Monday, October 18, 2021

COVID 19 වැක්සිනයෙන් ලැබෙන ආරක්ෂාව දිගු කාලීන නොවන්නේ ඇයි?

 









COVID 19 වැක්සිනයෙන් ලැබෙන ආරක්ෂාව දිගු කාලීන නොවන්නේ ඇයි?

 

සරම්ප වැක්සිනය ජීවිතයටමය. පැපොල වැක්සිනය ඔබ වසර 10-20 දක්වා ආරක්ෂා කරයි. පිටගැස්ම ටොක්සොයිඩය දශකයක් පමණ ඔබ ආරක්ෂා කරයි. නමුත් COVID 19 සඳහා  වැක්සිනය ලබාදී මාස හයක් ගත වූවන්ට බූස්ටර් මාත්රාවක් දීම ගැන එක්සත් ජනපදය සිතමින් සිටී. 

වැක්සිනයක් දීමේ අරමුණ යම්කිසි රෝගයක් සෑදීමෙන් පුද්ගලයා ආරක්ෂා කිරීම හෝ වැළඳුනත් තදබල රෝගී තත්වයට හෝ මරණයට පත් වීම වළක්වා ගැනීමත්ය. ඉතාම ක්රියාකාරී වැක්සිනයක් පුද්ගලයා රෝගියෙකු හා ඍජුව ගැටුනද ඔහු රෝගී නොකරන බව විශේෂඥ අදහසයි. නමුත් හැම වැක්සිනයම එකසේ ප්රභල නැත.

වැක්සිනයකින් ලැබෙන ආරක්ෂාව මට්ටම් තුනක පවතී.

1. රෝගයට විරුද්ධ පුර්ණ ආරක්ෂාව හා පැතිරීම වැළැක්වීම

2. රෝගයේ දරුණු බව වැළැක්වීම හා පැතිරීම වැළැක්වීම

3. රෝගයේ දරුණු බව වැළැක්වීම (මරණය වැළැක්වීම )

 

වැක්සිනයක සාර්ථක බව රඳා පවතින සාධක

1. වැක්සිනය මගින් ඇති කරන ප්රතිශක්ති ප්රතිචාරයේ ප්රභල බව

2. සෑදෙන ප්රතිදේහ වියැකී යාමේ වේගය

3.රෝග කාරකය විකෘතිතා දක්වන්නේද යන්න

4. ආසාදනය ඇති වන්නේ කුමන ස්ථානයක යන්න

 

වැක්සිනයක් මගින් ලැබෙන ආරක්ෂාවේ දේහලිය අගය ( threshold value ) යනු රෝගය වළක්වා ලීම සඳහා තිබිය යුතු ප්රතිදේහ ප්රමාණයයි.

මෙය මනිනු ලබන්නේ රුධිර මිලි ලීටර් එකක ඇති ප්රති දේහ ප්රමාණය මැනිමෙනි.  

T සෛලද මෙහිදී වැදගත් වන නමුත් මැනීමට පහසු ප්රතිදේහ ප්රමාණයයි.

ටෙටනස් සඳහා මේ අගය රුධිර මිලි ලීටරයකට අන්තර්ජාතික ඒකක 0.01ක් බව 1942දී සොයා ගන්නා ලදී. සත්ව පර්යේෂණ වලින් පසු ජර්මන් ජාතික විද්යාඥයින් දෙපලක් තම තමා මාරාන්තික වන ප්රමාණයේ ටෙටනස් විෂ ශරීර ගත කර ගැනීමෙන් කරන ලද පරීක්ෂනයකිනි. ඔවුන් දෙදෙනාම රෝගී වී නැත.  1985 දී සරම්ප සඳහා මේ අගය සොයා ගන්නා ලද්දේ ශිෂ් නේවාසිකාගාරයක් ශිෂ්යයින්ගේ රුධිරය එකතු කරගෙන අනතුරුව වයිරසයට නිරාවරණය කිරීමෙනි. එකතු කර ගත් රුධිරයේ මිලි ලීටරයකට ප්රතිදේහ අන්තර්ජාතික ඒකක 0.02ක් වූ අතර සිසුන් රෝගී වී නැත.

