යන්නම යන්න ගිය මිහිරාවිය
නන්නත්තාර වූ හිත
කොහොමත් මතක් කළේ
එයා ගැනම තමයි හැමදාම
අද අමුතුවෙන් මොනවා හිතන්නද?
නරකෙසුත් මතුවෙලා
හිස පුරා තැනින් තැන
අදහන්න බැරිව ගිය ඒ පුවත
එයා මට කලින් යන්න ගිය බව
එකම එක කඳුළු බිංදුවක් විතරයි
මතු වුණේ නෙත් කෙවෙණි අග
ඒ දවස් වලම කඳුළු උල්පත් හිඳුනා
එයා ගියාට පස්සේ ඉඩෝරෙට
දරු මල්ලොත් වට කරන්
කිකිළි වටේ කුකුළු පැටව්
වගේ එයා මට අන්තිමට
හම්බ වුණේ පේරාදෙණියේ
මල් වත්තේදී මල් මැද මල් ලඳක් ලෙස
මදු මල ලෙස මුදු මගේ දයාබර මිහිරාවිය
ගීතය පෙම්පතේ උඩින්ම ලිව්වේ ඒ දවස්වල
බොරුවට නෙමේ ඇත්තටම බව
එයාට තේරුණේ නැතුව ඇති
එයා මට එවපු පිළිතුරු පත්
තාම මගේ පොත් ඇතුළෙන්
ඉඟි බිඟි පානවා එදා වගේම
කහපාට වෙලා පාට වෙනස් වුණත්
මල් සුවඳ මැකෙන්නේ නැහැ
දැන් දැන් වගේ ඇට්ටේරියා
ගහ ලඟදි ඒ හමුවූ ඒ හමු වීම්
ලෝකය කැරකුනි ද මේ තරම්
වේගයෙන් රවුමට රවුමට
සුබ ගමන් පතන්නම්
ගිය තැනක සතුටෙන් ඉන්න
යන්න ගිය මා මිහිරාවියට
No comments:
Post a Comment