Thursday, January 7, 2021

හතර බීරි කතාව

 














හතර බීරි කතාව

 

මෙදා සැරේ ප්රසංගයට

මං ගත්තේ ගම දෝණිට

කපුට කියපු පනිවිඩේට

සැමියෙක් එයි අත ගන්නට

 

“තරුණෙක් මට එනව යයි කියා

කපුට කීව මේ තමා එයා

අම්ම අප්ප දෙන්න කැමති නම්

කසාදයට බොහොම කැමති මම්

 

ගෙදර වේදිකාවේ

නැහැ වෙන නළුවො ආවේ

චරිත හතරම මං

තනියෙන් කළා සතුටෙන්   

 

උඩ ගෙදර කමලා

යට ගෙදර පොඩි විමලා

වෙන වැඩ පසෙක ලා

මගෙ නැටුම් බලනට සැරසිලා

 

එක රස ගුලාවකි.

ගෙදරම වේදිකාවකි

වෙනස් කමකුත් නැති

රසිකයින් මා අගයති

 

රමණි ගේ අම්මා

දවසක් ඔළුව දැම්මා

එදා සිට පෙම්මා

එයා ගම දියණියට දැම්මා

 

 

කාලයත් ගෙවුණි

ප්රසංගය ළඟ ලඟ වුණි

රමණිට උණ ගැනුණි

ගම දියණි යළි මා වුණි

 

එදා දින ආවා

මං ඇඳුම අත ගෑවා

ලස්සනයි කීවා

අඳින්නට ලං වුවා

 

උණට ඔසු අරගෙන

රමණි හනිකට දුවගෙන

එතනටම පැමිණ

ඇඳුම් ඇන්දා මගෙ

අතින් ගෙන 

 

මං කවුද නොදනිමි.

ගම දියණි නම් නොම වුණි.

පහළටම විසිවුණි .

ටිකට් අරගෙන නැටුම බැලුවෙමි.


Thanks to Kelly Sikkema for this lovely photo on unsplash.

 


No comments:

Post a Comment