70 දශකයේ දීප ව්‍යාප්ත පාසල් ශිෂ්‍ය පද්‍ය රචනා තරගයකට මා විසින් ලියන ලද කවි පෙළකි මේ. ඒ දිනවල අප රැඳී සිටි ආස්ථානය කුමක් ද යන්න මේ කවි වලින් පිළිඹිබු වේ. එදා පරිසර දුෂණයක් තිබුණේ නැත. අපට පාසලේ දී පරිසරය රැක ගැනීමක් ගැන අවධානය යොමු කරනු ලැබුවේ නැත. කාර්මික විප්ලවයේ අරුණළු අපේ වැනි රටවලට එතෙක් එළඹ තිබුණේද නැත. අපි ඒ වෙනස් කම් කරා අවතීර්ණ වූයේ පසුගාමිවය. අපිත් ඒ මගම යායුතු යයි ද වෙනත් විකල්පයක් නැතැයි ද සිතීමත් සමග බිහිවූ සාහිත්‍ය ද ඒ අනුවම සමාජ ගත විය. කාර්මික විප්ලවයත් සමග අවදි වූ ලෝකය වනාන්තර එළිපෙහෙළි කර වගා බිම් බවට පත් කිරීම දුටුවේ ජයග්‍රහණයක් ලෙසය. කම්හල් අහස උසට ගොඩනැගෙනු සතුටු සිතින් අපි බලා සිටියෙමු. අපි කම්හල්වලින් නැගෙන දුම ජයග්‍රහණයේ සංකේතයක් ලෙස දුටුවෙමු. එදා සාහිත්‍ය මහෝත්සවයේ දී අමරදේවශුරීහු ප්‍රථම වරට 'වැසි වසිනා අහස අපි' ගීතය ගයනා කළේය. අපි මහත් ප්‍රමෝදයෙන් ඒ ගී රාවය අසා සිටියෙමු. ඒ ගීතයේ "අපේ පැතුම් අහසට විහිදී යයි කම්හල් වල දුම් වළලු දිගේ" යන ගේය පද කොටසක් ඇත්තේය. ඒ දුම් වළලුවල විපාක දැන් අපි අත් දකිමින් සිටිමු. වනාන්තර රැක ගැනීමේ සටනක නිරත වීමට අද අපට සිදුවී ඇත. දුම් වළලු නොනැගෙන බල ශක්තියක අවශ්‍යතාවය අද දැඩිව දැනෙමින් තිබේ. අද අපි දේශගුණ විපර්යාසයේ විපාක ඇස්පනාපිට විඳිමින් සිටිමු. ප්‍රථම ලෝක පරිසර දිනය 1974 ජූනි 5දින එක්සත් ජනපදයේදී සමරන ලදී.
කම්කරු
උදානය
පුදා දහඩිය
රුහිරු ජීවය වසර ගණනක්
වෙහෙස දරලා
බදා
ගෙන සැම දනගේ අයිතිය
සිටිය මහ ධන කණු
ද පෙරළා
බෙදා
මුළු රට එක මවගෙ
දරු කැල ලෙසින් සැම
බේද දුරලා
උදානය
අප නගන අද දින
අසව් සැම දෙන දෙකන් හැරලා
එදා
දස අත සිහල ජාතියෙ
බල මහිම ලොව සොල
වලා
සදා
මහ වැව් කුඹුරු ගම්බිම්
නගර මැලිකම් දුර ලලා
පුදා
මව්බිම මුළු හදින් උපහාර
ලෙස දහඩිය සලා
එදා
අපගේ මුතුන් මිත්තෝ රටට ජීවය කැප
කළා
එදා
රට තුළ තිබුණු සම්පත
මිහිරි ජීවන සුවඳ නැති
කොට
බදාගෙන
පිට රටුන්ගේ පුහු සිරිත් මහ
ඉහළින්ම ගරු කොට
සදා
ණය ගැතිවෙලා බත් පත ලබා
ගන්නට පවා ඔවුනට
නිදා
සිටියා සිහල ජාතිය ඉපදිලා
කෑමට ඇඳීමට
සනාතන
සුව පතන අප හට
ලක්මවගෙ සිත එයින් බිඳුණා
සිනා
මල් පිපි ඇගේ වුවනත
කඳුළු දහරින් වැසී තිබුණා
පිනා
ගොස් ඇය අපේ වැඩ
ගැන සිතේ දොම්නස් ගතිය
සිඳුනා
අනාගත
හැම පැතුම් ඉටුවන ලකුණු ඇගෙ හද පතුළෙ
රැඳුණා
සිටිනු
නොහැකිව තවත් ඉවසා දෑ
පෙමින් අප දෙපා නැගුණේ
