ජීවියෙකු විසින් තව ජීවියෙකු ගිලදැමීම
එක ජීවියෙකු විසින් අනිකකු ගිලදමා ඒ ගිලගත් ජීවියා තම කාර්යක් කිරීමට යොදා ගැනීම Endisymbiosis කියලා හඳුන්වනවා. සෛල ඇතුළේ ඒ ඒ වැඩ කරන කාමර ඉන්ද්රයිකා කියලා හඳුන්වනවා.
දැන් හිතන්න ඔබ හැමදාම (අවුරුද්දක් තිස්සේ කියමු) යම්කිසි බෙහෙතක් එක පෙත්තක් බොනවා බෝතලයකින් අරගෙන. ඒක අතපසු කරන්න බෑ. යම් විදියකින් ඔබ ඒ බෝතලය ගිලිනවා කියලා හිතන්න. දැන් ඇඟ ඇතුලේ ඒ බෝතලයක් ස්වයංක්රීයව දවසට එක පෙත්ත ගානේ නිදහස් කරනවා කියලා හිතන්න. එතකොට ඔබේ අර අමතර කාර්ය බෝතලය ඇඟ ඇතුළේ ඉඳන් කරනවා.
ඇත්ත ලෝකේ එහෙම අවස්ථා දෙකක් ගැන ජීව විද්යා පොතපතවල තියෙනවා.
1. මීට අවුරුදු බිලියන 2.2 කට පෙර Archea බැක්ටීරියාවක් වෙනත් බැක්ටීරියාවක් ගිලදමා එය මයිටොකොන්ඩ්රියාවක් බවට පත්වී සෛලයේ ශක්ති බලාගාරය බවට හරවා ගැනීම. මයිටොකොන්ඩ්රියා වෙනම බෙදී දුහිතෘ සෛල වලටත් යනවා.
2. මීට අවුරුදු බිලියන 1.6කට පෙර තරමක් දියුණු සෛලයක් Cyanobateriaවක් ගිලදමා එය හරිතලව නැත්නම් ආහාර නිෂ්පාදනාගාරය බවට පත්කර ගැනීම. හරිතලවද වෙනම බෙදී නව පරම්පරාවට ඇතුළු වෙනවා.
දැන් Cell හා Science ජර්නලවල පලවී ඇති නවතම Endosymbiosis උදාහරණය නම් Braarudosphaera bigelowii නම් ඇල්ගාව ULYN - A නම් Cyanobacteria වක් ගිලදමා එය නයිට්රජන් තිර කරන මධ්යස්ථානය නැත්නම් ඉන්ද්රයිකාව බවට පත්කර ගැනීමයි. මේ නවතම ඉන්ද්රයිකාව Nitrocyst කියලා හඳුන්වනවා.
මේකේ වැදගත්කම මොකක්ද? ඔයාලා දන්නවා වායුගෝලයේ 78%නයිට්රජන් වායුව තියෙන බව. ඒ වගේම නයිට්රජන් ගහකොළ වැඩෙන්නට ඕන බව. හැබැයි මේ මහා නයිට්රජන් ප්රභවයෙන් සත පහක දෙයක් ගස්වලට ගන්න බෑ. එහෙම ගන්න පුළුවන් බැක්ටීරියා හා සයනොබැක්ටීරියාවලට විතරයි. මේ Braarudosphaera ඇල්ගීවලටත් බෑ. අන්න ඒ නිසා ඒ වැඩේ කරවා ගන්න නයිට්රෝසිස්ට් එකක් හදාගැනීම වැදගත් දෙයක්.
මේ සොයාගැනීම වසර ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණ ප්රථිඵලයක් විදියට තමයි එළියට එන්නේ. වැඩි විස්තර ඒ ජර්නල්වලින් කියවා ගන්න පුළුවන්.
පින්තූරය මං අතින් ඇන්දා
ReplyDeleteඉතා වැදගත් තොරතුරු රාශියක් සරල බසින් සං
ස්තුතියි සර්. බොහොම සරලව ලියන්න උත්සාහ කළා
Delete