Sunday, October 24, 2021

ස්වයංපෝෂී (විද්‍යා ප්‍රබන්ධ කතාව)

 



 ස්වයංපෝෂී

කාලේ මිනිස්සු හරිම ග්රාම්යයි නේද කියල විද්යාඥ හැරිස් කල්පනා කළා. මිනිස්සු ජාන ඉංජිනේරු තාක්ෂණයට මාර විදියට බය වුණාලු.  වචනෙත් අප්රිය කරාලු. ජාන තාක්ෂණේ යොදල හදපු ආහාර බෝග වර්ජනේ කරාලු. හැරිස් මේ ටික කියෙව්වේ එයාගේ යාළුවෙක් වන මෝගන් ලියපු පොතකින්.  කොටින්ම දෙමුහුම් බෝග හිටන් මේ මිනිස්සු වරදවල හිතල තියෙන්නේ ජාන බද්ධ  කරපුව කියල. මේ  කතා අදාල වෙන්නේ දැනට අවුරුදු සීයකට එහා පැත්තට. මේ පොතේ තව අරුම පුදුම කතා ටිකකුත් තිබුණ.  එක දූපතක් තියෙනවලු ලංකාව කියල.  මේ රටේ ස්වයංජාත කියල වී වර්ගයක් තිබුනලු. දෙවියොලු මේ බෝගෙ ලබා දුන්නේ. අන්තිමට ඒක මහා වටිනා බෝගයක් කියල රටේ හැමෝම වවන්න අරන්. අන්තිමට දැනගෙන මේ ඉදල් ඉරිඟු වර්ගයක් කියල.  විතරක් නෙවේ රටේ ලෙඩට බෙහෙත් පවා දෙවියෝලු කියා දෙන්නේ. මේ රටේ මිනිස්සු හිතන් හිටියලු ගොල්ලෝ රාවණා කියල පරපුරකින් පැවත එනවා කියල. 2019 අවුරුද්දේ ආපු කොරෝනා වසංගතයේදී මිනිස්සු එන්නත් ගන්නත් බය වුනාලු, ඒවායින් තමන්ගේ ජාන වෙනස් වෙයි කියල. හැරිස් තම ටැබ් එකෙන් ලෝක සිතියම අරන් මේ රට කොහේ තියෙනවා කියල බැලුව. එතකොට මතක් වුණා මේ එක්තරා කාලෙක තමන්ගේ යටත් විජිතයක් වෙලා තිබුණු සිලෝන් නේද කියල. මොකද හැරිස් ටිකක් ඉතිහාසයට කැමතියි. ගැන කියවනවා. හැරිස් මේ වගේ විකාර කියවන්නේ එයාගේ විද්යාගාරේ වැඩ වලින් ටිකක් විවේක තියෙන වෙලාවට. අඩි හයක් උස සිහින්දෑරි හැරිස්ගේ මුහුණ රවුම්. දැන් තට්ටය පෑදිලා වුණත් එකල මුදු ගැහුණු කළු කොණ්ඩයක් තිබුණ.  දෑසේ බැල්ම හරිම ඍජු එකක්. නිතරම කල්පනාවක ඉන්න බවක් දෑස් වල තිබුන. හැරිස්ගේ විද්යාගාරේ පුද්ගලික එකක්. ඒක පිහිටලා තියෙන්නේ ලන්ඩන් නුවර ඔක්ස්ෆර්ඩ් පටුමගේ.

 

දවස් පහුවෙලා අවුරුදු සීයක් විතර ගෙවෙන මේ වෙලාවේ වුණත් ලෝකේ තියෙන ලොකුම ප්රශ්නේ ආහාර ප්රශ්නය. දැන් ලෝක ජනගහනය බිලියන දොළහක්.  ජාන තාක්ෂණේ පිහිටෙන් හදපු ආහාරත් දැන් සුලබයි. රන් සහල් හරි ජනප්රියයි. වගේම මස් මාංශ ආදියත් සුලබව තියෙනවා. වුණාට මේ මොහොතෙත් දුප්පත් රටවල් වල හැම තත්පරේටම දරුවෙක් නිරාහාරව මැරෙනවා. හැරිස් දැන් අවුරුදු හතළිහක් තිස්සේ මේකට විසදුමක් හොයමින් පර්යේෂණ කරනවා. එයාගේ සමහර මිතුරෝ මේකට හිනහ වෙනවා. 

