Tuesday, August 31, 2021

එළවළු, පළතුරු කුණු වීම

 




 





එළවළු, පළතුරු  කුණු වීම

සමහර අවස්ථා වල ඔබ ශීතකරණය අරින විට, නැත්නම් එළවලු ලූනු වගේ දේවල් වෙනත් තැනක ගබඩා කරලා තියෙන කොට තැන්වලින් දුඟදක් හමන්න පුළුවන්. සමහර විට ශීතකරණයේ එළවළු කුඩේ ziplock එකක් ඇතුලේ සති කිහිපයකට කලින් ගෙනා එළවළුවක් මතක නැතුව එහෙමම තිබිල ඒක නරක්  වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් රාක්කෙ තිබ්බ රතු ලූනු /සුදු ලූනු නරක්  වෙනවා වෙන්න පුළුවන්.

 

මොකක්ද මේ කුණු වීම කියන්නේ ?

 

කුණුවීම එළවලු, පළතුරු ආදී සැම දෙයකම ජීවන චක්රයේ එක ස්වභාවික අවස්ථාවක්.  එහෙම වුණත් නරක් වුණා කියා සැක කරන කිසිම දෙයක් ආහාරයට ගන්නේ නැතුව ඉන්න තරමට ඒවායින් අපට වෙන්න තියෙන හානි වළක්වා ගන්න පුළුවන්. මතක් කරලා බලන්න නරක වූ මස්, මාළු, කිරි ,බිත්තර , එළවලු, පලතුරු වල දුගඳ.

එළවලු, පලතුරු, මස් මාළු මේ හැම දෙයක්ම කලින් ජීවීව තිබුණු දේවල්.  ජීවී තත්වයෙන් අයින් කළ වහාම ඒවා කුණු වෙන්න පටන් ගන්නවා. හිතන්න ඔබ ඉදුණු අඹ ගෙඩියක් ගහෙන් කැඩුව කියල.  ඒක මොහොතේ ඉඳන් කුණු වීම ආරම්භ කරනවා. සමහර එළවලු හා පලතුරුවල කියුටින් ඉටි තැන්පත් ඝන පොත්තක් තියෙනවා. ඇපල් ,තක්කාලි වගේ. ඒවා පිටින් තුවාල වෙලා නැත්නම් කුණු වීම ඉක්මන් වෙන්නේ නැහැ.

නරක්වුණු එළවලු පලතුරු ඇල්ලුවහම මොන වගේ ස්පර්ශයක් (වයනයක් ) දැනෙන්නේ ? හොඳින් තියෙද්දිට වඩා බුරුල් ගතියක් දැනෙනවා.   ඒවායේ සෛල අතර තිබෙන බැඳීම බිඳීම නිසා. වගේම පාට වෙනස් වෙනවා, දුගඳ ඇති වෙනවා, දියර ගලනවා.

මේ වෙනස් කම් වලට හේතු වෙන්නේ දිලීර හා බැක්ටීරියා කියන ක්ෂුද් ජීවින්.  මේ ක්ෂුද් ජීවින් හැදෙන්න ද්රව් වල ගුණ වගේම තිබෙන පරිසරය   හරියට බලපානවා. අපේ රටේ වගේ ඉහළ උෂ්ණත්වයක්, වාතයේ ඉහළ තෙතමනය, ආලෝකය, වාතය තියෙනකොට මේ කුණු වීම බොහොම ඉක්මන් වෙනවා. , . ආහාරයේ පෝෂණය හා තෙතමනය වැඩිවූ තරමට කුණු වීමේ වේගයත් වැඩියි.  පළතුරු ආලෝකයට නිරාවරණය වුණහම ආලෝක වියෝජනය කියල ක්රියාවලියක් නිසා එහි පිට ආවරණය නරක් වෙන්න පටන් ගන්නවා. ඔය අව්වේ තියන් විකුණන දොඩම්, පේර වගේ ඒවායේ පිට පැත්ත පාට වෙනස් වෙන්නේ එතකොටයි. පිට විතරක් නෙවේ ඇතුලේ තියෙන විටමින ආදියත් අනිකුත් පෝෂකත් වෙනස් වෙනවා.

 

ඒත් මේ නරක් වීම හැම තිස්සෙම අපිට නරකක් කරන්නේ නැහැ. දැන් මිදුණු කිරි, චීස් වගේ ඒවා මේ නරක වීමේ ක්රියාවලියෙන්ම හැදෙන දේවල්. ඒවා අපිට පෝෂණය ගෙන දෙනවා. ඒවා ආහාරයට ගනිද්දී අපි සමගා ඉන්න ක්ෂුද් ජීවිනුත් ආහාරයට ගන්නවා. හැම තිස්සෙම ක්ෂුද් ජීවින් අපිට නරකක් කරනවා කියල හිතන්න එපා. අපේ ඇඟේම මිලියන සංඛ්යාත ක්ෂුද් ජීවින් ඉන්නවා.

ඉතින් අපි ආහාර ශීතකරණයේ තියන්නේ කුණු වීම ඇතිකරන ක්ෂුද් ජීවීන්ගේ වර්ධනය අඩු කරන්න. මොකද අඩු උෂ්ණත්වයේ ඒගොල්ලන්ගේ දේහ ක්රියාවලි හරියට වෙන්නේ නැහැ.  දැන් ඇයි ශීතකරනයේත් එහෙම නම් දේවල් කුණු වෙන්නේ? ඔව්, හෙමින් කුණු වෙනවා, සාමාන් ශීතකරණයේ සෙල්සියස් 4-8 අතරේ හෙමින් කුණු වෙනවා. නිසා කලින් කලින් ගෙනා දේවල් ඉක්මණින් පරිභෝජනය කරන්න. හැබැයි අධි ශීතකරණයේ ඇති -18 අඩු උෂ්ණත්වයේ නම් ක්ෂුද් ජීවින් වැවෙන්නේ නැහැ. නිසා නරක වෙන්නේ නැහැ. හැබැයි ඒවායේ කලින් හිටිය ජීවින් මැරෙන්නෙත් නැහැ. ආයෙත් අපි ඒවා එළියට ගත්ත හැටියේ ගොල්ලෝ තමන්ගේ වැඩේ පටන් ගන්නවා. නිසා මස් මාළු වගේ ඒවා ශීත ඉවත්කළ ඉක්මනින් උයා පිහා ගන්න. වැඩි වෙලා මේසේ උඩ තියන් ඉන්න එපා.

Thanks to  Sandy Millar for the image on unsplash


1 comment: