Monday, June 7, 2021

වෙන්වූ හිතවත!

 






වෙන්වූ හිතවත!

 

චිරි චිරි චිරි චිචිරි චිචිරි

බිංදු බිංදු එක දිගටම

උදේ ඉඳන් රෑ වෙනකම්

රැයේ ඉඳන් එළි වෙනකම්;

 

සීතලේට ගුලි වීලා,

පොරවාගෙන තනියම මං, 

ඔයා ඉන්න දීපෙත්,

වහිනව ඇති මයෙ හිතෙ දැන් ,

 

ඉස්සර හැම දේම වුණේ

අපිට ඕන විදියටනේ ?

යටගිය දවස කතා

මතකද මන්දා ඔයාට?

 

වුණාට එහෙම වෙන්න

විදියක් නම් නැතුවැති දැන්

ලෝක දෙකක වෙන දේවල්

වෙනස් වෙන්න ඕන නේද ?

 

රන් හිරු රැස් පෙර අඹරින්,

පායා එන උදෑසනක,

ඔයා  එයැයි අත අල්ලන්,

පාර දිගේ යනවත් ඇති!

 

කවදා හරි මගේ ලොවට,

හිරු එළියක් පායනකම්,

ගුලිවී මේ අඳුරු සළුවෙ,

මෙහෙම ඔහෙ  ඉන්නම් මං!

 

No comments:

Post a Comment