" ඔයා හිතන දේ කරන්න හුඟක් අමාරුයි හැරිස් ....අපරාදේ ඔයාගේ ජීවිතේම ගෙවාගෙන ඔයා ගන්න මහන්සිය. දැන්වත් වෙන පැත්තකට හැරෙන්න.”  ඊයෙත් රෙජිනෝල්ඩ් හැරිස්ට කිව්වා. රෙජිනෝල්ඩ් තව ජීව විද්යා පර්යේෂකයෙක්. හැරිස්ගේ මිතුරෙක්.

"තව ටිකයි රෙජී ....ළඟදීම මං ලෝකය පුදුම කරනවා" හැරිස් කිව්වා.

රෙජිනෝල්ඩ් ගේ මුවේ උපහාසාත්මක සිනාවක් ඇඳෙනවා හැරිස් නොදැක්කේ නැහැ.  හැරිස්ට දැන් මේ අපහාස, උපහාස හොඳට පුරුදුයි. ඒවාට තෙම්පරාදු වෙලා ඉන්නේ. ‘තව ටික කලයි මේවා” කියල හැරිස් යටි හිතෙන් හිතුව. කොහොම නමුත් නලින්, ඩික්සන් ඇතුළු හැරිස්ගේ පර්යේෂණ කණ්ඩායම තව දුරටත් හැරිස් එක්ක මේ දීර්ග ගමන යාම ගැන හැරිස්ට තිබුණෙ පුදුම සතුටක්. හැරිස් නිතරම ඔවුන්ට සිය කෘතඥතාවය පුද කළා.

. .

හැරිස් ලන්ඩන් නුවර තම පාසලේ උසස් පෙළ පන්තියේ ඉන්න කාලෙ ඉඳන්ම 'ස්වයංපෝෂිත ' කියන වචනේ ගැන හරියට හිතුව. ලෝකයේ ජීවීන් කොටස් දෙකයි. ස්වයංපෝෂී හා විෂම පෝෂී තමයි මේ කොටස් දෙක. විෂම පෝෂින්ට ස්වයංපෝෂින් මත රැඳෙන්න වෙනවා, තමන්ගේ බඩවියත වෙනුවෙන්.  ඉතින් කෑම සොයා ගැනීම තමයි ලොකුම ප්රශ්නය. ලෝකේ පුරා යුද ගිනි ඇවිලෙන්නෙත් හුඟක් වෙලාවට මේ ප්රශ්නය උඩ.  ජීව විද්යාව ඉගෙන ගනිද්දී හැරිස් ගේ හිත ගිය අපූරු ජීවියෙක් හිටියා. තමයි යුග්ලිනා.  අන්වීක්ෂීය ජලජ ජීවියෙක්. මේ ජීවියා අඳුරේ ඉන්න කොට විෂම පෝෂී.  කියන්නේ වෙන කවුරු හරි මත ආහාර සඳහා යැපෙනවා. හැබැයි ආලෝකයේ ඉන්නකොට හරිත ලව හැදෙනවා. ඉතින් ඒවායේ උදව්වෙන් තමන්ගේ ආහාර හදා ගන්නවා.  එතකොට ස්වයංපෝෂී. මේක අපූරු ජීවිතයක් නේද කියල හැරිස්ට හිතුණා.  හැරිස් ගේ මේ උනන්දුව එයාගේ ජීව විද්යා ගුරුවරයා වන මාරි ටත් තේරුණා. සාමාන් ගුරු ගෝල සම්බන්ධයකින් ඔබ්බට මාරි හැරිස්ටත් හැරිස් මාරිටත් හුඟක් ආදරය කළා.

"මට හිතෙනවා හැරිස් දිගටම මේ කුතුහලය රඳවා ගනියි කියල කවද හරි දවසක ලෝකය මවිත කරනකම් " දවසක් මාරි හැරිස් ගැන අනාවැකියක් පළකළා.  හැරිස්ගේ හිතෙත් මේක තැන්පත් වුණා. දැන් නම් මාරි මිය ගිහින් හුඟක් කල්. එක පාරට හැරිස්ට මාරි මතක් වුණා.

