Wednesday, August 4, 2021

ජීවන චක්‍රය 1 - ශුක්‍රාණුව

 





ජීවන චක්‍රය 1 - ශුක්රාණුව


මම කල්පනා කළා ජිවිත ඇතිවෙන හැටි ගැන ටිකක් කතා කරන්න. ඒකට ආරම්භය හැටියට අද ශුක්‍රාණුව ගැන ටිකක් කරුණු කියනවා

ශුක්රාණුව කියන්නේ මොකක්ද ?

ශුක්රාණුව කියන්නේ සෛලයක්. අපේ ශරීර හැදිලා තියෙන්නේ සෛලවලින් කියල දන්නවනේ.  අපි වගේ මිනිසුන්ගේ ශරීර හැදිලා  තියෙන සෛලවල වර්ණදේහ 46ක් තියෙනවා. හැබැයි ශුක්රාණුවේ තියෙන්නේ 23යි. දැන් වෙන සතෙක් ගනිමු. ඔටුවා හරිද ? උගේ ඇඟේ සෛලවල වර්ණදේහ 74ක් තියෙනවා. උගේ ශුක්රාණුවක තියෙන්නේ 37යි. ඊළඟට ගනිමු කොටියා. උගේ ඇඟේ සෛලයක වර්ණදේහ 38ක් තියෙනවා. උගේ ශුක්රාණුවක 18යි. ඔන්න ඔහොම එක එක සතුන්ට විතරක් නෙවෙයි ශාකවලටත් විවිධ වර්ණදේහ සංඛ්යා තියෙනවා.

මෙහෙම ශරීරයේ තියෙන සෛල නැත්නම් දෛහික සෛලවල තියෙන්නේ ශුක්රාණු/ඩිම්බ වල තියෙන වර්ණදේහ සංඛ්යාවෙන් භාගයක් නම් ජීවීන්ට කියනවා ද්විගුණ ජීවින් කියලා. සෛල ද්විගුණ සෛල කියල. ශුක්රාණුව ඒකගුණ සෛලයක්. ඒක ගුණ  සෛලයේ තියෙන වර්ණදේහ ගණනේ සංකේතය N. ද්විගුණ සෛලයේ තියෙන වර්ණදේහ ගණන 2N.

 

ශුක්‍රාණු හැදෙන්නේ පුරුෂ ලිංගික අවයවවල. මිනිසුන්ගේ නම් වෘෂණවල. ශුක්රාණු වලට හිසක් හා වලිගයක් තියෙනවා. ශුක්රාණු හරි කුඩායි. මිනිසුන්ගේ මයික්රෝ මීටර 50ක් විතර. සතාගේ විශාලත්වය සමග සැසඳූ විට කෙටිම ශුක්රාණු තියෙන්නේ ආසියාතික අලියට, ඒවා මයික්රෝ මීටර් 57ක් පමණ දිගයි. ගෘහස්ථ මීයන්ට දිගම ශුක්රානු තියෙනවා. ඒවා මයික්රෝ මීටර් 124ක් දිගයි.

ශුක්රාණු වලට තරලයක පීනන්න පුළුවන්. ඒකට තමයි වලිගය තියෙන්නේ. ශුක්රාණුවකට තියෙන්නේ තනියම පවතින්න නම් ඉතාම කෙටි ආයුෂ කාලයක්. ස්ත්රී ශරීරය තුළ උපරිමයෙන් දින 5ක් ජීවත් වෙනවා. ශරීරයෙන් පිට නම් පැය භාගයක් තුළ මිය යනවා. ක්රයෝ ප්රිසවේෂන් නම් ක්රමයෙන් මිනිස් ශුක්රාණු අවුරුදු 24ක් වගේ කාලයක් ජිවීව තියාගෙන තියෙනවා.

පීනන්න පුළුවන් ශුක්රාණු සමහර ගස් වලත් තියෙනවා. පර්ණාංග, Selaginella, පාසි, මඩු  වගේ ශාක වල එහෙම තියෙනවා. හැබැයි මල් පිපෙන ශාකවල ශුක්රාණු වලට සම සෛලවලට පීනන්න බැහැ.

Thanks Nadezhda Moryak for the photo on Pexels


No comments:

Post a Comment