Sunday, March 20, 2022

මේපල් ගස


 මේපල් ගස

මේපල් ගස ගැන ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. අඩු තරමින් මේපල් කොළය ගැන නොදන්නා කෙනෙක් නැතුව ඇති. ඒ එය කැනඩාවේ ජාතික ධජයේ සංකේතය නිසා. එහි රතු පැහැයෙන් බලාපොරොත්තුව, සශ්රීක භාවය, ශාන්තභාවය හා මධ්යස්ථභාවය සංකේතවත් කරන බවත් රටාවෙන් සංස්කෘතික උරුමය හා ස්වාභාවික සම්පත් නිරූපණය වන බවත් කියනවා.
මේපල් කියන්නේ ඇත්තෙන්ම Acer ගණයට අයත් විශේෂ දළ වශයෙන් 125 ක් පමණ අයත් ශාක වලට කියන පොදු නමක්. බොහෝ විශේෂ ගස් මීටර් 10-40 දක්වා උස ගස් වශයෙන් හැදෙනවා. ඇතැම් ඒවා එතරම් උසක් නැති පඳුරු ලෙස වැවෙනවා. මේවා බොහොමයක් ආසියානු කලාපය නිජබිම කරගෙන ඇති අතර සමහර ඒවා යුරෝපය උතුරු අප්රිකාව හා උතරු ඇමරිකාව ආශ්රිතව දකින්න පුළුවන්. බොහෝ විශේෂ පතන ශීලී වන අතර කිහිපයක් සදාහරිත වෙනවා.
මේපල් මල් කුඩායි. ඒවා ශීත ඍතුව අග හෝ වසන්තයේ එළිපත්තේදී පිපෙනවා. ඇතැම් ගස්වල මල් පිපෙන්නේ පත්ර හැලීමටත් පෙර. සමාරාවක් වන මේපල් ඵලය 'හෙලිකොප්ටර්' 'මේපල් කී' ආදී නම් වලින් හැඳින්වෙනවා. රූපවල මේපල් ගස් ශරත් සමයේ තිබූ ආකාරය, මල් හා ඵල දක්වා තිබෙනවා.














6 comments:

  1. නයෙක් අරින්න හිතුණා.
    මාස කීපයකට කලින් හිතවතෙක් අපේ ගෙදරට ගෙනාවා 'මේපල් සිරප්' බෝතලයක් නං. දැනටමත් අපි එය රස විඳ අවසන්නේ...
    කොහොමද දන්නෙ නෑ ඒවා හදන්නේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! නයා ඇරීමක් වන්නේ කොහමද ? ඒවා වෙළඳ පොළේ ඕනෑ තරම් තියෙනවා. හදන්නේ Acer saccharum නම් විද්‍යාත්මක නමින් හඳුන්වන suagar maple ගහේ ප්ලෝයමීය යුෂයෙන්.

      Delete
  2. මෙහේ අපේ ගෙදර මිදුලෙත් Japanese Maple ගසක් වවා තිබෙනවා. එය සාමාන්‍ය ප්‍රමාණයේ. පඳුරක් ලෙස වැවෙනවා. Summer කාලයේදී පමණක් පත්‍ර කොළ පැහැය ගන්නවා. මේ වර මල් හැදෙන ලකුණු තිබෙනවා.

    ReplyDelete