Friday, March 25, 2022

ඕක් ගස




 


ඕක් ගස


Fagaceae ශාක කුලයට අයත් Quercus ගණයේ විශේෂ 450 කට පමණ පොදුවේ කියන නමක් තමයි ඕක්. මේවායින් 58ක් උතුරු ඇමරිකාවට ආවේණිකයි. අලංකාරයට වවන ශාක, දැව ශාක, හා පඳුරු මේ ඕක් විශේෂ අතර තිබෙනවා. මේවා උතුරු මධ්යධරණී කලාපයේ හා නිවර්තන කලාපයේ ඉහළ උන්නතාංශ වල වැවෙනවා. ඕක් ශාක සදාහරිත හෝ පතනශීලී පත්ර දරනවා. මේ පත්ර ඇඟිලි වැනි බෙදුම් සහිතයි. පත්ර දාර දැති සහිතව හෝ සම්පුර්ණව පවතිනවා. ඕක් ප්රධාන වර්ග දෙකක් තියෙනවා. රතු ඕක් හා සුදු ඕක් අනුවෙන්. රතු ඕක් වල පත්ර ඛණ්ඩ තුඩු සහිතයි. සුදු ඕක් වල රවුම්.
ඕක් මල් නම් ලස්සන නැහැ. පත්ර හැලුණු කාලවල හෝ පත්ර සහිත විට පිපෙන පිරිමි මල් කහපාට සිහින් නටු වැනි කොටස් වල පහළට එල්ලෙමින් පවතිනවා. මේවා Oak catkin කියල හඳුන්වනවා. ගැහැණු මල් ද එකම ශාකයේම වෙනම හටගන්නවා. ඒවා මල් එකක්,දෙකක් හෝ වැඩි ගණනක් සහිත එකාක්ෂ ලෙස හැදෙනවා. ගැහැණු මල් වලින් Acorns නමින් හඳුන්වන විශේෂ ඵලය හට ගන්නවා. මේවා සත්ව ආහාර සඳහා ගන්නවා.
                                                           ඕක් පිරිමි මල් Oak catkin 
                                                 ඕක් ගෙඩි Acorns (This photo is from Pexel)



වනාන්තර වලදී ඕක් ශාක මුල්ගල් විශේෂ (Keystone species) වශයෙන් වැදගත් පරිසර විද්යාත්මක කෘත්යයක් ඉටු කරනවා. සත්ව වාසස්ථාන හා ආහාරමය වශයෙන් මේ ශාකය ඉටුකරන මෙහෙය අමිලයි. ඕක් ශක් මිනිසාට බොහෝ ප්රයෝජන අත්කර දෙනවා. ඕක් දැවය ඉතා වටිනා එකක්. එය ගොඩනැගිලි නිර්මාණයේදී හා ගෘහ භාණ්ඩ නිපදවීමට ගන්නවා. මේ හැර අලංකාරය හා සෙවන සඳහා ඕක් වවනවා. ලොකු ඕක් ගසක් අඩි 30ක් පමණ උසට වැඩෙන අතර ඒ වටා විශාල වපසරියකට සෙවන දෙනවා. ඒ නිසා නගර අලංකරණයේදී මේ ශාකයට වැදගත් තැනක් හිමි වෙනවා. ඔබ සැම පොරොප්ප ඇබ ගැන දන්නවා ඇති. ඒවා හදන්නේ කෝක් ඕක් (Quercus suber ) ගහේ ඝනකම් වල්කයෙන්. 

                                                
රොබට් හූක් අන්වීක්ෂයෙන් බැලුවෙත් ඒ අනුව සෛලය කියල ඒ බලපු කාමර වැනි ව්‍යුහ වලට cell කියන නම දුන්නෙත් මෙන්න මේ වල්කය තමයි. 
මම කැලිෆෝර්නියාවේ දී ලබා ගත් පහත ඇති ඡායාරූපවල ලොකු කළු පාට ගෙඩි වගේ තියෙන දේ බලන්න. ඒ ඕක් ගෙඩි නෙවෙයි. ඒවා ගසේ අතු හා පත්ර මත හැදෙන Oak galls ලෙස හඳුන්වන අසාමාන්ය වර්ධන. ඒවා හට ගැනීමට හේතුව Oak සලබයා නම් කෘමියෙකුගේ අසාදනය. මෙතෙක් දවස් ශීත ඍතුවේ කූරු හා මේ අසාමාන්ය වර්ධන විතරක් තිබුණු ගස්වල දැන් වසන්තය එළඹීමත් සමග දළු දමා ලස්සන වෙමින් තිබෙනවා.
                                                         Oak galls


3 comments:

  1. සෑහෙන්න කාලයකට පස්සෙ ගොඩ වුනේ. මගේ ඕක් ගහෙත් චූටි රතු පාට දළු දාල මලුත් පිපිල. හරිම සැනසීමක් එයා දිහා බලන් ඉන්න එක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි එන්ජල් ....මේ දවස්වල පරිසරය පිබිදෙමින් ඉන්නවා. නමුත් ලංකාව නම් දුකෙන් නේද?

      Delete
    2. වැපිරෑ දේවල අස්වනු නෙළන ලන්කාව. ඔයා දන්නවද මම ලන්කාවෙන් ගියේ මට ආත්මගෞරවයකින් ජීවත් වෙන්න බැරි නිසා. වීදි හින්සනය, වැඩපොළේ කල්ලිවාදය, ආදී මෙකී නොකී දේවල් වෙන හුඟක් අයට වගේ මට හුරැ වෙන්න බැරි උන නිසා. ලන්කාව කියන්නෙ විකෘතිය සාමාන්‍යකරණය කරපු රටක්. කණගාටුයි තමා නමුත් පරිණාමයේදී නුසුදුසු ජීවීන් වඳ වී යනවා අප කැමති උනත් නැතත්. ලන්කාවෙ ඉන්න හොඳ මිනිස්ු ටික බේරෙයි ඉතින් ඒක තමා ස්වභාව ධර්මතාවය.

      Delete