"මට තාම ඔබ කියූ අනාවැකිය යථාර්ථ යක් කරන්න බැරි වුණා මාරි " හැරිස් දුකෙන් තමාටම කියා ගත්ත. මාරිගේ සොහොනට ගිහින් වෙලාවක මල් මිටක් තියන්න ඕන කියල හැරිස්ට හිතුණා.

 

කොහොමින් කොහොම හරි හැරිස් උපාධියට තෝරාගත්තේ අණුක ජීව විද්යාව. මේ වෙද්දී විෂය ක්ෂේත්රය හරිම පුළුල් වෙලා තිබුණේ. ශාක සත්තු විතරක් නෙවේ මිනිස්සු පවා යොදාගෙන විවිධ පර්යේෂණ කෙරුණා. ඒවායේ ප්රතිඵල සාර්ථක වුණා. හුඟක් බෝ නොවන රෝග වල ජානමය සාධක සොයාගෙන රෝග තුරන් කරන්න පුළුවන් වෙලා තිබුණ. නරක ජාන හඳුනාගන්න පර්යේෂණ වැඩි දියුණු වුණා. මිනිස්සු විවාහයට පෙර තම ජාන පරීක්ෂා කර ගත්ත. දෝෂ තිබුණු අය ඒවා නිවැරදි කර ගන්න බැරි නම් ඊළඟ පරම්පරාවක් නොහද හිටිය.  හැරිස්  විවාහ වුණේ මාග්රට් සමග. හැරිස්ගේ විශ්ව විද්යාල සගයෙක්.  හැම අතින්ම හැරිස්ගේ පර්යේෂණ වලට වුවමනා සහයෝගය දුන්න. එකම පුතාගේ සියලු අවශ් තා   විසින්ම ඉටු කළා. පුතා ඇලෙක්ස් දැන් විශේෂඥ වෛද් වරයෙක්.  මාග්රට් තාම හැරිස්ගේ හෙවනැල්ල වගේ ඉන්නවා.

ලෝකය ගලාගෙන ගියේ මේ විදියට. තාම ධනවත් දුප්පත් භේදය තියෙනවා. වෙළඳපොල ආර්ථිකය ලෝකය යටකරගෙන තියෙන්නේ.  ඒක වෙනස් කරන්න දේශපාලන ව්යාපාර උත්සාහ දරුවත් තාම ඒක පේන තෙක් මානෙක නැහැ. වුණත් එකල තිබුණට වඩා සමාජවාදී රටවල් බිහි වෙලා තිබුණ.  ඒවා තම ආර්ථිකය වෙනස් කරමින් තිබුණ. වුණාට පෙර වූ ලෝක බලවතුන් එපරිද්දෙන්ම ක්රියාත්මක වුණා.

 

 ආචාර්ය උපාධියටත්  හැරිස් කළේ ජාන තාක්ෂණය සම්බන්ධ පර්යේෂණයක්.  ප්රභා සංස්ලේෂණය සම්බන්ධ ජාන ගැනයි පර්යේෂණය. එයා ජාන වෙන්කරගන්න සමත් වුණා.  යුග්ලිනා ගැනත් හුඟක් සොයා බැලුවා. ඊට පස්සේ එයාගෙ  හුඟක් පර්යේෂණ පත්රිකා අන්තර්ජාතික ජර්නල වල පළවුණා. දැන් එයා ලෝකප්රසිද්ධ විද්යාඥයෙක්. එයා ශාක ජාන සතුන්ටත් සත්ව ජාන ශාක වලටත් ඇතුල් කළා.  දිලීර ජාන ශාක වලටත් ඇතුල් කළා.  අනුව තමයි ඇමයිනෝ අම්ල වැඩි අර්තාපල් ශාක ඇති කළේ. ඒක මස් මාළු නොකන මිනිස්සුන්ගේ ප්රෝටීන ප්රශ්නෙට විසදුමක් වුණා. මොකද අය සත්ව ජාන ඇතුල් කළ ශාක ආහාරයට ගත්තේ නැහැ. හැරිස් ගේ මේ දීර්ඝ කාලින පර්යේෂණය මොකක් කියල තාම කිව්වේ නැහැනේ.

