Saturday, May 29, 2021

SARS - CoV - 2 වයිරස් හා ජෛව පරිණාමය

 



SARS - CoV - 2 වයිරස් හා ජෛව පරිණාමය

 

ජෛව පරිණාමය කියන්නේ සරලව කිව්වොත්  මුල් පුර්වජ ජීවී ආකාර යම් යම් ආකාර වලට වෙනස් වෙලා නව ජීවී විශේෂ පහළ වීම.  මේක මේ දැනුත් වෙමින් තිබෙන ක්රියාවලියක්.  නමුත් මේක හුඟ දෙනෙකුට වැටහෙන්නේ නැත්තේ ඇහැට පේන්න වෙනසක් ලොකු සත්තු ශාකවල දකින්න නැති නිසා.  මේ ජීවීන්ගේ වෙනස් කම් වෙන්න සෑහෙන කාලයක් ගත වෙනවා.  පරම්පරාවක් තුළ වුණත් වෙනස්කම් වෙනවා.  ඒත් විශේෂ දෙකක් වෙන්න නම්  ලොකු වෙනස් කම් වෙන්න ඕන. සඳහා පරම්පරා සිය දහසක් යන්න ඕන. ඇත්තටම මේ වෙනස මූලිකව ජානවලින් වෙන්න ඕන දෙයක්.  ජාන DNA වල තියෙන කොට හා ජාන විශාල සංඛ්යාවක් තියෙන කොට වෙනස්කම් ලේසියේන් පිටට පෙන්නුම් කරන්නේ නැහැ.

 

හැබැයි දැන් ඔන්න ඔබට පරිණාමය තේරුම් ගන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා.  මොකක් බලමු.  දැන් COVID 19 හැදෙන්නේ  SARS – CoV- 2 කියන වයිරස් එකෙන්.  ඒකෙ ආරම්භය වූහාන් නගරයේ සිටි වවුලෙකුගෙන් නම් දැන් මොනවාද මේ විවධ ප්රභේද (variants) ගැන කියන්නේ ?

 

B.1.1.7 (එංගලන්ත ප්රභේදය), B.1.428 (ඩෙන්මාර්ක්/යුරෝ ප්රභේදය), B.1.411 (ලංකාවේ ප්රභේදයක්), B.1.525 (නයිජීරියන්), B.1.617 (ඉන්දියානු), B 1.351 (දකුණු අප්රිකානු) ආදී වශයෙන්.  ඇත්තටම වෛද් වරයෙකු මට කිව්වා ලෙඩුන් දෙන්නෙක්ගේ ඇඟේ තියෙන්නේ පවා එකිනෙකට සුළු හෝ වෙනස්කම් දක්වන වයිරස් විය හැකි බව.  දැන් මෙහෙම වෙන්නේ ඇයි ? මේ වයිරස් එකට තියෙන්නේ එකම එක RNA අණුවක් විතරයි ප්රවේණික ද්රව් හැටියට. ඒක ලේසියෙන්ම පරිසර තුළදී විකෘති වෙනවා, වෙනස් වෙනවා. පරිණාමය වෙනවා. එවිට තමයි මේ විවිධ ප්රභේද හැදෙන්නේ.  හැදෙන ඒවා වඩා ප්රචණ්ඩ (virulant ) හෝ අඩු ප්රචණ්ඩ වෙන්න පුළුවන්. වැඩි ප්රචණ්ඩ නම් බෝවීම වැඩියි වගේම මිනිහ කියන ධාරකයට වෙන හානිය වැඩියි. මේ අතරේ මිනිස්සුත් පරිණාමය වෙමින් යනවා.  මෙහෙම ගිහින් කාලයකදී වයිරසයේ ප්රචණ්ඩත්වය අඩුවෙලා අහිංසකයෙක් වේවා කියල පතනවා හැර මට නම් කියන්න දෙයක් නැහැ. මේවට කාලි හෝ පත්තිනි පිහිටක් නම් නැහැ.

 

 

Tuesday, May 25, 2021

පව්කළ ගොන්නු තාමත් හපුතල් නගිති!

 

පව්කළ ගොන්නු තාමත් හපුතල් නගිති!









