිදී මිනිස් සංහතියේ සහ දේශයේ උන්නතියත්, එකිනෙකාගේ අයිතිවාසිකම් සහ යුතුකම් අතර සම්බන්ධයත් කෙබඳුදැයි හෙළිවේ. ඒ සමගම පොදුවේ සාමුහික වගකීම ඉස්මතු වී “අප” යන සංකල්පයට වඩාත් ගැඹුරු ප්‍රබුද්ධ අර්ථයක් තහවුරු වේ.
මේ අදහස් ගැන කල්පනා කර බලන විට Home schooling හෝ Distant education යන දෙආකාරයෙන්ම පාසැල නමැති උත්තරීතර ආයතනයෙන් ලැබෙන ආභාෂය නොලැබෙන බව පැහැදිලි වනවා නොවේද?
ඔබේ දීර්ඝ කොමෙන්ටුවට ස්තුතියි. ඇත්තෙන්ම පාසල් අධ්‍යාපනයේ (අපේ රටේ ) යම් අඩු පාඩු තිබෙන්නේ නමුදු එය අතික්‍රමනය කිරීමට වෙනත් අධ්‍යාපන ක්‍රමයන්ට හැකියාවක් ඇතැයි මා සිතන්නෙත් නැහැ. සර් , School is Dead හා හරි පුදුම ඉස්කෝලේ පොත් කියවා ඇති කියල හිතනවා. පාසැල ගැන විරෝධාකල්ප එකල ඉඳන්ම තිබිල තියෙනවා.
Delete