Friday, May 14, 2021

අනේ අපිට සතුටු සාදෙ නොතිය ඉන්න තිබුණා

 












අනේ අපිට සතුටු සාදෙ නොතිය ඉන්න තිබුණා

(නිමිත්ත - අවුරුදු සාදයේ හුඟක් අයට කොරෝනා අසාදනය විය.)

 

 අවුරුදු කුමරා නොකියම

ගෙවල් වලට  ඇදුනා

කැවුම් කොකිස් මුං

අළුවා බැදෙන සුවඳ දැනුණා

 

අඩුම කුඩුම අරන් එන්න

කඩ පිල්වල ඇදුනා

කොළ පාටින් සැරසී ගෙන

ළිප් දල්වනු පෙනුණා

 

අනේ ඉතින් ගිය පාරත්

කවුරුවත්ම නොවුනා

මේ සැරෙ වත් නෑයො ටිකක්

ගෙන්න ගන්න හිතුනා

 

සතුටු සිනා පැතිර යද්දි

රසමසවුළු බෙදුණා

කවුරුත් ගීයක් ගයලා

ගෙවල් වලට  ඇදුනා

 

දින ගානක් ගෙවී ගිහින්

කාටත් උණ ගැනුණා

කෝවිඩ් පොසිටිව් කියලා

වාර්තාව ලැබුණා

 

ඔක්කොම කුදලා ගෙනිහින්

රෝහල් කුටි පිරුණා

වයසින් වැඩි මව් තුමියගෙ

දෙනෙත සදා වැහුණා

 

දරුවන් රෝහලේ තවම

නෙත් කඳුළැල් පිසිනා

නිලදරු කරපිට අම්මගෙ

ගමන තනිව යැවුණා

 

සිටිය සැවොම  අන්තිමේදී

මෙහෙම දුකින් කියනා

අනේ අපිට සතුටු සාදෙ

නොතිය ඉන්න තිබුණා !

 

 


No comments:

Post a Comment