දැන් හැරිස්ගේ පර්යේෂණ දිව යන්නේ එයුග්ලිනා ගේ ජාන මීයන්ට ඇතුල් කර ස්වයං පෝෂී මීයන් නිර්මාණය කිරීමට. අවුරුදු ගණනක් පර්යේෂණ කළා. නමුත් සාර්ථක වුණේ නැහැ. මේ සඳහා ලොම් රහිත මීයන් ඇති කිරීම තමයි පළමු පියවර. සමේ ලෝම තිබීම ආලෝකය උරා ගන්න බාධාවක්. මොකද සමේ සෛලවල හරිතලව ඇති කරලා ඉන් පස්සේ සුර්යලෝකයට නිරාවරණය වුණහම ඒවා ක්රියාත්මක වී ආහාර හැදෙන්න ඕන.  අඳුරේ ඉන්න විට හරිතලව වියකෙනවා.  එවිට කටින් ආහාර ගන්න වෙනවා. නමුත් දිගටම දවසට පැය කීපයක් සුර්යාලෝකය ලැබෙනවා නම් හැදෙන ආහාර ප්රමාණවත්.  ඊට පස්සේ දීර්ඝ කාලයක් ගියහම ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළු සම්බන්ධ ව්යුහයන් ක්ෂීණ වී යන්නත් ඉඩ තියෙනවා.

කාබන්ඩයොක්සයිඩ් සම හරහා ලබා දීම කියන එක හා ඔක්සිජන් පිට කිරීම කියන සිද්ධි දෙක තමයි විසඳන්න අමාරුම වුණේ. සඳහා හැරිස් පර්යේෂණ රාශියක් කළා. සාමන්යයෙන් ක්ෂීරපායි සමේ සෛල යම් ප්රමානයකට වායු හුවමාරුවක් කරනවා. එය වැඩි දියුණු කිරීමටයි හැරිස් උත්සාහ ගත්තේ. ගෙම්බන් වගේ සතුන්ගේ  නම් හමෙනුත් වායු හුවමාරුව සාර්ථකව සිදු වෙනවා. කොහොම හරි හැරිස්ගේ ජාන පර්යේෂණ වලින් බිහිවූ මීයන්ගේ මේ හැකියාව වැඩි දියුණු වී තිබුණ.

මේ පියවර සාර්ථක වුණොත් මිනිසුන්ගේ සමේත් මේ විදියට හරිතලව ඇතිකරන්න පුළුවන් කියලයි හැරිස් ඇතුළු පර්යේෂණ කණ්ඩායම හිතන්නේ. එතකොට කැමති මිනිස්සුන්ට ජාන බද්ධයට යන්න පුළුවන්. එතකොට මිනිස්සුන්ට කෑම කියන එක ප්රශ්නයක් වෙන්නේ නැහැ. අවශ් මූල ද්රව් ටික පානයක් විදියට ගන්න පුළුවන්.

හැරිස් අතීතය ගැන පොතේ කියවමින් හිටි පිටුව අතරට පොත් සලකුණක් තියල හෙමිහිට නැගිටලා ශීතකරණය ලඟට ගිහින් සීතල වතුර ටිකක් වීදුරුවකට වත් කරගෙන නැවතත් තම අසුනේ ඉඳ ගත්ත විතරයි.

 

" සර්, සර්, මෙහෙ එන්න. මේ බලන්න මේ බලන්න."කියල තම පර්යේෂණ සගයෙක් වන ඩික්සන් මොරදෙනවා ඇහුණා. ඩික්සන් පොඩි දෙයිනුත් කලබල වෙන්ව.  ඒත් හඬේ වෙනදා නැති අමුත්තක් හැරිස්ට දැනුණා.

 

ඩික්සන් හිටියේ මිදුලේ අව්වේ.

 

" මොකක්ද ඩික්සන් ?" අසමින් හැරිස් ඩික්සන් ලඟට ගියා.

 

හැරිස්ගේ ඇස් විමතියට පත් කරමින් කූඩුවේ සිටි මීයන්ගේ සම කොළ පාට වෙලා තිබුණ.

 

යුරේකා !

Photo by Lukas Tennie on Unsplash

No comments:

Post a Comment