එළිය විහිදුවන
ජීවීන්
අපි
පොඩි කාලේ සෙල්ලම් ගෙවල්වලට
එළිය ගන්න කලාමදිරියෝ අල්ලලා
බෝතල්වල දාගෙන හිටියා,හැබැයි මැරෙන්නේ නැති වෙන්න. සමහර දාට රෑ
නිදාගන්න ගියහම වහලේ හරි බිත්තියක
උඩ හරි නිවෙන පත්තුවෙන
එළියක් එක තැන දැක්කහම
කොස්සෙන් හරි ඒක පහළට
ගන්නවා. ඒකෙ එළිය පිටකරමින්
ඉන්නේ මකුළුවෙක් දැල් වලින් පටලවා
ගත්ත කලාමදිරියෙක්. ආය කට්ටකින් ඌට
තුවාල වෙන්නේ නැතිවෙන්න මකුළු දැල් ටික අයින්
කරහම ටික වෙලාවකින් ඌ
පියාඹන්න ගන්නවා. එතකොට
හිතට ඇතිවෙන්නේ පුදුම සතුටක්. අර මකුළුවා බඩගින්නේ
විඳින දුක මතක් වෙන්නේ
නැහැ.
සමහර
සතුන්ගේ ශරීරයෙන් , ඇතැම් දිලීර වර්ග වලින් අඳුරේදී
එළිය විහිදෙන්නේ ඇයි කියල ඔබ
හිතුව ද? ඔව්, ඒක
සොබාදහමේ අපූරු දායාදයක්. මේ සංසිද්ධිය ජෛව
සංදීප්තිය (Bioluminiscence)
කියල හඳුන්වනවා. මේක වෙන්නේ ඒ
ජීවීන්ගේ දේහ සෛල වල
සිදුවෙන රසායනික ක්රියාවලියක ප්රතිඵලයක් විදියට. එහෙම කරන්න නම්
ඒ ජීවියාගේ ශරීරයේ ලුසිෆෙරින් කියන රසායනික සංයෝගය
තියෙන්න ඕන. එය ඔක්සිජන්
එක්ක ප්රතික්රියාවෙන් ආලෝකය
නිකුත් කරනවා. මේ සඳහා ලුසිෆරෙස්
එන්සයිමය තියෙන්න ඕන. මේ ප්රතික්රියාව ඒ ඒ සතුන්ට
තම මොළයෙන් පාලනය කරන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට
එළිය පිට කරන්න. ආහාර
සොයා ගන්න , ආරක්ෂාව ඕන වෙලාවට සතුරා
බය කරන්න එහෙම නැත්නම් සහකරුවන්
සොයා ගන්න. මොන වගේ ජීවී
කොට්ඨාශ මේ එළිය පිට
කිරීමේ හැකියාව දරනවා ද ? ගොඩබිම ඉන්න
කළාමැදිරින්, රෑ බදුල්ලන් හා
දිලීර විතරක් නෙවේ හුඟක් ජීවින්,
සාගර වල ඉන්න බැක්ටීරියා,
ඇල්ගී, ජෙලි ෆිෂ්, පණු
වර්ග, ක්රස්ටේසියාවන්, පසඟිල්ලන්,
මාළුන් හා මෝරුන් මේ
අතර ඉන්නවා.
ජෙලි
ෆිෂ් ගේ මේ එළිය
නිපදවීමට අදාල ජාන ඌරෙකුට
බද්ධ කිරීමෙන් ඌරා එළිය පිට
කරන සතෙක් වූ හැටි බලන්න.
දිළිසෙන දිලීර වල එම ජාන
දුම්කොළ ශාක වලට ඇතුල් කිරීමෙන් දිළිසෙන දුම්කොළ ශාක ඇති කර
ඇති හැටි බලන්න. සොබා
දහමේ චමත්කාරයත් මිනිසා තාක්ෂණයෙන් එහි වෙනස්කම් ඇති
කරන හැටිත් පුදුමයි නේද?
Thanks to Elias Maurer for the ohoto on unsplash
No comments:
Post a Comment