හතර වටින් එබිකම් කර ඇදී           ගිය 

රෝ බිය සතුරු බිය ඒ කි නොකී     බිය 

කුසේ ගිණි නැගේ ඒ මදිවට හිතේ  බිය 

 මෙවන් රටක කවදා පා යයිද       සූරිය 


එක එක්කෙනා එක එක දේවල්   කියති 

කියන එක වෙනස් කර නැවතත් කියතී 

ඇත්ත කියන වුන්ගේ කටවල්        බඳිති 

පව්කළ ගොන්නු තාමත් හපුතල් නගිති. 


ඇත්ත කියන්නත් බිම ඉඳ ගෙන ඉන්නත් 

බය වෙන්නේ කුමට ඒ කාලේ      කිව්වත් 

අබුදස්ස කාලේ ලබුවල               තිත්තත් 

දැනෙන නිසා පුරුදුව  නිහඬව  ඉන්නත් 


හිතට කිසිම සැනසීමක් සුවක්        නැතී 

ගතට දැනෙන අපහසුවෙත් නිමක් නැතී 

ලෙඩට ප්‍රතිකර්ම දින දින පමා        වෙති 

දුකට පත්ව වැසියෝ හුස්මක්          යදිති


කෝවිඩ් කන්ද පැතලිව පහළට                    ඒවා 

දැනට ඉන්න ගිලනුන් සුවපත්                    වේවා 

අලුතෙන් කෙනෙකු හට රෝ ගිනි නොම වේවා 

මගෙ රට හැකි ඉක්මණින් සුවපත්           වේවා !

©2021 maliniganewatta


Thanks to Rajesh Rajput for the image on Unsplash.

   




Friday, May 21, 2021

අමතක නොවන බලපිටිය රෝහල




අමතක නොවන බලපිටිය රෝහල

බලපිටිය රෝහල මගේ මතකයෙන් කවදාවත් ඈත් වෙන්නේ නැහැ. දැන් ගාලු පාරේ ගාල්ල කොළඹ යන එක අඩු වුණත් එකල යන එන හැම වාරයකම ඒ රෝහල එහෙමම තියෙනවද කියල ඉබේම බැලෙනවා. ඊ ලඟට ඒ සදානුස්මරණීය පොල් වත්ත තියේද බලනවා. ඒත් මට ඒක නිශ්චිතව අඳුන ගන්න බැහැ. දැන් මං මේ යන්නේ ඒ ඇයිද යනුවෙන් පැන නැගෙන ඔබේ කුතුහලය සංසිඳවන්න
ඔව්, එදා මෝටර් රිය කටු කම්බි පොටවල් හයකින් උඩට පැන පොල් වත්තට සේන්දුවී රෝද හතර උඩට සිටින පරිදි නතර වී තිබුණා. ඒ ගාලු පාරේ බලපිටිය හරිය. වාහනයේ ඉදිරිපස ආසනවල මාමාත්, රියදුරුත් වූ අතර පසුපස අසුනේ නැන්දාත් ( මාමාගේ ගැබිණි බිරිඳ) ලකී අම්මත් ඉන්ද්රා අම්මත් මාත් දිස්නා නංගිත් හිටිය. මට අවුරුදු පහයි, නංගිට අවුරුද්දක් ඇති මගේ හිතේ. කවුරු කවුරු හරි ඇවිත් අපි එළියට ඇදල ගත්ත මතකයි. ඊළඟට තව වාහනයකින් ආපස්සට බලපිටිය ඉස්පිරිතාලෙට ගිය හැටි, ලකී අම්මගේ බෙල්ලෙන් හා ඉන්ද්රා අම්මගේ අතෙන් ලේ ගලමින් තිබුණ හැටි මට අද වගේ තාම මතකයි. ඉස්පිරිතාලේ බැංකුවක් උඩ අපි වැඩිවෙලා හිටපු හැටිත් මතකයි. හැබැයි නංගිගේ හා මගේ ඇඟේ පුංචි පුංචි වීදුරු කටු සීරීම් හැර වෙන කිසිම තුවාලයක් නැහැ. කාර් එකේ උඩ බලන් ඉන්න පින්තුරේ පහුවදා දිනමිණ පත්තරේ තිබුනලු. කොහොම හරි මිනිස්සු ඉතුරු වුණාට කාර් එක ගර්හිත වුණා. හිතාගන්න අනතුරේ තරම.
පස්සේ දැනගත් විදියට කාර් එකේ රියදුරුට නින්ද ගිහින් ඒක පාරෙන් පැනල. උදව්වට ළඟ පහත කඩේක අයයි ඒ වෙලාවේ වන්දනාවේ ගිය බස් එකක අයයි ඇවිත්. උදව් කිරීම ලොකු දෙයක්...වාහනේ ගිනිගත්ත නම් මේ කතාව කියන්න මම මෙතන නැහැ. හැබැයි ඒ වෙලේ මගේ කරේ තිබ්බ පවුමක රත්තරන් මාලෙයි පෙන්ඩන්ට් එකයි නැති වෙලා. තව මාමගේ සල්ලි හා ලියකියවිලි සහිත බෑග් එක අතුරු දහන් වෙලා. මාමට ගණ දෙවි නුවණ පහළ වෙලා ආපහු යන්න හදපු වන්දනා බස් එක නවත්තල බස් එකේ ඔක්කොම චෙක් කරනවා කියල ගර්ජනා කරලා. ඒ වෙලාවේ බස් එකෙන් බිමට බෑග් එක වැටුනලු. ඒකෙ දේවල් එහෙමම තිබුනලු. හැබැයි මගේ රන් දම්වැල හා පෙන්ඩන්ට් එක නම් ලැබුණේ නැහැ. ඔන්න බලන්න නවසිය හැට ගණන් වල හිටියෙත් අද ඉන්න අයවලුන් ම තමයි. ඒ ජානම තමයි මේ දිගින් දිගටම යන්නේ. එහෙම බැලුවම ලේසියෙන් හොර කම් කරන්න බැරි, හොරකමට තද බල දඬුවම් ක්ෂණිකව දෙන රටකින් මෙහෙ උදවිය පාලනය වෙන එකත් නරක නැහැ නේද ?