නැගුණු
පියවර අපේ සිත්වල දෙගිඩියා
අබිබවා ඇදුණේ
ගැයුණු
ගීතය අපේ මුව'ගින්
කණට මී බිඳු ලෙසින්
දැනුණේ
පිදුණු
ලක්මව අපේ ශ්රමයෙන්
අපට සුව සෙත පතනු
ඇසුණේ
නිමක්
නොමැතිව මහත් දිරියෙන් වැඩ
කරන් පෙරමුණට ආවද
නොයෙක්
දෙන අප නුරුස්සා පැමිණිලා
පවසා රොස් පරොස් තද
වරක්
දෙවරක් නොව දහස් වර
අපේ ලේ ටික උරා
බීවද
බියක්
අද නම් නොමැත අප
හට කවුරු අප ඉදිරියට ආවද
වේළු
දෑතේ දෙපයෙ තදකොට යදම් යකඩින් බිඳ දමා
තැලූ
කස පහරවල් නොතකා අවත් කඳුළැල් නෙත්
තෙමා
පෙලූ
අය අප පරදවා පැමිණියෙමු
පෙරටම නෙත්
යොමා
බැලූ
සැම අත පෙනෙන්නේ අප
මැවූ සුබ සිහිනම තමා
ලබා
ගන්නට නොදී අප හට
අපේ අයිතිය සඟවලා
සොබා
දහමේ රහස් කැටිකොට තිබූ
මහ වන පැතිරිලා
අබා
ගජබා විරුන් වාගෙම නොගොස් පසුපස පැකිලිලා
නොබා
තව ඉදිරියට ගොස් අප කපා
කොටලා සුන් කළා
බීත
සෙවණැලි බිඳ දමා නැගි
පැමිණි එළියට මුව විදන්
ඈත සත් සමුදුරුද සහරා
බිම් ද පසුකර දුක්
විඳන්
මෑත
ලෝකය වෙතට ආවෙමු මිහිරි
පැතුමන් පොදි බැඳන්
ගීත
ගයනෙමු හිතේ සතුටට අපේ
ජයබිම තුළ ඉඳන්
කුසට
අහරක් පවා නොලැබුණු නමුත්
කිසි විටකදී හරියට
නෙතට
නින්දක් ලැබු දිනක් නිසි
ලෙසින් බැරිමුත් නැගුම මතකෙට
හිසට
සෙවනක් යටින් ඉන්නට නොලද මුත් වැස්සට
ද අව්වට
සිතට
සැනසුම ලැබෙන තුරු පසු නොබා
ආවෙමු බලා නොම සිට
වතට
විලවුන් නැත ද සුවඳයි
ගලන දහඩිය මතු කරේ
ගත වසන්නට නැත ද සළු
පිළි නිපදවුණු බරණැස් පුරේ
සිතට
අඩුවක් නොමැත කිසිවිට දෑබිමානෙන් සිත පිරේ
ලොවත්
විදු දියුණුවත් සමගින් එකතුවී අත්වැල් ද බැඳ ගෙන
තවත්
දුරට ද අපේ හෙළ
හැදියාව රැක එලෙසම තබා
ගෙන
මහත්
යන්තර සුතුරු නිපැයුම් ඇවැසි නෙක සැම දේ
ලබා ගෙන
අපිත්
නැග්ගෙමු දියුණුවේ හිනිමගේ පඩි එක එක
සාදා ගෙන
කම්හලේ
කන් දෙදරවන හඬ මිහිරි රස
ගීයකැයි සිතුවෙමු
දුම්
වළලු ඉන් නැගෙන අහසට
සුවඳ ඔසුවක් මෙනැයි සිතුවෙමු
නිම්
නැතිව රෑ දවල් දෙකෙහිම
මව් බිමේ සෙත සුවම
පැතුවෙමු
සම්පතින්
පිරි රටක් බිහිකොට අද
දිනෙහි අපි එයින් තුටු වෙමු
ගතේ
සවිබල නැතිව යනතුරු නැගුණු හිරු බසිනා තුරා
සිතේ
දිරියෙන් වැඩෙහි යෙදුණෙමු සුබ පැතුම් හදවත
පුරා
අතේ
කරගැට කොතෙක් නැගුණ ද වේදනා සතුටින්
දරා
නැතේ
නැවතුවෙ කැපුම මාවත ගමන යන
දියුණුව කරා
මහල්
දෙමහල් අහස් කුස තෙක්
විහිද ඇති අද දෙනෙත් හමුවේ
විසල්
මාළිග අපේ දෑතේ වෙහෙසෙනුයි
ලොව එළිය දුටුවේ
සියල්
සම්පත් සදා අනුනට අත
නොපා මුළු ලොවක් හමුවේ
නිමල්
