Tuesday, July 13, 2021

ප්ලාස්ටික්

 








ප්ලාස්ටික්

 

ප්ලාස්ටික් කියන්නේ මොනවාද ? මේ තනි වචනයෙන් කිව්වට මේක පොදුවේ සංශ්ලේෂිත හා අර්ධ සංස්ලේෂිත ද්රව් ගොඩකට කියන එකක්.  බැලූ බැලූ අත ඔබට ප්ලාස්ටික් පෙනේවි. ඔබේ ඇඳුමේ, ජීවත්වන නිවසේ, ගමන් යන වාහනයේ , දරුවන්ගේ සෙල්ලම් බඩුවල, මේ පාවිච්චි කරන දුරකථන, පරිගණක, වගේ තාක්ෂණික මෙවලම් වල, වෛද් උපකරණවල ප්ලාස්ටික් තියෙනවා. ප්ලාස්ටික් කියන වචනයේ මුලය  තියෙන්නේ ග්රීක plastiko කියන වචනයේ. ඒකෙ තේරුම Mould අච්චුව කියන එක.  ප්ලාස්ටික් ඕනෑම හැඩයකට හදන්න පුළුවන් කියල ඔබ දන්නවනේ.

ප්ලාස්ටික් කියන්නේ කාබනික ද්රව්යයක්, හරියට ලී කඩදාසි , වූල් වගේ. ප්ලාස්ටික් හදන්න අමු ද්රව් විදියට ගන්නේ ස්වභාවික ද්රව්. එනම්, සෙලියුලෝස්, ගල් අඟුරු, ස්වභාවික වායු, ලවණ, බොරතෙල් වගේ දේවල්.

ප්ලාස්ටික් වල තියෙන ලොකුම හොඳ දේත් ලොකුම නරක දේත්  තමයි ඒවා දිරාපත් වෙන්නේ නැති එක. දැන් වාහනයක කොටසක් දිරාපත් නොවෙන එකනේ හොඳ? වුණාට ඒක පරිසරයට කවද හරි බැහැර කළොත් දිරන්න ඕන නේද? ඒත් දිරන්නේ නැහැ, නැත්නම් හුඟ කාලයක් යනවා දිරන්න.

ආහාර අසුරන්න ප්ලාස්ටික් ගැනීම නරකද ?

ආහාර සුරක්ෂිතව, අතපත නොගැවෙන්න, ක්ෂුද් ජීවීන් ඇතුල් නොවෙන්න ප්ලාස්ටික් අසුරණ වලින් අසුරණවා. එය ලාබදායි වගේම සැහැල්ලුයි.

PVC (Poly Vinyl Chloride) කියන ප්ලාස්ටික් වර්ගය දහනය කරහම ඩයොක්සින් කියන ද්රව් වායු ගෝලයට නිදහස් වෙනවා. ඒවා මසුන්  වැනි සතුන්ගේ  දේහතුළට ගිහින් මේදවල තැන්පත් වෙනවා. මේදය සහිත මස් මාළු අනුභවයෙන් මිනිසුන් තුළට ඇතුල් වෙනවා. එය ශරීරයට විවධ අංශ වලින් අහිතකර ද්රව්යක්. නමුත් ආහාර හෝ ජලය ඇසුරුම් මගින් ඩයොක්සින් ශරීරගත වෙන්නේ නැහැ.

ප්ලාස්ටික් වලට එකතු කරන  ද්රව් දෙකක් තියෙනවා.

එකක් තමයි  තැලේට්(Pthaletes) . එය එකතු කරන්නේ ප්ලාස්ටික් මෘදු කිරීමට.  ආහාර අසුරණ වලින් තැලේට් ආහාරයට එකතු වෙන්න පුළුවන්. විවධ රටවල් යොදන තැලේට් වර්ග සඳහා නීති පනවල තියෙනවා. තැලේට් අන්තරාසර්ග පද්ධතියට හානිකර බව හා පිළිකාකාරක බව සතුන් යෙදූ පරීක්ෂණ වලින් සොයාගෙන තියෙනළදරු වා.

අනික් සංයෝගය බිස් ෆීනොල් A (BPA ).  ආහාර ඇසුරුම් වලත්,  කෑන් වල ඇතුල් ආවරණයක් ලෙසත් මෙය යොදනවා.  කෑන් වල ටින් එකේ මළකඩ එකතු නොවෙන්නයි මේ ආවරණය යොදන්නේ. මේ ද්රව් සුළු වශයෙන් ආහාරයට එකතු වෙන්න පුළුවන් වුවත් එය පිළිකාකාරකයක් නෙවේ. ඇමරිකාවේ FDA මේ ගැන සොයා බලා තිබෙනවා.  මහජන අදහස් නිසා නිෂ්පාදකයෝ ස්වේච්ඡාවෙන් ළදරු නිෂ්පාදන වලට මෙය යෙදීම අත්හිටවල තියෙනවා.   යුරෝපීය සංගමය එහෙම කිසිම දෙයකින් BPA ඉවත් කර නැහැ. එයින් හානියක් නැති බව කියනවා.

Thanks to Steinar Engeland for the image on Unsplash


No comments:

Post a Comment