Saturday, April 30, 2022

තරු පොකුරු වලාකුළු යට

 












තරු පොකුරු වලාකුළු යට

තරු පොකුරු වලාකුළු යට
විහිද තිබුණත් ආලෝක වසර
ගණනාවක් දුරකට
පෙනෙන්නේ එක පොදියට
දිලෙන්නේ එක විදියට
ඒත් විමසිල්ලෙන් ඉන්න
රහස් තියෙන්න පුළුවන් බෝම
බලය කැරෙන්නේ
තරු එළවන්න ඈතට...
ඒත් බැඳී ඉන්න එක පොකුරට
ලිහුණොත් ඇදී යාවි
තෙරක් නොපෙනෙන
කළු කුහර පතුළකට

Tuesday, April 19, 2022

ලෙයින් පෙඟුණු

 












ලෙයින් පෙඟුණු 

මේ බිමට තවත් 

උරාගන්නට 

දෙයක් නැත

මේ නාටකය  

ඇති දැන් හොඳටම 

කළා දැන් කාලය 

හොඳටම හොඳයි 

වේදිකාවෙන් 

බැස යන්නට 

Thanks to Alexandre Boucey  for the image on Unsplash



Tuesday, April 5, 2022

පෙරට යමු! ඔබට ජය!

 


පෙරට යමු! ඔබට ජය!












මේ ටික ළඟදි වෙන බව නැති බව වාද
කතිරෙට කලින් අපි කොපමණ කිව්වා ද
ඒවා ඇසූ ඔබ කොතරම් රැව්වා ද
සාටක බදන් පා කොතරම් ලෙව්වා ද

මෙයා විතර කෙනෙකුත් තව ලොවේ නැත
කියා ඉනාවට රැවටී දෙමින් අත
විරුවෙකු ගෙනත් විරවා ගෙන නැතුව බත
දැන් දැන් වැඩි දෙනෙක් කතිරෙත් ගසා නැත!

නැගිටීමක් දුටුව තැන එහි දොස් දුටුවා
මුන්ට තෙලේ නැගලද ඉන්නට බැරුවා
අද තම තමන් පාමුල එය අත් දුටුවා
මේවා ලියවුනත් තරහක් නම් නැතුවා
සිංහල දෙමළ මුස්ලිම් තව තව බේද
බඩගිනි ළඟදි කිසි වෙනසක් නෑ නේද
මේ ටික තේරුණොත් දැන්වත් ඇති නේද
යමු යමු පෙරට ළඟ එනු ඇත ජය නාද