Saturday, July 24, 2021

අමාවක සඳ

 









අමාවක සඳ 


එපා ඔහොම බලන්න,

ඔය ඇස්වල නපුරු බැල්මට 

මං ආස නෑ නෑමයි,

ආදරෙන් හිනාවීගෙන 

ටිකක් අඩවන් කරල,

ඒ ලස්සන දෑස් වලින් 

ඔන්න ඔහොම බලන්න.

ඔව්, බලන විදිය වෙනස් කරන්න.

එතකොට නොතිබේ කියා 

හිතපු දේවලුත් පෙනේවි 

අමාවක දවසටත් 

හඳ අහසේ තිබෙන බව 

අමතක නොකෙරුවොත් 

එදාටත් නැගේවි පෙරඹර අහසේ 

දිළෙන  පුරහඳ අපූරුවට !

Thanks to Alexandra Vozvyshaeva for the image on Unsplas


No comments:

Post a Comment