Friday, March 25, 2022

ඕක් ගස




 


ඕක් ගස


Fagaceae ශාක කුලයට අයත් Quercus ගණයේ විශේෂ 450 කට පමණ පොදුවේ කියන නමක් තමයි ඕක්. මේවායින් 58ක් උතුරු ඇමරිකාවට ආවේණිකයි. අලංකාරයට වවන ශාක, දැව ශාක, හා පඳුරු මේ ඕක් විශේෂ අතර තිබෙනවා. මේවා උතුරු මධ්යධරණී කලාපයේ හා නිවර්තන කලාපයේ ඉහළ උන්නතාංශ වල වැවෙනවා. ඕක් ශාක සදාහරිත හෝ පතනශීලී පත්ර දරනවා. මේ පත්ර ඇඟිලි වැනි බෙදුම් සහිතයි. පත්ර දාර දැති සහිතව හෝ සම්පුර්ණව පවතිනවා. ඕක් ප්රධාන වර්ග දෙකක් තියෙනවා. රතු ඕක් හා සුදු ඕක් අනුවෙන්. රතු ඕක් වල පත්ර ඛණ්ඩ තුඩු සහිතයි. සුදු ඕක් වල රවුම්.
ඕක් මල් නම් ලස්සන නැහැ. පත්ර හැලුණු කාලවල හෝ පත්ර සහිත විට පිපෙන පිරිමි මල් කහපාට සිහින් නටු වැනි කොටස් වල පහළට එල්ලෙමින් පවතිනවා. මේවා Oak catkin කියල හඳුන්වනවා. ගැහැණු මල් ද එකම ශාකයේම වෙනම හටගන්නවා. ඒවා මල් එකක්,දෙකක් හෝ වැඩි ගණනක් සහිත එකාක්ෂ ලෙස හැදෙනවා. ගැහැණු මල් වලින් Acorns නමින් හඳුන්වන විශේෂ ඵලය හට ගන්නවා. මේවා සත්ව ආහාර සඳහා ගන්නවා.
                                                           ඕක් පිරිමි මල් Oak catkin 
                                                 ඕක් ගෙඩි Acorns (This photo is from Pexel)



වනාන්තර වලදී ඕක් ශාක මුල්ගල් විශේෂ (Keystone species) වශයෙන් වැදගත් පරිසර විද්යාත්මක කෘත්යයක් ඉටු කරනවා. සත්ව වාසස්ථාන හා ආහාරමය වශයෙන් මේ ශාකය ඉටුකරන මෙහෙය අමිලයි. ඕක් ශක් මිනිසාට බොහෝ ප්රයෝජන අත්කර දෙනවා. ඕක් දැවය ඉතා වටිනා එකක්. එය ගොඩනැගිලි නිර්මාණයේදී හා ගෘහ භාණ්ඩ නිපදවීමට ගන්නවා. මේ හැර අලංකාරය හා සෙවන සඳහා ඕක් වවනවා. ලොකු ඕක් ගසක් අඩි 30ක් පමණ උසට වැඩෙන අතර ඒ වටා විශාල වපසරියකට සෙවන දෙනවා. ඒ නිසා නගර අලංකරණයේදී මේ ශාකයට වැදගත් තැනක් හිමි වෙනවා. ඔබ සැම පොරොප්ප ඇබ ගැන දන්නවා ඇති. ඒවා හදන්නේ කෝක් ඕක් (Quercus suber ) ගහේ ඝනකම් වල්කයෙන්. 

                                                
රොබට් හූක් අන්වීක්ෂයෙන් බැලුවෙත් ඒ අනුව සෛලය කියල ඒ බලපු කාමර වැනි ව්‍යුහ වලට cell කියන නම දුන්නෙත් මෙන්න මේ වල්කය තමයි. 
මම කැලිෆෝර්නියාවේ දී ලබා ගත් පහත ඇති ඡායාරූපවල ලොකු කළු පාට ගෙඩි වගේ තියෙන දේ බලන්න. ඒ ඕක් ගෙඩි නෙවෙයි. ඒවා ගසේ අතු හා පත්ර මත හැදෙන Oak galls ලෙස හඳුන්වන අසාමාන්ය වර්ධන. ඒවා හට ගැනීමට හේතුව Oak සලබයා නම් කෘමියෙකුගේ අසාදනය. මෙතෙක් දවස් ශීත ඍතුවේ කූරු හා මේ අසාමාන්ය වර්ධන විතරක් තිබුණු ගස්වල දැන් වසන්තය එළඹීමත් සමග දළු දමා ලස්සන වෙමින් තිබෙනවා.
                                                         Oak galls