ඉතින්, බලපිටියේ ඉස්පිරිතාලෙන් තුවාල කාරයන්ට බෙහෙත් දාල අපි නැවතත් ගිය බව මතකයි. ඒ ගියේ අපේ ගමනාන්තය වන අනුරාධපුරයට. නැන්දට කලින්ම දරු උපත සිදු වුනාලු, මේ අනතුරින් වූ කම්පනයත් එක්ක. ඒ දරුවා දැන් ලොකු මහත්තයෙක්. මට ඉන් පස්සේ වාහනයක යන්න පුදුම බයක් තිබුණ. බස් එකේ ඉස්කෝලේ යනකොට "නවත්තන්න, ඔන්න බස් එක පෙරලෙනවෝ "කියල මම කෑ ගහනවා. දවසක් බස් එක මග නවත්තල ඒකෙ හිටි රියදුරු මහත්තයා "පොඩි ළමයෙක් කියන දේ ඇත්තක් වෙන්න පුළුවන් කියල බස් එක පරීක්ෂා කළාලු. ඒ දවස් වල පශ්චාත් ක්ලමථ අක්රමතාවට{Post Traumatic Stress Disorder (PTSD) }බෙහෙත් හෝ පිළියම් ක්රම තිබුණ ද කියන්න මං දන්නේ නැහැ. එහෙම වෛද්යවරු හමු වුනාද මතක නැහැ. කාලයත් එක්ක ඒ තත්වය හරි ගියා. සමහර විට ඔච්චර පොඩි කාලේ අත් දැකීමක් මට මතක තියෙන්නේ කොහොමද කියල ඔබ සිතන්න පුළුවන්. එහෙම තමයි තද බල ලෙස සිත හා ගතට දැනුණු අත් දැකීම් විතරක් මතක හිටිනවා 

Friday, May 14, 2021

අනේ අපිට සතුටු සාදෙ නොතිය ඉන්න තිබුණා

 












අනේ අපිට සතුටු සාදෙ නොතිය ඉන්න තිබුණා

(නිමිත්ත - අවුරුදු සාදයේ හුඟක් අයට කොරෝනා අසාදනය විය.)

