Monday, June 7, 2021

වෙන්වූ හිතවත!

 






වෙන්වූ හිතවත!

 

චිරි චිරි චිරි චිචිරි චිචිරි

බිංදු බිංදු එක දිගටම

උදේ ඉඳන් රෑ වෙනකම්

රැයේ ඉඳන් එළි වෙනකම්;

 

සීතලේට ගුලි වීලා,

පොරවාගෙන තනියම මං, 

ඔයා ඉන්න ඒ දීපෙත්,

වහිනව ඇති මයෙ හිතෙ දැන් ,

 

ඉස්සර හැම දේම වුණේ

අපිට ඕන විදියටනේ ?

ඒ යටගිය දවස කතා

මතකද මන්දා ඔයාට?

 

ඒ වුණාට එහෙම වෙන්න

විදියක් නම් නැතුවැති දැන්

ලෝක දෙකක වෙන දේවල්

වෙනස් වෙන්න ඕන නේද ?

 

රන් හිරු රැස් පෙර අඹරින්,

පායා එන උදෑසනක,

ඔයා  එයැයි අත අල්ලන්,

පාර දිගේ යනවත් ඇති!

 

කවදා හරි මගේ ලොවට,

හිරු එළියක් පායනකම්,

ගුලිවී මේ අඳුරු සළුවෙ,

මෙහෙම ම ඔහෙ  ඉන්නම් මං!

 

No comments:

Post a Comment