Thursday, January 7, 2021

සාහිත්‍ය නිර්මාණකරණය

 









සාහිත් නිර්මාණකරණය

 

පුළුල්ව ගත් කල සාහිත් යනු  ලිඛිතව ඇති දේවල්වල  එකතුවකි. නමුත් පටු අර්ථයෙන් සැලකීමේදී සාහිත් ලෙස අපේ සිත් තුළට ඇතුල් කර ඇත්තේ  කලාත්මක ස්වභාවයෙන් ලියා ඇති නව කතා,කෙටි කතා, ප්රබන්ධ කතා, නාට් හා කවියයි.  මෑත කාලයේ දී  වාචික සාහිත්යත් ඇතුළත් වීමෙන් අර්ථය තවත් පුළුල් වී තිබේ. 

 

කෙසේ නමුත් සාහිත්යයේදී සිදුවන්නේ භාෂා වලින් කරනු ලබන වචන හරඹයකි.  සාහිත් නිර්මාණයක් කිරීමට නම් භෂාව හැසිරවීම ප්රගුණ කළ යුතු වෙයි. ප්රදේශ අනුව ඇති භාෂා ව්යවහාර ගැන දැන ගත යුතු වෙයි. භාෂාව නිවැරදිව භාවිත කරන අයුරු ඉගෙන ගැනීම සැමටම වඩා වැදගත් වෙයි. වත්මන් සිංහල භාෂාව බොහෝ විපර්යාස වලට ලක්වී ඇත්තේය.   නූතන බොහෝ මාධ්‍යන් විසින් කරනු ලබන  අවිචාරවත් භාෂා හැසිරවීම ඉතා ජුගුප්සා ජනක වෙයි. ඒවා නිරන්තරයෙන් අසන පාසල් දරුවෝ   තමා විධිමත් අධ්යාපනයේදී ඉගෙන ගන්නා භාෂාවට වඩා මේ අච්චාරු භාෂා විලාසයන්ට ආසක්ත වෙති.  

 

ඕනෑම සාහිත් නිර්මාණයක් බිහි වන්නේ රටක  සමාජයීය, සංස්කෘතික, ඓතිහාසික, ආර්ථික, දේශපාලනික  ආදී  ප්රස්තුතයන් පසුබිම් කරගෙනය.  එසේ නම් නිර්මාණයක්  කරන තැනැත්තා කාල වකවානුවලට අයත් ඉහත විස්තර කරන ලද පසුබිම් බලවේග ගැනත් අවබෝධ කර ගැනීම ඉතාම අවශ් වේ. නිදසුනක් ලෙස නව කතාවක අප විසින් මෙහෙයවීමට තීරණය කර ගන්නා චරිත, සිද්ධි, හා හැසිරීම් එම බලවේග මගින් හසුරුවනවා විනා අපේ රුචිය අනුව හැසිරවීමට නොහැක්කේය.  

 

අපට සාහිත් නිර්මාණකරණය වැඩි දියුණු කර ගැනීමට අවශ් නම් වඩවඩාත් උසස් සාහිත් කෘති  විශේෂයෙන් උසස් ලෝක සාහිත් දෙසට යොමු වීමත්  විචාර  බුද්ධියෙන් යුතුව ඒවා පරිශීලනය කිරීමත් අනිවාර්ය වෙයි.  එමෙන්ම නිරන්තර අභ්යාසයත් ඉතාම අවශ් වෙයි.

Thanks to Elaine Howlin for this lovely photo on Unsplash


No comments:

Post a Comment