ආපස්සට යාම
පාන් ගෙඩිය සත විසිපහට අරගෙන
කුප්පි ලාම්පුවෙ එළියෙන් බලාගෙන
හොද්දක් දර ලිපේ හැඳිගා හදා ගෙන
පෙත්තක් ගිල දැමූ කාලය නැවත එන
හැබයි පාන් ගෙඩියේ මිළ අහසටය
භූමී තෙල් ටිකට දිගු පෝලිම් වලය
දර ටික හිඟයි නේ දැන් නැහැ නොව කැලය
පනින්නට වෙන්නෙ දල්වා ගිනි මැලය
තිරික්කලේ මඩුවෙන් නැවත අරගෙන
කැඩුණු බිඳුණු තැන් පිරියම් යොදාගෙන
නාකි ගොනා අරගෙන ගැට ගසා ගෙන
හයි වේ එකේ යමු ගොනුකුර ගෙවා ගෙන
කාලය අනික් පැත්තට යන කතාවල
අතීතයට ගොස් එහි සැරිසරන කල
මේ බොරු මෙහෙම වෙනවද පෑ සිනාවල
සාපය වැදී වාගෙයි එයම වෙන කල
Thanks Laura Ockel for the image on Unsplash
පාන් කියන්ටෙත් දැන් ලක්ෂරි කෑමක් නෙව 😄
ReplyDeleteඑහෙම වෙලා නේද?
Delete