සරම්ප ප්රතිදේහ වියැකෙන්නේ සෙමින්ය. ටෙටනස් ප්රතිදේහ ඉක්මනින් වියැකෙන නමුත් එන්නතින් අවශ් පමණටත් වඩා ප්රතිදේහ නිපදවෙන බැවින් වසර දහයක් යන තෙක් දේහලිය අගයට වඩා අඩු වන්නේ නැත. මෙසේ ටෙටනස්, ඩිප්තිරියා, සරම්ප හා වැක්සිනියා යන එන්නත් සඳහා දේහලිය අගයන් සොයාගෙන ඇති නිසා ඒවා සම්බන්ධ ප්රතිදේහ කොතෙක් කලක් අප ආරක්ෂා කරන්නේද යන්න දැනගැනීමට   අප වාසනාවන්ත වී ඇති බව සඳහන්ය. නමුත් COVID 19 සම්බන්ධව එවැන්නක් තවම දන්නේ නැත.

යාවජීව ආරක්ෂාව සපයන ඉතා සාර්ථක එන්නත් නිපදවා ඇත්තේ ගුණනය විය හැකි වෛරස මගිනි. සරම්ප සහ පැපොල වැක්සින එයින් දෙකකි. ගුණනය නොවන හා ප්රෝටීන පාදක කරගත් වැක්සින වැඩි කලක් ආරක්ෂාව ලබා දෙන්නේ නැත. නමුත් ඒවායේ සාර්ථකත්වය adjuvant උපකාරකයක් මගින් වර්ධනය කළ හැකිය.

ජොන්සන් & ජොන්සන් හා ඇස්ට්රා සෙනික වැක්සින් නිපදවීමට ගුණනය නොවන ඇඩිනෝ වයිරස් යොදා ගන්නා අතර ඒවායේ උපකාරකයක් නැත. මොඩර්න හා ෆයිසර් RNA වැක්සින් නිපදවීමට කිසිසේත්ම වයිරස් යොදා නොගන්නා අතර ඒවා ක්රියා කර න්නේ  වෙනස් ආකාරය කටය.

තත්වය වඩාත් සංකීර්ණ වන්නේ විකෘතිතා දක්වමින් මිනිස් ප්රතිශක්ති ප්රතිචාරයෙන් ගැලවී යාමට සමත් බැක්ටීරියා  හා වෛරස  පාලනය සම්බන්ධයෙනි. සරම්ප, කම්මුල්ගාය, ජර්මන් සරම්ප හා පැපොල වෛරස විකෘති නොදක්වන තරම්ය. නමුත් බ්රිතාන් මෙඩිකල් ජර්නලය අනුව COVID 19 ඇතිකරන SARS - CoV -2 වෛරසයේ ප්රභේද අටක් දැනටමත් හඳුනා ගෙන ඇත.

ෆ්ලු වෛරස නිරන්තරයෙන් වෙනස් වන නිසා සඳහා වසරක් පාසා සාදන වැක්සීනයේ සංයුතියද වෙනස් කර නිපදවේ. එයින් ආරක්ෂාවක් ලබා දෙන්නේ මාස හයක පමණ කාලය කටය.

වෛද් අනිටා අනුව ශ්වසන රෝග සඳහා එන්නත් මගින් ලැබෙන රංචු ප්රතිශක්තිය කෙටි කාලීන වේ. එම කාලයේ දීර්ඝ බව වෛරසය වෙනස් වන වේගය මෙන්ම ප්රතිදේහ වියැකෙන වේගය මත රඳා පවතී. කොරෝනා වෛරසය ඉහළ මෙන්ම පහළ ශ්වසන මාර්ගයේ ගුණනය වේ. පෙනහැලි හා දේහයේ හොඳ රුධිර සංසරණයක් ඇති නමුත් නාස් කුහරය තුළ එසේ නැත. වැක්සිනයට රෝගයේ දරුණු බව වළක්වා ලිය හැක්කේ පහළ ශ්වසන මාර්ගයේ හොඳ ප්රතිදේහ සාන්ද්රණයක් ඇති බැවිනි. නමුත් ඉහළ ශ්වසන මාර්ගයේ ආසාදනය ඇතිවිය හැකිය.

 

ඉදිරියේදී මේ ස්ථාන දෙකේම ආසාදන වැළැක්විය හැකි ආකාරයේ වැක්සීනයක් බිහි වීමට ඉඩ ඇත. එතෙක් අපේ ප්රති ශක්ති ප්රතිචාරය රවටා ලිස්සා යාමට හදන වෛරසය සඳහා තෙවැනි මාත්රාවක් අවශ් වනු ඇත.

 

Wall Street Journal හි Jo Craven McGinty ගේ ලිපියක් ඇසුරිණි

Photo by Marisol Benitez on Unsplash

No comments:

Post a Comment