Tuesday, May 25, 2021

පව්කළ ගොන්නු තාමත් හපුතල් නගිති!

 

පව්කළ ගොන්නු තාමත් හපුතල් නගිති!









හතර වටින් එබිකම් කර ඇදී           ගිය 

රෝ බිය සතුරු බිය ඒ කි නොකී     බිය 

කුසේ ගිණි නැගේ ඒ මදිවට හිතේ  බිය 

 මෙවන් රටක කවදා පා යයිද       සූරිය 


එක එක්කෙනා එක එක දේවල්   කියති 

කියන එක වෙනස් කර නැවතත් කියතී 

ඇත්ත කියන වුන්ගේ කටවල්        බඳිති 

පව්කළ ගොන්නු තාමත් හපුතල් නගිති. 


ඇත්ත කියන්නත් බිම ඉඳ ගෙන ඉන්නත් 

බය වෙන්නේ කුමට ඒ කාලේ      කිව්වත් 

අබුදස්ස කාලේ ලබුවල               තිත්තත් 

දැනෙන නිසා පුරුදුව  නිහඬව  ඉන්නත් 


හිතට කිසිම සැනසීමක් සුවක්        නැතී 

ගතට දැනෙන අපහසුවෙත් නිමක් නැතී 

ලෙඩට ප්‍රතිකර්ම දින දින පමා        වෙති 

දුකට පත්ව වැසියෝ හුස්මක්          යදිති


කෝවිඩ් කන්ද පැතලිව පහළට                    ඒවා 

දැනට ඉන්න ගිලනුන් සුවපත්                    වේවා 

අලුතෙන් කෙනෙකු හට රෝ ගිනි නොම වේවා 

මගෙ රට හැකි ඉක්මණින් සුවපත්           වේවා !

©2021 maliniganewatta


Thanks to Rajesh Rajput for the image on Unsplash.

   




3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. රෝබිය පැතිර යයි පිළියම් තව නොමැතී
    වගකිවයුතු අයත් වැඩි කටමැත දොඩතී
    විදු නැණ වුවද මොහොතින් පිළිකෙව් කරතී
    පව්කළ ගොන්නු තාමත් හපුතල් නගිතී

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සර්, පිළිතුරු කවියට ....

      Delete