සමු ගැනීම
මගේ
කුටිය ඉදිරිපිට මාවතේ,
බර අඩි තබමින් ඔබ
ඇවිද යන හඬ,
දැනේ
මට නිහඬ වාතලය කපාගෙන,
තවත්
හුදකලා දිනයක නිමාවක.
පෙනේ
මට මැවී ඔබේ මුහුණ,
එදා
හිරු එළියේ දුටුව, ඒත් අද,
අඳුරු
සිත් ඝනකාභයක් තුළ,
ගැඹුරු
පතලේ ඇති කැඩපතක.
දොර
පියන් වසා ඇති නමුත්,
මගේ
කුටියේ කවුළුවෙන්,
නික්මෙන
දුබල පහන් එළිය,
පෙනේවිද
කියා නම් සැකයි ඔබට?
ඔබේ
පා බිම ගැටෙන හඬ,
හුරුය
මට අදත් එදා වගේම,
සමන්
පිච්ච පොහොට්ටු,
තවම
නිදිගැට කඩනවා ඇති,
ඇහැරුණත්
මොකටද කියා,
ඔබ නැතිකොට ඒවා,
මා හිස පළඳවන්නට.
මේ අඳුරු රැයේ එක දෙයක්
පමණක්
නියත
බව මල් පොහොට්ටු වුණත්
නොදන්නේ
කෙසේද?
ඒ පරම සත්‍ය
නම්,
මා හද වෙණ තතින්
වැයෙන,
ශෝකී
තනුව ඔබේ සවනට,
නෑසුණු
සරෙන් පිට පාරෙන්ම,
ඔබ ඔබේ මග වෙනම
යන වග.
ඔබේ
බර අඩියට යටව,
තුරුළු
කරගෙනම ඒ
සොඳුරු
සෙනෙහස;
එදා
මා ඔබට පිදුව,
දිනෙක
ළඟදීම මියෙන්නට,
සිතාගෙන
සිටිමි මම.
© maliniganewatta
Thanks to Jakob Køhn for the image on Unsplash
No comments:
Post a Comment