Thursday, July 1, 2021

නිරෝධායන ගල් ගුහාවේ ....















නිරෝධායන ගල් ගුහාවේ ....


යාන වාහන ඇදී යන හඬ 

ඇසේ දෙසවන් සිදුරු කර ගෙන යන 

පින්තූර පාවේ සයිබර් අවකාශය තුළ 

ජනී ජනයා එහේ මෙහේ වීදි බැස යන 


ඒත් මේ නිරෝධායන ගල් ගුහාවේ 

ලෙන්දොර තව තද කරමි මම  

පොඩිම පොඩි වයිරසයකට වත් 

ඇතුළුවන්නට පුංචිම පුංචි නැනෝ සිදුරක් වත් 

ඉතුරු නොකරමින  


පාළුව තනිකම ඉවුරු තලා දෙගොඩ ගලන රෑ කළ 

පහනේ එළිය නිවා දමා ගුලිවී  තවත් අඳුරු සළුවට

මවාගෙන ඔබේ කෝපි  මල් ටිකිරි සිනහව 

අමාරුවෙන් නින්ද හා දොඩමළු වෙමි ටිකින් ටික 


ලෙන් දොර අරින්නට කිසිවිටකත් 

මොහොතකටවත් සිත් නොදෙන

නුඹ මුහුණ දකින්නට අනන්තේ 

එක දිනක් එනකම් පෙරුම් පුරන 


හුස්ම බිඳ රැක ගන්න එතකම් 

හුස්ම අල්ලා වෙහෙස වෙමි මම

දිනෙන් දින ගෙවී එක දිනයක 

ඒ උදා ඉර නැගෙනු ඇත පෙරඹර


© maliniganewatta

Thanks to Luke Stackpoole for the image on Unsplash  

 

No comments:

Post a Comment