 

 අවුරුදු කුමරා නොකියම

ගෙවල් වලට  ඇදුනා

කැවුම් කොකිස් මුං

අළුවා බැදෙන සුවඳ දැනුණා

 

අඩුම කුඩුම අරන් එන්න

කඩ පිල්වල ඇදුනා

කොළ පාටින් සැරසී ගෙන

ළිප් දල්වනු පෙනුණා

 

අනේ ඉතින් ගිය පාරත්

කවුරුවත්ම නොවුනා

මේ සැරෙ වත් නෑයො ටිකක්

ගෙන්න ගන්න හිතුනා

 

සතුටු සිනා පැතිර යද්දි

රසමසවුළු බෙදුණා

කවුරුත් ගීයක් ගයලා

ගෙවල් වලට  ඇදුනා

 

දින ගානක් ගෙවී ගිහින්

කාටත් උණ ගැනුණා

කෝවිඩ් පොසිටිව් කියලා

වාර්තාව ලැබුණා

 

ඔක්කොම කුදලා ගෙනිහින්

රෝහල් කුටි පිරුණා

වයසින් වැඩි මව් තුමියගෙ

දෙනෙත සදා වැහුණා

 

දරුවන් රෝහලේ තවම

නෙත් කඳුළැල් පිසිනා

නිලදරු කරපිට අම්මගෙ

ගමන තනිව යැවුණා

 

සිටිය සැවොම  අන්තිමේදී

මෙහෙම දුකින් කියනා

අනේ අපිට සතුටු සාදෙ

නොතිය ඉන්න තිබුණා !

 

 


Friday, May 7, 2021

Fragrance of Love

 
















Fragrance of Love

 

I remember the days when we were together,

Hand in hand with smiles on our lips,

Going along the misty, silky roads,

But now all have gone to the past.

 

I always loved the flowers in the spring,

I wished a bright morning sun in the east,

But you heartlessly turned my whole life,

Into a dark gloomy winter night.

 

I begged not much but a teaspoon of love,

But you gave me lords of acrimony,

You could have stayed with my smile,

For life without spending a penny.

 

I only needed the fragrance of roses,

But you didn’t take care of the plants,

So, the buds withered away in the summer,

No fragrance was left to smell anywhere.

© 2021maliniganewatta


(Thanks to NeONBRAND for this lovely photo on Unsplash)

Sunday, May 2, 2021

හමුවීම හා වෙන්වීම

 









හමුවීම හා වෙන්වීම

 

මේ වෙරළ මද මෙතන තිබුණෙ සිත විමසයි

ඈත  සිතිජය බලන් අහස හරි කෝලයි

හොර හොරෙන් මුහුදු දිය සිප ගන්න වළිකයි

අද වෙනද වගෙ නෙවෙයි හැමදේම අමුතුයි.

 

අඬ අඬා දුවන් එන චණ්ඩි සුදු        මුදු රැල්ල

ඈතටම ඈතටම ඇසෙයි ඇගෙ  කෙඳිරිල්ල

පිළිගන්න දෑත දෙයි   රන් රුවන් වන්  වැල්ල

බිම්තඹුරු වැල් ගොතයි මේ සිනිදු ඇතිරිල්ල

 

ඇවිදගෙන වෙරළ දිග තව   යන්න ආසයි

ගලින් ගල පැන ගිහින් ඔබ හුඟක් ඈතයි

අකීකරු සුළඟ විත් ගත සළුත් ඉගිළෙයි

එනතුරා මගෙ ලඟට මං මෙතන තනි වෙයි

 

අතක් බඳ වටේ ගොස් කුමක්දෝ පවසයි

නොදත් මිහිරක් ගතේ නැගි නැගී පොරකයි

සීත හිරිගඩු මැකී උණුසුමක් නැග එයි 

දඟ කාර සුළං රැළි හිනැහෙමින් දිව යයි .

 

 

නිමා කර දවසැරිය හිරු යන්න සැරසෙයි

මළානික හිරු එළිය සිතට දුක ගෙන එයි

හෙට යළිත් හිරු නැගී එන බවත් ඇත්තයි

ඒත් හෙට  එනතුරා මගේ සිත වැළපෙයි 

 

අරන් යන්නට එපා මේ මිහිර සොඳුරුයි

තව ටිකක ඉඳිමු අපි; අපි අපේ වගෙමයි

ඔබ මගෙයි මා ඔබෙයි එත් අපි ඈතයි

කිසිදිනක සිතිජයේ එක් වීම නොම වෙයි

 © 2021maliniganewatta 

 (Thanks to Joanna Nix-Walkup for the image on Unsplash)