බලාපොරොත්තුව
මේ බක් මහ අග වෙද්දී
හිත හරිම චංචලයි.
ඔබ ගිහින් හරියටම,
වසර දෙකකට ලඟයි.
දොරකොඩ රඹුටන් ගහේ,
මල් කිණිති පිරී තිබුණා,
පිණි කැට බදන් පහුගිය
දොහේ,
දැන් පුංචි පුංචි
ගෙඩි
ගහ යට ගොඩ ගැහෙයි.
අතු ගා දමන්නත් සිත්
නොදෙයි.
ඇහැළ මාසේ වෙද්දී,
රතු පාට ගෙඩි එක දෙක
මතු වෙයි
ගිය ඇහැළ මහේදීත්
ඔබ හිටියෙ නැති බව
ඇත්තයි!
රඹුටන් කෑවෙ මං තනියමයි.
ඒ සොඳුරු කාලය
දැන් හුඟක් මට දුරයි
ඒ වුණත් බලාපොරොත්තුවේ
කණ මැදිරි එළියක්
කළුවර අහසේ මට පෙනෙයි!
+++
ReplyDeleteThank you
Delete