Wednesday, October 6, 2021

කලින් සිතුවාට වඩා කලකට පෙර මිනිසා ඇමරිකාවට සංක්‍රමණය වෙලා

 










කලින් සිතුවාට වඩා කලකට පෙර මිනිසා ඇමරිකාවට සංක්රමණය වෙලා

 

නවතම සොයා ගැනීම් වලට අනුව කලින් සිතුවාට වඩා වසර 7000කට පෙර මිනිසා ඇමරිකානු මහද්වීපයට සංක්රමණය වී තිබේ. නිව් මෙක්සිකෝවේ ක්රියාත්මක වන කණ්ඩායමක් විසින් වසර 21000-23000 දක්වා පැරණි මිනිස් පාද සටහන් රැසක් සොයාගෙන තිබේ. මේ අනුව මහා ද්වීපය මිනිස් වාසයක් බවට පත්වීමේ කාලවකවානු  සම්බන්ධ දෘෂ්ටි කෝණය වෙනස් වී තිබේ.  කලින් සිතූ ආකාරයට ආසියාවෙන් ඇමරිකානු මහද්වීපයට සංක්රමණය සිදුවීම මිට වසර 16000කට පෙර සිදුවී ඇති බව සඳහන් වන නමුත් එයද බොහෝ මතභේද වලට තුඩු දුන් එකකි.  දැන් මේ නවතම සොයා ගැනීම් අනුව ඊට කලකට පෙර මහා මිනිස් සංක්රමණයන් සිදුවී ඇති බවට අනුමානයක් ඇතිවේ. එමෙන්ම ආදිවාසී ජනගහනය නෂ්ටව ගොස් ඇති බවද පෙනේ.

 

  White Sands හි  Alkali Flat වල විල් තෙරක මායිමෙන් මේ පාද සලකුණු සොයාගෙන තිබේ. විද්යාඥයින්ට අනුව මේ සටහන් වැඩිහිටියෙක් සමග ගමන් ගත් නව යොවුන් හා ළාබාල ළමයින්ගේ ඒවාය. මේ සොයා ගැනීම නිරිත දිග එක්සත් ජනපදයේ එකල ජන ජීවිතය කෙසේ වූවාද යන්න ගැන කවුළුවක් විවර කරයි. ළමයින් මෙහි කුමක් කරමින් සිටියේද යන්න විද්යාඥ යන්ට නිශ්චිතව කීමට නොහැකි නමුත්  ආදී මුල් පදිංචි කරුවන් ගේ චාරිත් අනුව ළමයින් දඩයම් ක්රමයකට උදව් වීමක් සිදුවී ඇතැයි අනුමාන කරනු ලැබේ. මී හරකුන් වගුරෙන් පිටතට පැන්නවීමේ Buffalo jump නමින් හඳුන්වන කාර්ය වීමට ඉඩ තිබේ. දඩයමින් පසු ආහාර පිළියෙළ කිරීමට ළමයින් දර, වතුර, හා අනිකුත් දේවල් එකතු කිරීමේ යෙදෙන්නත් ඇත.

මතය පිළිගැනීමේ ඉඩ කඩ කාල නිර්ණයේ නිරවද්යතාව මත රඳා පවතී.  මෙවැනි ස්ථානයක කාබන් කාල නිර්නයේ යම් යම් ගැටළු පැන නගින නමුත් දැනට ඇති සාධක මත මේවා වසර 21000-23000 අතර පැරණි බව නිර්ණය වී තිබේ. වැඩි විස්තර ජර්නලයේ දක්වා ඇත.

පාද සටහන් රූපය BBC මගින් ලබා ගත් අතර Buffalo jump දඩයම් ක්රමය අන්තර්ජාලයෙනි.

(BBC Science අනුව සකස් කළ ලිපියකි.)

No comments:

Post a Comment