Thursday, August 12, 2021

ජීවන චක්‍රය - ශුක්‍රාණු 2

 














ජීවන චක්‍රය - ශුක්‍රාණු 2 


අපි ඊයේ ශුක්‍රාණු ගැන පොඩ්ඩක් කිව්වා මතකනේ. මිනිස් ශුක්‍රාණුවක තියෙන්නේ වර්ණ දේහ23යි නේ. මේක මෙහෙම වෙන්නේ කොහොමද ? අපේ ඇඟේ අනික් සෛලවල 46යි. ශුක්‍රාණු හා ඩිම්බවල 23යි. මේක වෙන්නේ ශුක්‍රාණු/ ඩිම්බ හැදෙනකොට.  ශුක්‍රාණු හැදෙන්නේ වෘෂණවල ඇති ශුක්‍රාණු මාතෘ සෛලවලින්. ඒ සෛලවල වර්ණ දේහ 46ක් තියෙනවා. ඒවා එක්තරා ක්‍රමයක බෙදීමකට ලක් වෙනවා. ඒ ක්‍රමයට කියනවා. ඌනන විභාජනය (බෙදීම ) කියලා. ඌනනය කියන්නේ අඩුවිමනේ.  අන්න එතැනදී අර වර්ණදේහ ගණන භාගයක් වෙනවා. ඒ කියන්නේ වර්ණදේහ 23ක් ඇති ශුක්‍රාණු හැදෙනවා. 


වෘෂණ ඇතුළේ තියෙනවා ශුක්‍රධර නාලිකා කියල සියුම් නාල වගයක්. ඒවා තුළ තමයි මේ ශුක්‍රාණු හැදෙන්නේ. හැදෙන ඒවා තරල සමග එකතු වෙලා ඔක්කොම එක නලයකට ඇවිත් වෘෂණයෙන් පිටවෙනවා. ඒ නලය මුත්‍රා මාර්ගයට සම්බන්ධ වෙනවා. තව ග්‍රන්ථි කිහිපයකුත් මේ නාල සමග සම්බන්ධ වෙනවා. ඒවායෙන් එකතුවෙන තරලයත් එක්ක අර ශුක්‍රාණුත් එකතු වුණහම ශුක්‍රය (Semen)කියල ලා කහපාට දෙයක් බවට පත් වෙනවා. මේවා තමයි ලිංගික සංසර්ගයකදී හෝ නැතුව හෝ මුත්‍රා මාර්ගයෙන් පිට වෙන්නේ. අර තරයේ ශුක්‍රාණුවේ පෝෂණයට අවශ්‍ය සුක්‍රෝස්,විටමින ආදිය තියෙනවා.  වරකට පිටවෙන ශුක්‍රයේ මිලි ලීටරයක ශුක්‍රාණු මිලියන 40-300 ක් පමණ දක්වා තිබෙනවා. පිරිමියෙක් ලිංගික පරිණතියට ආ දා සිට මිය යන තෙක්ම ශුක්‍රාණු හැදෙන එක වෙනවා. පිරිමි දරුවෙක් උපදින්න කලින් මුල් අවස්ථාවල වෘෂණ තියෙන්නේ දේහය ඇතුළේ. අන්තිම මාස දෙකේදී ක්‍රමයෙන් වෘෂණ වෘෂණ කෝෂ කරා පහත් වෙනවා. නිසි පරිදි ශුක්‍රාණු හැදෙන්න නම් වෘෂණ තියෙන්න ඕන ශරීර උෂ්ණත්වයට වඩා පොඩ්ඩක් අඩු උෂ්ණත්වයක. වෘෂණ කෝෂ තුළට ආවහම ඒ අඩු උෂ්ණත්වය ලැබෙනවා. 


ශුක්‍රධාර නාලිකාවක හරස් කඩ රූපයේ පෙන්වනවා. එහි මැද එකතු වී තියෙන්නේ හැදුණු ශුක්‍රාණු.

Image from internet 

No comments:

Post a Comment