Sunday, March 20, 2022

මේපල් ගස


 මේපල් ගස

මේපල් ගස ගැන ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. අඩු තරමින් මේපල් කොළය ගැන නොදන්නා කෙනෙක් නැතුව ඇති. ඒ එය කැනඩාවේ ජාතික ධජයේ සංකේතය නිසා. එහි රතු පැහැයෙන් බලාපොරොත්තුව, සශ්රීක භාවය, ශාන්තභාවය හා මධ්යස්ථභාවය සංකේතවත් කරන බවත් රටාවෙන් සංස්කෘතික උරුමය හා ස්වාභාවික සම්පත් නිරූපණය වන බවත් කියනවා.
මේපල් කියන්නේ ඇත්තෙන්ම Acer ගණයට අයත් විශේෂ දළ වශයෙන් 125 ක් පමණ අයත් ශාක වලට කියන පොදු නමක්. බොහෝ විශේෂ ගස් මීටර් 10-40 දක්වා උස ගස් වශයෙන් හැදෙනවා. ඇතැම් ඒවා එතරම් උසක් නැති පඳුරු ලෙස වැවෙනවා. මේවා බොහොමයක් ආසියානු කලාපය නිජබිම කරගෙන ඇති අතර සමහර ඒවා යුරෝපය උතුරු අප්රිකාව හා උතරු ඇමරිකාව ආශ්රිතව දකින්න පුළුවන්. බොහෝ විශේෂ පතන ශීලී වන අතර කිහිපයක් සදාහරිත වෙනවා.
මේපල් මල් කුඩායි. ඒවා ශීත ඍතුව අග හෝ වසන්තයේ එළිපත්තේදී පිපෙනවා. ඇතැම් ගස්වල මල් පිපෙන්නේ පත්ර හැලීමටත් පෙර. සමාරාවක් වන මේපල් ඵලය 'හෙලිකොප්ටර්' 'මේපල් කී' ආදී නම් වලින් හැඳින්වෙනවා. රූපවල මේපල් ගස් ශරත් සමයේ තිබූ ආකාරය, මල් හා ඵල දක්වා තිබෙනවා.














Monday, March 14, 2022

ආපස්සට යාම








ආපස්සට යාම 

 

පාන් ගෙඩිය සත විසිපහට අරගෙන

කුප්පි ලාම්පුවෙ එළියෙන් බලාගෙන  

හොද්දක් දර ලිපේ හැඳිගා හදා ගෙන  

පෙත්තක් ගිල දැමූ කාලය නැවත එන 


හැබයි පාන් ගෙඩියේ මිළ අහසටය 

භූමී තෙල් ටිකට දිගු පෝලිම් වලය 

දර ටික හිඟයි නේ  දැන් නැහැ නොව කැලය

පනින්නට වෙන්නෙ දල්වා ගිනි මැලය 


තිරික්කලේ මඩුවෙන් නැවත අරගෙන 

කැඩුණු බිඳුණු තැන් පිරියම් යොදාගෙන 

නාකි ගොනා අරගෙන ගැට ගසා ගෙන 

හයි වේ එකේ යමු ගොනුකුර ගෙවා ගෙන  


කාලය අනික් පැත්තට යන කතාවල 

අතීතයට  ගොස්  එහි සැරිසරන කල 

මේ බොරු මෙහෙම වෙනවද පෑ සිනාවල

සාපය වැදී වාගෙයි එයම වෙන කල  


 Thanks  Laura Ockel for the image on Unsplash


 

 

Thursday, March 10, 2022

මල්

 










මල්

නාලිනී එන්න බලන්නට පිපීලා ලා දැයි මල්
පිණි වැටී තිබේ යයි කියා තිබුණා කිනිති මත මල්
හෝඩි පොත තවම මිහිරි මතකයකි සිහිලැල්
එහි අකුරු මැකී ගොස් දැන් බොහෝ කල්

එහෙ කැලේ ගාල්වල ඔහෙ ඇදී යන වැල්
මෙහි හිනැහුණා, වටින බඳුන්වල ලකල්
ගසාගෙන ඩොලර් ගණනින් ලේබල්
බලා සිටියේ නම් හනික විකිණෙන කල්

මල් මල් කීවාට මේ නොවේ වන මල්
ඇවිළෙන මොහොතක වුවද යුද ගිනි දැල්
වසන්තය එනමග බලා කල්යල්
පිපී තිබුණා එය දසුනකිය මනකල්