පිරිසක් ලෙසින් නැගුමට තමයි නිතරම සිහින
දුටුවේ
මහා
මාවත් කෙළවරක් නැති රටේ සැමතැන
වැටී විහිදෙන
මහා
පාලම් සදා ඇති ගං
ඉවුරු හරහා ගලා බැස යන
මහා
බලකොටු පවුරු දාගැබ් නැගී ඇති නිල්
අහස සිපගෙන
මහා
සේනා සොයුරු කම්කරු එකතු වී කළ
වැඩයි බැතියෙන
දහස්
ගණනින් අපේ සොයුරන් රටේ
දියුණට වැඩ කරන විට
සහස්
සුවහස් ගණන් සිතුවිලි සුබ
නිමිති ලෙස පෙරට එන
විට
තිදස්
පුරයක් ටිකින් ටික ඔවුන'තින්
මේ බිම මත මැවෙන
විට
පහස්
කුමට ද තවත් සැපතක
මෙවන් දසුනක් නෙත ගැටෙන විට
නිවුම
සඳහා අපේ කුසගිනි සාරවත්
පස ගෙන දිදී
සිවු
දෙසින් මහ සයුර වෙත
කඳු රටින් මතුවී ගෙන ඇදී
ගවු
ගණන් දුර ගලයි නංවා
සිනා පෙනකැටි නිල් නදී
මවු
බිමට හෙළු දහඩියයි අප
ගලන්නේ ඒ නද දිදී
මුතු
සොයා කුමකට ද වෙහෙසී සයුර
රැඳි මුතු අපි වෙමූ
තතු
නොදැන මිණිකැට ද නොසොයනු මිණි
රැඳුණු බිම අපි වෙමූ
උතුරවන
සතුටින් රටම වැසි වසින
අහසත් අපි වෙමු
පතුරවන
ජය කෙහෙළි නාදය මෙලක් දෙරණම
අපි වෙමූ
ළතෙත්
බව නැති ධන පතින්
ළඟ ගියෙන් සැම සැප වැළලිලා
දෙනෙත්
කඳුලැලි පුරාගෙන සිටි දනන් රට
තුළ සැඟවිලා
යළිත්
ගන්නට පෙරමුණට මග සැදිමු ජය
හඬ පතුරලා
තවත්
හෙළයිනි ඉතින් ඔබ නම් සිටිය
යුතු නැත වැලපිලා
සුරු
විරුන් ලෙස යුක්තිය ඉවතට
පයින් පෙරළා දමා
ගරු
කරන හැම විටම යුක්තිය
හමුවෙ පමණක් හිස නමා
හිරු
උදාවන ලොවක් මැව්වෙමු අඳුරු තිර ඉවතට දමා
දරුවනේ
ඔබ බිය නොවව් ඒ
සොඳුරු ලෝකය ඔබෙ තමා
අපෙන්
පසුව ද දරුවනේ මේ
සටන නම් නවතනු එපා
සැපෙන්
ඉන්නට සිතා වැඩෙහිම යෙදෙව්
යොදමින් සැම උපා
නොපෙන්වා
කිසිවෙකුට බිය ගති දියුණුවේ
මාවත කපා
යැපෙන්
සතුටෙන් ජීවිතේ කිසි දිනෙක කෙනෙකුට
අත නොපා
පින්න
වැටිලා පිපුණු මල් ගොමු මිහිරි
රහසක් කියනවා
බොන්න
මල් පැණි පැමිණි බඹරුන් අපට
සෙත් ගී ගයනවා
ඉන්න
හැම කෙනෙකුගෙම හද තුළ පැතුම්
එක්වී රඟනවා
මෙන්න
සිරිකත අපේ මව්බිම වෙතට
පිය මං කරනවා
අපේ
ශක්තිය ශ්රමය කැපවී
නව ඉරක් පෙරදිග නැගේවා
අපේ
දහඩිය කැපවෙලා මෙහි සියළු සැප
සම්පත් සැදේවා
අපේ
පණ වැනි උතුම් මව්බිම
දිනෙන් දින දියුණට නැගේවා
අපේ
ජාතිය නගන ජය හඬ
ඈත සක්වල තෙක් ඇසේවා
සිරි
ලක මැව්වෝ සිරි ලක සැදුවෝ
අපි වෙමු අපි වෙමු
කම්කරුවෝ
හරි
මග සෙව්වෝ මග හෙළි කෙරුවෝ
අපි වෙමු අපි වෙමු
කම්කරුවෝ
ඩහදිය
සැලුවෝ දිවි කැප කෙරුවෝ
අපි වෙමු අපි වෙමු
කම්කරුවෝ
විරුදා
ලැබුවෝ ජය ගොස නැගුවෝ
අපි වෙමු අපි වෙමු කම්කරුවෝ
©2021MaliniGanewatta
No comments:
Post a Comment