Saturday, May 29, 2021

SARS - CoV - 2 වයිරස් හා ජෛව පරිණාමය

 



SARS - CoV - 2 වයිරස් හා ජෛව පරිණාමය

 

ජෛව පරිණාමය කියන්නේ සරලව කිව්වොත්  මුල් පුර්වජ ජීවී ආකාර යම් යම් ආකාර වලට වෙනස් වෙලා නව ජීවී විශේෂ පහළ වීම.  මේක මේ දැනුත් වෙමින් තිබෙන ක්රියාවලියක්.  නමුත් මේක හුඟ දෙනෙකුට වැටහෙන්නේ නැත්තේ ඇහැට පේන්න වෙනසක් ලොකු සත්තු ශාකවල දකින්න නැති නිසා.  මේ ජීවීන්ගේ වෙනස් කම් වෙන්න සෑහෙන කාලයක් ගත වෙනවා.  පරම්පරාවක් තුළ වුණත් වෙනස්කම් වෙනවා.  ඒත් විශේෂ දෙකක් වෙන්න නම්  ලොකු වෙනස් කම් වෙන්න ඕන. සඳහා පරම්පරා සිය දහසක් යන්න ඕන. ඇත්තටම මේ වෙනස මූලිකව ජානවලින් වෙන්න ඕන දෙයක්.  ජාන DNA වල තියෙන කොට හා ජාන විශාල සංඛ්යාවක් තියෙන කොට වෙනස්කම් ලේසියේන් පිටට පෙන්නුම් කරන්නේ නැහැ.

 

හැබැයි දැන් ඔන්න ඔබට පරිණාමය තේරුම් ගන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා.  මොකක් බලමු.  දැන් COVID 19 හැදෙන්නේ  SARS – CoV- 2 කියන වයිරස් එකෙන්.  ඒකෙ ආරම්භය වූහාන් නගරයේ සිටි වවුලෙකුගෙන් නම් දැන් මොනවාද මේ විවධ ප්රභේද (variants) ගැන කියන්නේ ?

 

B.1.1.7 (එංගලන්ත ප්රභේදය), B.1.428 (ඩෙන්මාර්ක්/යුරෝ ප්රභේදය), B.1.411 (ලංකාවේ ප්රභේදයක්), B.1.525 (නයිජීරියන්), B.1.617 (ඉන්දියානු), B 1.351 (දකුණු අප්රිකානු) ආදී වශයෙන්.  ඇත්තටම වෛද් වරයෙකු මට කිව්වා ලෙඩුන් දෙන්නෙක්ගේ ඇඟේ තියෙන්නේ පවා එකිනෙකට සුළු හෝ වෙනස්කම් දක්වන වයිරස් විය හැකි බව.  දැන් මෙහෙම වෙන්නේ ඇයි ? මේ වයිරස් එකට තියෙන්නේ එකම එක RNA අණුවක් විතරයි ප්රවේණික ද්රව් හැටියට. ඒක ලේසියෙන්ම පරිසර තුළදී විකෘති වෙනවා, වෙනස් වෙනවා. පරිණාමය වෙනවා. එවිට තමයි මේ විවිධ ප්රභේද හැදෙන්නේ.  හැදෙන ඒවා වඩා ප්රචණ්ඩ (virulant ) හෝ අඩු ප්රචණ්ඩ වෙන්න පුළුවන්. වැඩි ප්රචණ්ඩ නම් බෝවීම වැඩියි වගේම මිනිහ කියන ධාරකයට වෙන හානිය වැඩියි. මේ අතරේ මිනිස්සුත් පරිණාමය වෙමින් යනවා.  මෙහෙම ගිහින් කාලයකදී වයිරසයේ ප්රචණ්ඩත්වය අඩුවෙලා අහිංසකයෙක් වේවා කියල පතනවා හැර මට නම් කියන්න දෙයක් නැහැ. මේවට කාලි හෝ පත්තිනි පිහිටක් නම් නැහැ.

 

 

2 comments:

  1. මේ SARS – CoV- 2 වයිරසයේ විවිධ ප්‍රභේද ලෙස හඳුන් වන්නේ ඒවායේ, නෙරුම් තුඩු වල ඇති ප්රෝටීනය අනුව බව ලිපියක කියවූවා. මේ නිසා ඔබ සඳහන් කර තිබෙන කෙටි කාලීන 'පරිණාමය' සිදුවන්නේ, වයිරසය මිනිස් සෛලවලට බද්ධ වන 'තුඩු ප්‍රෝටීන' වල පමණක් ලෙස පිළිගත නොහැකිද?

    ReplyDelete
    Replies
    1. ඒ Spike ප්‍රෝටීන් හැදෙන්නෙත් RNA අණුවේ ඇති codon අනුව නේද සර් ? RNA වෙනස් වෙන විට ප්‍රෝටීන් ද වෙනස් වෙනවා. The viral envelope of coronaviruses is typically made up of three proteins that include the membrane protein (M), the envelope protein (E), and the spike protein (S).

      Delete