Sunday, October 10, 2021

මැලේරියා එන්නත

 










මැලේරියා එන්නත
අවසානයේ මැලේරියා රෝගය වැළැක්වීම සඳහා නිපදවන ලද එන්නතට ලෝක සෞඛ්ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ. මැලේරියාව ලංකාව ඇතුළු ලෝකයේ රටවල් රැසක ජීවිත දහස් ගණනින් බිලිගත් පරපෝෂිතයෙ කුගෙන් ඇතිවන දරුණු රෝගයකි. මේ පරපෝෂිතයා ඇපිකොම්ප්ලෙක්සා වංශයට හා Plasmodium ගණයට අයත් අන්වීක්ෂීය ජීවියෙකි. Plasmodium ගණය යටතේ විශේෂ කිහිපයක් රෝග කාරකයන් ලෙස දක්නට ලැබේ. ඒවා නම් Plasmodium vivax, Plasmodium malariae හා Plasmodium falciparum ය. මෙයින් දරුණු මොළයේ මැලේරියාව ඇති කරන්නේ P.falciparum ය. මේ පරපෝෂිතයා ව්යාප්ත වන්නේ (වාහකයා ) Anopheles ගණයේ මදුරුවන්ගේ ගැහැණු සතුන් මගිනි.
මැලේරියාවට විරුද්ධව ක්රියාකරන එන්නතක් නිපදවීම ආරම්භ වූයේ 1987 තරම් ඈත කාල වකවානුවකය. දැනට ලංකාව මැලේරියා රෝගය තුරන් වූ රටක් ලෙස සැලකේ. ඒ මැලේරියා මර්ධන ව්යාපාරයේ දැඩි කැපවීම මත වසර ගණනක් තිස්සේ ක්රියාත්මක වූ වැඩ පිළිවෙල නිසා ලැබූ ජයග්රහණයකි. එහෙත් හුදකලා තත්වයන් හා වෙනත් රටවලින් පැමිණෙන්නන් නිසා රෝගය දක්නට නොලැබෙන්නේ නොවේ. ලෝකයේ තත්වය මීට වඩා වෙනස් වේ. 2019 වසරේ ලෝකයේ මැලේරියා රෝගීන් මිලියන 229 ක් හඳුනා ගෙන තිබේ. ඒ වසරේම මැලේරියා මරණ 409 000කි (WHO). අප්රිකාවේ සෑම මිනිත්තුවකම දරුවෙක් මැලේරියාවෙන් මිය යන බව වාර්තා වී තිබේ.
ඒ නිසා මේ එන්නත සොයා ගැනීම ඓතිහාසික ජයග්රහණයකි. පරපෝෂිතයෙක් සඳහා වූ පළමු හා එකම එන්නත මෙයවේ. මෙහි නම RTS,S/AS01 වශයෙන් දක්වා තිබේ. නිපදවා ඇත්තේ 1987 සිට මේ සම්බන්ධ පර්යේෂණ මෙහෙයවූ GlaxoSmithKline (GSK )නමින් හැඳින්වෙන බ්රිතාන්ය සමාගමකි. මාස 5 වයසින් ආරම්භ කර මාත්රා 4ක් වශයෙන් එන්නත දිය යුතු බව නිර්දේශ කර තිබේ. සායනික පර්යේෂණ කර ඇත්තේ කෙන්යාව, ඝානාව හා මලාවි යන රටවල දරුවන් 800,000 ට වඩා යොදා ගනිමින
Photo by Егор Камелев on Unsplash

No comments:

Post a Comment