සබඳ, කිම මේ මුතු කඳුළු,
ඔබේ නෙත් කෙවෙණි යට?
දැන් අඬන්න එපා දුක්බරව,
ඊයේ දවස මියගොස්ය,
අවසන් කටයුතුද අවසන්ය .
නූපන් හෙට විළි ලායි,
අඳුරේ තිඹිරි ගෙය තුළ,
උපදින්න ඉන්න හෙට ගැන,
කුමට පුරවන්නේද ඔබ හීන මල්,
ඔය තරම් ලොකු පැතුම් මළුවල,
මල් හරි මොළකැටියි,
පරවේවි හරි ඉක්මණට .
මේ තමයි සබඳ ඔබේ හෝරාව,
ජීවත් වෙන්න තියෙන එකම එක මොහොත,
හුස්මක් ගන්න පපුව පුරාම,
හිතන්න සිතුවිල්ලක් හිත පුරාම,
මේ තමයි සබඳ ඒ මොහොත ,
මේ ජීවන විල මත අපි ජීවත්වන.
No comments:
Post a Comment