විදුලිය විසන්ධි විය හදිසියේම
අඳුරෙහි ගිලුණි මුළු අවකාශයම
අඳුරු කුටියේ යහනේ සිට
බැලුවෙමි සීලිම දෙස.
කදෝපැනියෙකි සැරිසරණ
විහිදුවමින් ලාකොළ පාට එළියක්
පියසරය නැවතුනිය ....
ඌ දඟලයි එක තැනක
දල්වා විදුලි පන්දම
බැලුවා කදෝපැනියට මක් වීද
මකුළු දැලක පැටලී ඌ
දඟලයි බේරී යන්නට
ගෙනවිත් කොස්ස
ඌ ගෙන බිමට
ආයා කටුවකින්
නොරිදෙන්න ඌට
බේරා මකුළු දැල්
ගත්තා ඌ අතට
ඇරලා කවුළු දොර
යැව්වා ඌ නිදහස් ලොවට
ඔව්, විදුලිය තිබුණි නම්
නොදකිමි කදෝපැණිය නුඹ
ගිණිකන වැටී විදුලි එළියෙන්
නොදකිමු අපි සැබෑ ලොව.
No comments:
Post a Comment