Sunday, January 17, 2021

අනපේක්ෂිත

 










අනපේක්ෂිත

 

අනපේක්ෂිත දවසක

නැවතුණා චක්රය

ගියා දොස්තර ලඟට

පරීක්ෂණක් කෙරුණිය.

 

පොසිටිව් කොලය මත

ප්රශ්න වගයක් ඇසුණිය.

“වයස කීයද ?”

“විස්ස පහුවුණා ගිය මාසේ

 

“කසාද බැඳලා ද?”

“ඔව්, දැන් අවුරුද්දක් වෙනව.”

"මොනවද කරන්නේ ?"

"තාම ඉගෙන ගන්නවා "

 

"සෝදලා දාන්න ඕනද ?"

පිළිතුරු අපේක්ෂිත 

නොඉවසිලිමත් ඇස් දෙක 

පෙනුණා කණ්ණාඩියට යටින් මහ විසාලෙට 


ඇගේ හද ගැහෙන හඬ,

රෝහල පුරාඅවකාශයේ  විසිරී, 

හැමෝටම ඇසෙන්නට ඇතැයි, 

සිතුණා ඒ මොහොතේ ඇයට. 


ඔහුගේ මුහුණ අඳුරු වී, 

කජු ලෙල්ලක් වගේ එය,

හැකිළී ගියා විගහට.

" නෑ සර්  අපි ආවෙ,

 

එහෙම දේකට නෙවේ.

මේ පුංචිම පුංචි පණ  

හොඳින් ගැහෙනව කියල

හරියටම දන ගන්න." 



 

Thanks to Mon Petit Chou for this lovely photo on Unsplash

No comments:

Post a Comment