හමුවීම
හා වෙන්වීම
මේ වෙරළ මද මෙතන
තිබුණෙ සිත විමසයි
ඈත සිතිජය
බලන් අහස හරි කෝලයි
හොර
හොරෙන් මුහුදු දිය සිප ගන්න
වළිකයි
අද වෙනද වගෙ නෙවෙයි
හැමදේම අමුතුයි.
අඬ අඬා දුවන් එන
චණ්ඩි සුදු මුදු
රැල්ල
ඈතටම
ඈතටම ඇසෙයි ඇගෙ කෙඳිරිල්ල
පිළිගන්න
දෑත දෙයි රන්
රුවන් වන් වැල්ල
බිම්තඹුරු
වැල් ගොතයි මේ සිනිදු ඇතිරිල්ල
ඇවිදගෙන
වෙරළ දිග තව යන්න ආසයි
ගලින්
ගල පැන ගිහින් ඔබ
හුඟක් ඈතයි
අකීකරු
සුළඟ විත් ගත සළුත්
ඉගිළෙයි
එනතුරා
මගෙ ලඟට මං මෙතන
තනි වෙයි
අතක්
බඳ වටේ ගොස් කුමක්දෝ
පවසයි
නොදත්
මිහිරක් ගතේ නැගි නැගී
පොරකයි
සීත
හිරිගඩු මැකී උණුසුමක් නැග
එයි
දඟ කාර සුළං රැළි
හිනැහෙමින් දිව යයි .
නිමා
කර දවසැරිය හිරු යන්න සැරසෙයි
මළානික
හිරු එළිය සිතට දුක
ගෙන එයි
හෙට
යළිත් හිරු නැගී එන
බවත් ඇත්තයි
ඒත් හෙට
එනතුරා
මගේ සිත වැළපෙයි
අරන්
යන්නට එපා මේ මිහිර
සොඳුරුයි
තව ටිකක ඉඳිමු අපි;
අපි අපේ වගෙමයි
ඔබ මගෙයි මා ඔබෙයි එත්
අපි ඈතයි
කිසිදිනක
සිතිජයේ එක් වීම නොම
වෙයි
(
No comments:
Post a Comment